සුදත් රෝහණගෙන් ඛේත සබැඳිය සහිත කෘති පෙළක් !

සුදත් රෝහණගෙන් ඛේත සබැඳිය සහිත කෘති පෙළක් !

ප්‍රවීණ  චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණවේදී සුදත් රෝහණ විසින් කලකට පෙර ටෙලිනාට්‍යයන්  ලෙසින් රූපවාහිනීයට රචනා කල , හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචිත මුදියන්සේ මාමා , සිසිලියාට පාඩමක් , උපාසකම්මා සහ මව යන විකුම්සිහ කතන්දර සිව් කෙටි කතා පෙළ , රූපවාහිනී තිර රචනා ග්‍රන්ථයන් ලෙස සිංහල සාහිත්‍යය වංශයට එක්කරලීම , එළැඹෙන සැප්තැම්බර් 25 වන බදාදා  දින සවස 3.00 ට , කොළඹ 07 , පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇත . මෙහි ඇති සුවිශේෂත්වය වනුයේ ක්ෂණික ප්‍රතිචාර ඛේත සබැඳිය සහිත ප්‍රථම කෘතීන් පෙළ මෙය වීමයි.  තිර රචනා කෘතියෙහි එන ක්ෂණික ප්‍රතිචාර සහිත ඛේත සබැඳිය පරිලෝකනය කිරීමෙන්( Scanning the QR cord ) ඒ, ඒ තිර රචනා මතින් නිර්මිත ටෙලි නාට්‍ය රසවිදීමට හැකිවන අතර ,එය ශ්‍රී ලාංකේය පාඨක රසිකයාට පෙර නොවූ විරූ වින්දන අත් දැකීමක් මෙන්ම , ලෝ වාසී පාඨක ජනකැළට ද ආගන්තුක අත් දැකීමක් වනු ඇත .සාහිත්‍යය කෘතියක් තිර රචනයට නැංවෙන අන්දමද , එය කෙමෙන් සිනමා කෘතියක් ලෙසට රූපාන්තරණය වන අන්දමද මෙම කෘතීන් පෙළ මගින් මනා ලෙස විචිත්‍රවත් කර ඇත . මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය මගින් නිර්මිත  මෙම කෘතීන් පෙළ සරස ප්‍රකාශන ප්‍රයත්නයකි. 

  • ඇන්ටන් ජේ.ප්‍රනාන්දු .

රටවල් රැසකින් අගමැතිනියට සුභ පැතුම්! Read Previous

රටවල් රැසකින් අගමැතිනියට සුභ පැතුම්!

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක් Read Next

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක්

Realted Post

Leave a comment