නව වර්ණයක් සොයා ගනියි...

වොෂින්ටන් සහ කැලිෆෝනියා විද්‍යාඥයින් පවසන්නේ සම්පූර්ණයෙන්ම ස්වභාවික මිනිස් පරාසයෙන් ඔබ්බට  නව වර්ණයක් සොයාගෙන ඇති බවයි.

මෙම වර්ණය සඳහා ඕලෝ යන නම ලබා දී ඇති බවද වාර්තා වෙයි. 


මෙම නව වර්ණය සොයා ගැනීම සිදුකරන ලද්දේ සෛලයෙන් සෛලයට ආලෝකයේ බෙදා හැරීම මගින් ඇසෙහි සංජානනය ඍජුව පාලනය කරනු ලබන Oz නම් තාක්ෂණය භාවිත කරමිනි. 

දැනට පවතින පරිදි මෙම නව වර්ණය දැක ඇත්තේ පස්දෙනකු පමණක් වන අතර වෙනත් කිසිදු වර්ණයක් එයට නොගැලපෙන  බව බර්ක්ලීහි දී  කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෙන් එන්ග් මහතා පෙන්වා දෙන ලදී.

මෙම අධ්‍යනයට සහභාගී වූ මහාචාර්ය එන්ජී සහ අනෙකුත් පර්යේෂකයන් මෙම නව සොයා ගැනීම් වර්ණ අන්ධතාවය පිළිබඳව තවදුරටත් පර්යේ ෂණ සිදු කිරීම සඳහා ඉඩ සලසන  බව විශ්වාස කරයි.

එමෙන්ම වර්ණ අන්ධතාවය පවතින පුද්ගලයින් මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳවත් මේ වන විට සොයා බැලීම් සිදු කරයි.


සටහන : විශ්වනී හසලා

’’ගවුමට සපත්තු දාන්න අවශ්‍ය නැහැ... personal Style එක තේරෙන්නේ නැති නිසයි එහෙම කරන්නේ...’’  Rachel Raj ව්‍යාපාරයේ  නිර්මාතෘ සරීටා රාජේන්ද්‍රන් Read Previous

’’ගවුමට සපත්තු දාන්න අවශ්‍ය නැහැ... personal Style එක තේරෙන්නේ නැති නිසයි එහෙම කරන්නේ...’’ Rachel Raj ව්‍යාපාරයේ නිර්මාතෘ සරීටා රාජේන්ද්‍රන්

සිරි දළදා නමාමී Read Next

සිරි දළදා නමාමී

Realted Post

Leave a comment