අසිරිමත් සිරි දලදා පෙරහර මංගල්‍යය
සෙංකඩගල අසිරිමත් දළදා පෙරහැර චිරාගත සම්ප්‍රදානුකූළව නැකැත් මූලික කර ගනිමින් පැවැත්වෙන සංස්කෘතික අංගයකි. නුවර පෙරහැර, සෙංකඩගල පෙරහර, සිරි දළද්‍ා පෙරහැර, මාලිගාවේ පෙරහැර, කන්ද උඩරට පෙරහර, ඇසළ පෙරහර ආදී ලෙස නම් රැසකින් හඳුන්වනු ලබන මෙම පෙරහර දේශීය ජනතාවගේ මෙන්ම විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වූ මෙරට සුවිශේෂී සංස්කෘතික අංගයකි.
කිත්සිරි මෙවන් රජ දවසේ පටන් නූතන අද දක්වාම මෙරට බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙස වන්දනාමානයට පාත්‍ර වන එක් සුවිශේෂි ස්ථානයක් ලෙස දන්තධාතුන් වහන්සේ වැඩවෙසෙන ශ්‍රී දළදා මාලිගාව සැලකෙයි. සිංහල ජාතියෙත්, බෞද්ධ ආගමේත් උත්තරීතර සංකේතය වන්නේද දන්තධාතුන් වහන්සේ වැඩවෙසෙන මෙකී පුණ්‍ය භූමියයි. මෙවර පළමු කුඹල් පෙරහර අගෝස්තු මස 10 දින ආරම්භ වී 14 වන දිනය දක්වා වීදී සංචාරය කරන අතර, 15වනදා සිට රන්දෝලී පෙරහර ආරම්භ වී 19 වනදා දක්වා වීදි සංචාරය කෙරේ. අවසන් මහ රන්දෝලි පෙරහර 19 දින පැවැත්වෙන අතර, අගොස්තු මස 20 දින දහවල් පෙරහර පැවැත්වේ.
- දේවාල පෙරහර
දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් නියම කරනු ලබන සුභ මොහොතින් කප් සිටුවීමෙන් පෙරහර මංගල්‍යය ආරම්භ වේ. ඉන් පසු දේවාල පෙරහර ආරම්භ වේ. සතර දේවාලයේ කපුවන් දේවාලයට අයත් රන් ආයුධ, කප වටා වැඩම කරවන කුඩ, කොඩි, සේසත්, දවුල්, හොරණෑ සහිත පෙරහැර දේවාල පෙරහර නමින් හඳුන්වයි. මේ සඳහා අලි ඇතුන් මෙන්ම ශීල්පීන් වස්ත්‍රාභරණයෙන් සැරසීමක් සිදු නොව අතර, දේවාල රාජකාරි සිදු කරනු ලබන ඇඳුම් වලින් සැරසෙයි. මෙහි තවත් සුවිශේෂි කරුණක් වන්නේ මීට බැතිමතුන් සහභාගි කර නොගැනීමයි. දින පහක් පුරා මෙම දේවාල පෙරහර පැවැත්වේ.
- කුඹල් පෙරහර
දේවාල පෙරහර පවත්වා පස් වන දිනයේ සිට දේවාලයන්හී බස්නායක නිලමේවරුන් ඇතුළු නිලධාරීන් රන්සිවි ගෙයක රන් ආයුධ හිඳුවා එම රන්සිවි ගෙය ඇතෙකු පිට තබා පෙරහරෙන් පැමිණේ. එසේ පැමිණ දේව සංහිදේ දී දළද්‍ර කරඬුව සහිත රන්සිවි ගෙය වැඩමවන මාලිගාවේ ඇතා ප්‍රමුඛ පෙරහර පෙරටු කරගෙන දින පහක් වීදී සංචාරය කරනු ලබයි. මෙම පෙරහර කුඹල් පෙරහර නමින් හඳුන්වයි.
- රන්දෝලි පෙරහර
කුඹල් පෙරහර පුරා දින පහක් පැවැත්වීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර වීදී බැසීම සිදු කරයි. සතර දේවලායන් හී දේවාභරණ වැඩමවන වාහන (රන්දෝලි) කුඹල් පෙරහැරේ පස්වන දිනයේදී පෙරහැරේ අවසානයට එක් කරනු ලබයි. මෙයද දළදා පෙරහරේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකි මෙම පෙහැරේ හේවිසිකරුවන්, හොරණෑකරුවන්, නැට්ටුවන්, අලි ඇතුන් ආදියෙන් ප්‍රමාණාත්මකව කුඹල් පෙරහරට වඩා විශාල වන අතර, විචිත්‍රවත් භාවයෙන්ද අනුන වේ. අවසන් දින දෙකෙහි මෙම පෙරහර ඉතාමත් අලංකාර ලෙස පවත්වනු ලබන අතර, රන්දෝලි පෙරහැර ලෙස මෙය හඳුවන්වනු ලබන අතර, රන්දෝලි පෙරහරේ පස්වන දිනය හෙවත් අවසන් දිනය මහා රන්දෝලි පවත්වනු ලබයි.
