රජකමත් දළදා වහන්සේත් අතර පැවති සම්බන්ධය

ශ්‍රී ලංකාව රාජධානියක් බවට පත් වූයේ විජය රජුගේ පැමිණීමත් සමඟයි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ බෞද්ධ රාජ්‍යයක් බවට පත් විය. 

පසුව රජකම ලබා ගැනීමට එක් සුදුසුකමක් වූයේ දළදා වහන්සේගේ අයිතිය ලබා ගැනීමයි. 

එහිදී ඔහු ධාර්මික රජෙකු වශයෙන් ජනතාව පිළිගනිති.

දසරාජ ධර්මයෙන් රට පාලනය කරමින් දළඳා වහන්සේ තම භාරයේ තබා ගැනීමෙන් කලට වේලාවට වැසි ලැබීමත් ඒ හේතුවෙන් ගොවිතැන් කටයුතු සරු සාර වීමත් සිදුවේ. නිසි කාලයේදී වැසි නොලැබුණහොත් නියඟය ඇති වී කෙත්වතු පාළුවට යයි. 

එපමණක් නොව සතා සිවුපාවන් පවා මැරී යනු ඇත.

දසරාජ ධර්මයෙන් පාලනය කරන රජකෙනෙකුට පවා එවන් ස්වභාවික විපත්වලින් රටවැසියන් බේරා ගැනීමට හැකියාවක් පවතින්නේ නැහැ. 

එවන් අවස්ථාවල දෙවි දේවතාවන් සතුටු කර වැසි ලබා ගැනීමට හැකි දළඳා වහන්සේ සතුව ඇති රජකෙනකු පත් කර ගත යුතුයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පැවතුණි.

එවන් විශ්වාසයක් පැවතීමට හේතු වූයේ විසාලා මහ නුවරට පැමිණි දුර්භික්ෂයේදී බොහෝ දෙනෙක් මිය ගිය අතර ලෙඩ රෝග ව්‍යාප්ත විය. බුදුන් වහන්සේගේ වැඩමවීමත් සමඟම මහා වර්ෂාවක් ඇදහැලී මළකඳන් ආදිය ගසා ගෙන ගොස් මුළු ජනපදයම පිරිසිදු වී නැවතත් සමෘද්ධිමත් ජීවිතයක් ගතකිරීමට ජනතාවට හැකි විය. 

බුදුන් වහන්සේට වැසි වස්සන්ට පුළුවන් නම් දළදා වහන්සේටත් වැසි වස්සන්ට පුළුවන් කියන විශ්වාසය ජනතාව අතර පැතිරී ගියේ ඒ ආකාරයෙනුයි. දළදා වහන්සේ අත්පත් කරගන්නේ කවුරුන්ද ඔහු රජු වශයෙන් පිළිගත්තේ එම නිසාය. 

මෙවන් කරුණු නිසා රජකුට දළදා වහන්සේ තරම් වටිනා උතුම් වස්තුවක් තිබුණේ නැත. පසුව දළදා වහන්සේ රාජ්‍ය ලාංඡුනය බවට පත් විය. 

වත්මන් රාජ්‍ය නායකයන් පවා තම පත්වීම ලැබ ගැනීමෙන් පසු පළමුවෙන්ම දළදා වහන්සේ බැහැ දැකීමට යන්නේ ඒ නිසයි. එපමණක්ද නොවේ සමහර රාජ්‍ය නායකයන් ප්‍රථම වතාවට ජනතාව අමතන්න තෝරා ගන්නේද දළදා වහන්සේගේ සෙවණෙහි පිහිටි පත්තිරිප්පුවේ සිටයි. 

ලොව වටා රස මුසු තැන් සොයා යන චාරිකාව   Sirikatha Online | Aruma Pudum Read Previous

ලොව වටා රස මුසු තැන් සොයා යන චාරිකාව Sirikatha Online | Aruma Pudum

පෘථිවියට එහා මිනිස් වාසයක් ගැන තොරතුරු Read Next

පෘථිවියට එහා මිනිස් වාසයක් ගැන තොරතුරු

Realted Post

Leave a comment