ඌව රංග කලා සම්ප‍්‍රදාය
උඩරට,පහතරට හා සබරගමු යනුවෙන් දේශීය නර්තන සම්ප‍්‍රදායන් තුනකි. මෙකී නර්තන සම්ප‍්‍රදා අතරින් සබරගමු නර්තන සම්ප‍්‍රදායට අයත් ශෛලීන් සතරක් පවතින බව ජනප‍්‍රිය මතයයි. එම ශෛලීන් රත්නපුර, කලවාන, බළන්ගොඩ හා ඌව වේ. සබරගමු නර්තන සම්ප‍්‍රදායට අයත් රත්නපුර, කලවාන හා බළන්ගොඩ යන නර්තන ශෛලීන් පිළිබඳ අධ්‍යයන රාශියක් සිදුව පැවතිය ද ඌවේ පැවතියා වූ හා ඌවේ පවතින්නාවූ නර්තන රංග කලාව පිළිබඳ මෙතෙක් නිසි අධ්‍යයනයක් සිදුව නො මැත. එය ලාංකේය නර්තන කලාව සම්බන්ධයෙන් විශාල රික්තකයක් බව සදහන් කල හැක. මක් නිසාදයත් ඌව, සබරගමු නර්තනයේ ශෛලීයක් ලෙස ප‍්‍රකට ව පැවතිය ද ඓතිහාසික මූලාශ‍්‍රය අධ්‍යයනයේ දී සබරගමුවේ නර්තන රංග කලාවක් ව්‍යප්ත වීමට ප‍්‍රථම ඌවේ නර්තන රංග කලාවක් පැවති බවට සාහිත්‍ය හා පුරාවිද්‍යා මූලාශ‍්‍ර මගින් තොරතුරු ලැබෙන බැවිණි.
එම හේතුවෙන් මෙම කෘතිය මගින් ඌව හා සබරගමුවේ ඓතිහාසික පසුබිම , ඌව හා සබරගමු නර්තනයේ ඓතිහාසික පසුබිම, භරතමුණිගේ නාට්‍යශාස්ත‍්‍රයේ අන්තර්ගත නියම මූලාශ‍්‍රව ඌවේ නර්තන රංග කලාව ගොඩනැගී ඇති අයුරු , රජ මාලිගා දේවාල මගින් ඌවේ පැවති නර්තන රංග කලාව පෝෂණය වූ අයුරු, ඌවේ පැවති ස්ත‍්‍රී පුර්ෂ නර්තන රංග හා වාදන, එම නර්තන රංග සදහා භාවිත වූ රංගවස්ත‍්‍රාභරණ, කාව්‍යනාටය ක‍්‍රම හා එ්වායේ ආකෘති ලක්ෂණ, ඌවේ නර්තන රංගන හා චලන බිහිවීමට බලපෑ සමාජ ආර්ථික දේශපාලන පසුබිම, අනෙක් සම්ප‍්‍රදායන්හි දක්නට නොලැබෙන ඌවට පමණක් ආවේණික වූ නර්තන හා එම නර්තන ඉදිරිපත් කිරීමට මූලික වූ හේතු පිළිබඳ සාකච්ඡුා කෙරේ.
මෙරට දේශීය නර්තන රංග කලාවන් ප‍්‍රවර්ධනය කිරීමට, මෙම නර්තන කලාවන් ලොවට ගෙනයාමට නම් මෙම නර්තන කලාවන් පිළිබඳ විද්‍යාත්මක ව අධ්‍යයන කළ යුතුය. ශාන්තිකර්ම බිහිවූයේ ඇයි? එ්වාට නර්තන රංගන ඉදිරිපත් කලේ ඇයි ? එම නර්තන රංගන මගින් කියවෙන්නාවූ අදහස් මොනවා ද ? මෙම නර්තන රංගන පසුපස ඇති සමාජ දේශපාලනය කුමක් ද? මෙම නර්තන රංගනයන්හී ඇතුළත් ආකෘතික ලක්ෂණ කවරේ ද ? යන්න නිසි අයුරින් හදුනා ගැනීමෙන් ලක්දිව නර්තන පිළිබඳ නවමු වූ දිශානතියක් ඔස්සේ අධ්‍යයන කිරීමට අවකාශ සැලසේ.
ඌවේ පැවති හා අද්‍යතනයේ ඌවේ ශේෂව ඇති නර්තන රංග කලාව පිළිබඳ සිදු කරන ලද විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් මෙම කෘතියෙන් ඉදිරිපත් වේ. දේශීය නර්තන කලාවට නවමු වූ දැනුම් පද්ධතියක් එකතු කිරීම මෙම කෘතියේ ප‍්‍රධාන අරමුණ විය.
මෙම කෘතිය මෙම මස 12 එළිදකී.
ප‍්‍රකාශනය: විදර්ශන ප‍්‍රකාශන.
පිට කවර නිමැයුම : දිනිදු සිරිවර්ධන
රමිත් චන්ද්‍රසේකර
Leave a comment