IPL හෙට ඇරඹේ....
IPL හෙට ඇරඹේ....
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය හෙට (මාර්තු 22) ආරම්භ වීමට නියමිතයි. මාර්තු 22 සිට මැයි 25 දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතයි.
18 වැනි IPL තරඟාවලිය වන මෙය නම්කොට ඇත්තේ TATA IPL 2025 ලෙසයි. කණ්ඩායම් 10 කගේ සහභාගිත්වයෙන් ක්‍රීඩාංගණ 13 කදී තරඟ 74 ක් පැවැත්වීමට මෙම තරගාවලිය තුළ කටයුතු සූදානම් කොට ඇත.
පසුගිය තරඟාවලියේ ශූරතාවය Kolkata Knight Riders කණ්ඩායම දිනා ගත් අතර මෙවර තරඟාවලියේ ආරම්භක හා අවසාන තරඟ කොල්කටා ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තරඟාවලිය සහභාගි වන කණ්ඩායම් වන්නේ, Chennai Super Kings, Kolkata Knight Riders, Punjab Kings, Rajasthan Royals, Royal Challengers Bengaluru, Delhi Capitals , Gujrat Titans, Lucknow Super Giants, Mumbai Indians සහ Sunrisers Hyderabad ය.
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් 07 දෙනෙකු ද මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව දකුණත් පන්දු යවන්නෙකු වන මතීෂ පතිරණ Chennai Super King කණ්ඩායම යටතේද, වේග පන්දු යවන්නෙකු වන එෂාන් මාලිංග Sunrisers Hyderabad කණ්ඩායම යටතේද, දඟ පන්දු යවන්නන් වන වනිඳු හසරංග හා මහේෂ් තීක්ෂණ Rajasthan Royals කණ්ඩායම යටතේද, නුවන් තුෂාර Royal Challengers Bengaluru කණ්ඩායම යටතේද, දුෂ්මන්ත චමීර Delhi Capitals කණ්ඩායම යටතේ මෙවර IPL තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.
2025 IPL තරඟාවලියේ පළමු තරඟය පසුගිය තරඟාවලියේ ශූරතාවය දිනා ගත් Kolkata Knight Riders කණ්ඩායම හා Royal Challengers Bengaluru කණ්ඩායම අතර මාර්තු 22 එනම් හෙට දින කොල්කටා හිදී පැවැත්වෙන අතර අවසාන මහා තරඟය මැයි 25 වනදා කොල්කටා හීදී පවැත්වීමට නියමිතයි.
සටහන - සුහංසි වීරසිංහ
Leave a comment