කාන්තා හඬට නායකත්වයක් රැගෙන ’’ තේජා ’’ තිරයට පිවිසෙයි.

මෙවර සමරණ ලෝක කාන්තා දිනයට සමගාමීව , නිලන්ත හපන්වීර තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය  කළ " තේජා " චිත්‍රපටය  එළැඹෙන මාර්තු මස 07 වන දින සිට දිවයින පුරා සිනමා ශාලාවන් හී තිරගත වීමට නියමිතව ඇත . සම්මානනීය ප්‍රවීණ  රංගනවේදිනී නීටා ප්‍රනාන්දු අභියෝගාත්මක රංගනයක නිරත වන " තේජා" , නීටා ප්‍රනාන්දු ගේ හැටපස් වසරක සිනමා දිවිය සමරමින් තිරගත වීමද විශේෂිත වේ .සූරා කෑමට ලක් වූ කාන්තා කම්කරුවන් විසින් මෙහෙයවන ලද  1982 - 1985  වියරු අරගලය මෙම සිනමා නිර්මාණයට වස්තු බීජය වී ඇත . එම කාල වකවානුවෙ දී නිදහස් වෙළඳ කලාපීය ඇඟලුම් කම්හල් තුල ක්‍රියාත්මක කරන ලද ප්‍රීඩාකාරි කළමණාකරණ උපක්‍රම , මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මෙන්ම දුක්ඛිත සේවා කොන්දේසි හා සමාජ අසාධාරණයට එරෙහිව තම සහෝදර සේවක කම්කරු සොයුරියන් වෙනුවෙන් අභීතව නැගී සිට සටන් කර , සේවක අයිතීන් දිනා ගැනීමට වෙර දැරූ ඇඟළුම් කම්හල් සේවිකාවක ගේ ජීවන අන්දරයයි " තේජා "  .මෙහිදී , කම්කරු අරගලය නැවැත්වීමට පාළක පක්ෂය ගන්නා මැර උත්සාහයත් , එම අභියෝගයන් හමුවේ තම අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා තේජා ඇතුළු කන්ඩායම දරණ ප්‍රයත්නය මෙතුලින් පෙන්වා දී ඇත .මෙහි තේජා ලෙස රංගනයෙන් එක්වන නීටා ප්‍රනාන්දු ට අමතරව , මහේන්ද්‍ර පෙරේරා , අනුරුද්ධිකා පාදුක්කගේ , චමිලා පීරිස් , අයිරාංගනී සේරසිංහ , සුජානි මේනකා , අතුල පතිරණ , ශ්‍රීමාල් වෙඩිසිංහ ඇතුළු ප්‍රවීණයන් රැසක් රංගනයෙන් දායකව ඇත . කැමරා අධ්‍යක්ෂණයෙන් කාවින්ද රණවීර , සංස්කරණයෙන් ස්ටැන්ලි ද අල්විස් , සහය අධ්‍යක්ෂණයෙන් චන්දන ඉරුගල්බණ්ඩාර , කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම , නිෂ්පාදන කළමනාකරණයෙන් සරත් වීරසේකර , සංගීත අධ්‍යක්ෂණයෙන් නවරත්න ගමගේ , ගීත රචනයෙන් වසන්ත කුමාර කොබවක සහ ගීත ගායනයෙන් උමාලි තිලකරත්න එක්වී ඇති " තේජා" නීටා ප්‍රනාන්දු ,සුරංග ද අල්විස් හා මහීල් ආර් .පෙරේරා එක්ව නිෂ්පාදනය කර ඇත . මෙය සංගීතා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකී.

  • ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

ආදරේ ෆෝන් එකට ගිහින් Read Previous

ආදරේ ෆෝන් එකට ගිහින්

SIRIKATHA FASHION Read Next

SIRIKATHA FASHION

Realted Post

Leave a comment