අලුත්ම වැඩේ දෙසැම්බර් බලන්න පුළුවන්

 

ඇය ටෙලි නාට්‍ය ගණනාවකට නිෂ්පාදන දායකත්වය ලබා දුන්නාය. සෑම විටම න`ඵ කාර්ය පමණක් ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණියත් හොඳ නිර්මාණයක් බිහිවීම පිටුපස විශාල පිරිසක් සිටිති. එය සාමූහික කලාවක් වන්නේ ඒ නිසාය. නිෂ්පාදකයා යනු එයින් තවත් ප්‍රධානම දායකයෙකි. ඒ අතර භාර්යාවෝ, ගඟ අද්දර, කොළඹ ඉතාලිය, වැනි ජනප්‍රිය නිර්මාණ රැසක ඇය නිෂ්පාදිකාව ලෙස කටයුතු කර තිබේ. නමින් සුදර්මා නෙත්තිකුමාර වන ඇය ඉදිරියේදී කලාවට ඇයගෙන් සිදුවන දායකත්වය සහ බලාපොරොත්තු ගැන සඳහන් කළේ මෙලෙසය

“මේ වන විට මම ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට දායකත්වය ලබාදීලා තියෙනවා. නිෂ්පාදකයෙක් විදියට විතරක් නොවෙයි උත්සව සංවිධායකවරියක් විදියටත් වැඩකටයුතු කරගෙන යනවා. ඉදිරි දවස්වලදී වායෝ බෑන්ඩ් එකත් එක්ක එකතුවෙලා ලොකු වැඩක් කරන්න සූදානම්. දෙසැම්බර් මාසයේ අන්තිම දවසේ ලොකු වැඩක් බලාපොරොත්තු වෙන්න පු`ඵවන්. සංගීත සංදර්ශන දෙකක වැඩ කටයුතු නිසා ඉතාමත් කාර්යබහුලය.

මම නිෂ්පාදන සහය ලබාදුන් ටෙලි නාට්‍ය අතුරින් කොළඹ ඉතාලියට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුණා. ශිවගුරුනාදන් මහතාගේ නිර්මාණයක් වූ මේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයින්ට දිගු කාලයක් පුරාවට බලන්න හැකියාව ලැබුණා. ඒක අයි.ටී.එන් එකේ ටෙලි නාට්‍ය අතරින් අංක එකේ ටෙලි නාට්‍යය බවට පත්වුණා. ඉදිරියේදීත් ඔහු සමග එකතු වී තවත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

දැන් කාලේ බිහිවෙන හුඟක් නිර්මාණ හුඟක් මෙගා රැල්ලට යන ඒවා. ඒක නතර කරන්න බැහැ. මොකද චැනල්වලින් වුණත් හොයන්නේ විශිෂ්ට ගණයේ නිර්මාණවලට වඩා ජනප්‍රිය රැල්ලට යන නිර්මාණ. ඒකට දේශපාලනයත් මැදිහත්වෙලා. ප්‍රේක්ෂකයින් වුණත් වැඩිදෙනෙක් බලාපොරොත්තු වෙන්නෙත් එවැනි නිර්මාණ. නමුත් විශිෂ්ට නිර්මාණවලට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂකයෝ සිටිනවා. ඒ නිසාම මට ලොකු සිහිනයක් තිබෙනවා ජනප්‍රිය නිර්මාණවලට වගේම ඉදිරියේදී විශිෂ්ට ගණයේ නිර්මාණයකට දායක වෙන්න. එයින් මම බලාපොරොත්තු වන්නේ ජනප්‍රියත්වය නොවෙයි. ආනන්ද අබේනායක වැනි චරිතයක් සමග එවැනි සාර්ථක නිර්මාණයක් කිරීමට මගේ ලොකු ආසාවක් තිබෙනවා.


නයනා උදයංගනී


 

උතුරෙ කඨින පුණ්‍ය මහොත්සවය Read Previous

උතුරෙ කඨින පුණ්‍ය මහොත්සවය

උතුරෙ කඨින පුණ්‍ය මහොත්සවය Read Next

උතුරෙ කඨින පුණ්‍ය මහොත්සවය

Realted Post

Leave a comment