ආපසු එනවා මගේ සිත ඉබි ගමනින්.....කියූ ප්‍රියා ජීවිත ගමනට සමුදෙයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රවීණ ගායන ශිල්පී පියාසූරිය සේන මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු අභාවප්‍රාප්ත වන විට 80වන වියෙහි පසුවූ අතර, ප්‍රියා සූරියසේන මෙරට ගායන ක්ෂේත්‍රයට සදා නොමියෙන හඬක් ඉතිරි කළ ක්ෂේත්‍රයේ ජනප්‍රියතම ගායකයෙක් විය. එමෙන්ම ඔහුගේ මිහිරි හඬින් ගායනය කළ ගීත ගණනාවක් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ සදා සුරැකිව ඇත.
ඈත රන්විමන්, ආදරණීය නේරංජනා, මට වාසනා,සුදු පරෙවි රෑන, හෙට දවස, වැනි ජනප්‍රිය ගීත අතරින් වඩාත් ජනාදරයට පත්වන ඔහු තම සංගීත ගමන ආරම්භකර ඇත්තේ සමූහ ගායන කණ්ඩායමක් හරහාය. පසුව ඔහු තනි ගායකයකු ලෙස ක්ෂේත්‍රයට පිවිසෙමින් තමන්ගේ උපරිම දක්ෂතාවයන් පෙන්නන්නට විය. 
සංගීත ලොවට මිහිරි මතක එක්කල කලාකරුවාණෙනි ඔබට අපි නිවන් සුව පතමු.

ජනතාවට රජයෙන් ඉටුවිය  යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප වෙන්න   - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය Read Previous

ජනතාවට රජයෙන් ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප වෙන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මේ සතිය ඔබට කොහොමද?  දෙසැම්බර් 30 සඳුදා සිට  ජනවාරි 05 ඉරිදා දක්වා Read Next

මේ සතිය ඔබට කොහොමද? දෙසැම්බර් 30 සඳුදා සිට ජනවාරි 05 ඉරිදා දක්වා

Realted Post

Leave a comment