පෙරහර ආරම්භ වන්නේ දියවඩන නිලමේතුමා නිසි ලෙස අවසරය ලබාදීමෙන් අනතුරුවය. දළඳා පෙරහර භාරව කටයුතු කරනු ලබන කාරිය කරවන කෝරාළ, ගජනායක නිලමේ, කපුරාලවරු, ගම් දහයේ විදානවරු, කම්කානම් රාල, මොහොට්ටාල, වට්ටෝරු රාල යන අය පෙරහර ආයිතම්වලින් සැරසී දියවඩන නිලමේතුමා හමුවීමට දියවඩන නිලමේතුමාගේ කාර්යාලයට පැමිණේ. දළඳා තේවාව භාර සියලුම නිලධාරීන් දියවඩන නිලමේතුමාගේ අවසරය හා ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව දියවඩන නිලමේතුමා පෙරමුණේ රාල හට “ලේකම්මිටිය”ද ගජනායක නිලමේ වෙත “රන් අංකුසය”ද පිරිනමනු ලබයි.
සෑම දිනකම පෙරහැර පිටත්වීමට පෙර වෙඩි මුර තුනක් තබන අතර, පළමු වෙඩි මුරය නිකුත්වීමත් සමග සිව් මහා දේවාලවල පෙළ ගැසී සිටින සියලුම පෙරහර ශිල්පීන් සහ අලි ඇතුන් නියමිත පිළිවෙළට පැමිණ මාලිගාවේ පෙරහර සමග එක් වේ. දෙවැනි වෙඩි මුරය නිකුත් වන්නේ පළමු වැන්න නිකුත් වී සුළු වේලාවකින් පසුව වන අතර, එයින් අදහස් කරනු ලබනුයේ සාධාතුක කරඬුව ඇතුපිට රන්හිලිගෙයි තැන්පත් කළ බවය. තුන්වැනි වෙඩි මුරය නිකුත් වන්නේ රන්හිලිගේ සහිත මංගල හස්ති රාජයා දළඳා පෙරහරට එකතු වීමෙන් අනතුරුව පෙරහැර ආරම්භ කරන ලද බව දැනුම් දීම සඳහාය.
- ඇත් රජු පිට වඩම්මන දළදා වහන්සේ
දළදා කරඩුව වැඩම කරවීම සඳහා යොදා ගන්නේ ඇත් රජෙකි. එම ඇතාට හත්වැදුම්පොළ පිහිටා තිබිය යුතුය. හත්වැදුම්පොළ යනු පා සතර, හොඬය, ලිංගය සහ වලිගය යන අංග හත භූමිය ස්පර්ශ වන අන්දමින් පිහිටා තිබීමය. එපමණක් නොව පුළුල් කුම්භස්ථලයක් සේම එකිනෙක ස්පර්ශ වන දළ යුගලයක් තිබිය යුතු වෙනවා. මාලිගාවේ සිටි රාජා ඇතා, නැදුන්ගමුවේ රාජා, මිල්ලන්ගොඩ රාජා, ඉන්දි රාජා, කතරගම වාසනා ඇතා, හෙයියන්තුඩුවේ රාජා, වෑවලදෙණියේ රාජා වැනි ඇතුන් දළදා කරඬුව වැඩම්මවීමට තරම් වාසනාවන්ත වු ඇත් පන්තිය අතර සිටි ඇතුන් කීපදෙනෙකි. ඔවුන්ගෙන් වැඩි ඇතුන් ප්‍රමාණයක් මේ වනවිට මිය ගොස් තිබේ. මේ වනවිට මෙරට සිටින්නේ හීලෑ අලි ඇතුන් 96ක් පමණී. එම අලි ඇතුන් අතරින් මෙවන් පෙරහර මංගල්‍යයකට එක්කොට ගැනීමට හැකියාව ඇත්තේ අලි ඇතුන් 80ක් පමණක් බව පැවැසේ.
- ශාන් හුලංනුගේ
Leave a comment