කම්බිලි ලියපු පත්තරකාරයා - නිදුක් මදුෂික

පුවත්පත් කලාවේදියෙක් ලෙස මාධ්‍ය ජීවිතය අරඹන නිදුක් මදුෂික මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන “කම්බිලි” චිත්‍රපටයේ තිර රචකයා ලෙසද අපට  මුණ ගැසෙයි. ඔහු මේ දක්වා මේ ගමන ආවේ අපි කතාවට කියන්නාක් මෙන් රෝස මල් ඇතිරූ පලසක් මතින් නොවන බව ඔහු ගැන දන්නෝ හොදින්ම දනිති. පුවත්පත ,ගුවන්විදුලිය, රූපවාහිනිය මෙන්ම අද වන විට සිනමාවද ජය ගන්නට නිදුක් නමැති  මේ උද්යෝගිමත් තරුණයාට  හැකියාව ලැබී ඇත. 

  • ඔබේ වැඩ කීපයක්ම මේ දිනවල අපට දැක ගන්න ලැබෙනවා. අපි එතනින් කතාව පටන් ගමු.?

පත්තරේ වැඩ කරන අතරතුර මට ගුවන්විදුලි නාට්‍ය රචනා කරන්න අවස්ථාව ලැබෙනවා, ඒවා  ජනප්‍රිය ම ගුවන් විදුලි නාට්‍ය බවට පත්වෙනවා. ඒ දේවල් එක්ක  තමයි “ධරණි” ටෙලි නාට්‍යය රචනා කිරීමට  අවස්ථාව ලැබෙන්නේ. එය අවසන් වූවායින් පසුව මේ දිනවල  විකාශය වන  “සැලෙනා නුවන්” සහ “ප්‍රාර්ථනා” ටෙලි නාට්‍ය මම රචනා කරමින් සිටිනවා.

  • ‘කම්බිලි’ කියන එකේ තේරුම මොකද්ද?

කම්බිලි කියලා දෙවි කෙනෙක් සිටිනවා. ඒ දෙවියා යක්ෂයෙක් විදියටත් සමහරුන්ගේ පිළිගැනීමක් තියෙනවා. තවත් පිරිසක්  හොඳ දෙවි කෙනෙක් විදියටත් පිළිගන්නවා. මිනිසුන්ගේ වුණත් මේ ගති ලක්ෂණ තියනවා කෙනෙක්ට හොඳම කෙනා තව කෙනෙකුට නරකම කෙනා වෙන්න පුළුවන්. එකිනෙකා ඉදිරියේ හැම කෙනෙක්ම කරමින් ඉන්නේ රංගනයක්. කම්බිලි චිත්‍රපටිය ඇතුළෙදිත් අපට පේන රූපයට වඩා ඇතුළේ වෙන ස්වරූපයකින් ඉන්න  චරිත ගැන පෙන්වා දෙනවා. 

  • පත්තර කාරයෙක් විදියට ගමන පටන් අරගෙන අද වන විට ඔබ සිනමා තිර රචකයෙක් බවට පත්වී සිටිනවා. ආපසු හැරිලා බලද්දි මේ ගමන ගැන මොකද හිතන්නේ?

ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. මම නුවර ඉඳන් කොළඹ ආපු කෙනෙක්. අද මම ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි. මට ඕන වුණේ රහට ලියන්නෙක් වෙන්න. ඒක ඇත්තටම උණක්. එක එක මාධ්‍යවලින් මාරු වෙවී ලියද්දී, මං මටම හීන හදාගත්තා. පත්තරේ වැඩ කරන කාලෙත් මට තිබුණු ලොකුම හීනය සිනමාව. අද ඒක ජයගන්න ලැබීම ගැන සතුටුයි.. මේ දිනවලත් මම අලුත් තිර පිටපතක් රචනා කරමින් ඉන්නේ. ඊට අමතරව නවකතාවකුත් රචනා කරනවා.

  • අමිල චින්තක ගමගේ 

කැරම් ලෝක කුසලානයට යන ලංකාවෙ ජාතික කැරම් කණ්ඩායම Read Previous

කැරම් ලෝක කුසලානයට යන ලංකාවෙ ජාතික කැරම් කණ්ඩායම

සිංහබාහු චිත්‍රපටයේ චරිතයට  මම හරි ආසයි - Radin Randiv Read Next

සිංහබාහු චිත්‍රපටයේ චරිතයට මම හරි ආසයි - Radin Randiv

Realted Post

Leave a comment