ලංකාව ම හැඩ කරන කවුද මේ රොබරෝසියා?

ලංකාව ම හැඩ කරන කවුද මේ රොබරෝසියා? 

මේ දිනවල වසන්තයේ හැඩ තව තවත් වැඩි කරමින් පරිසරයම රෝස පැහැ ගන්වමින් ඉන්න රොබරෝසියා කියන්නේ කවුද? 


රොබරෝසියා යන ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් නොවේ. මෙහි නිජබිම් ලෙස බෙලීසය, කොලොම්බියාව, කොස්ටරිකාව, එල් සැල්වෙදා්රය, ගුවැඩෙලෝපය, හොන්ඩුරාසය, මෙක්සිකෝව, නිකරගුවාව, පැනමාව සහ වෙනිසියුලාව යන දකුණු අමෙරිකානු රටවල් දැක්විය හැකියි. සරලවම රොබරෝසියා කියන්නේ ශ්‍රී ලංකාව හැඩ කරන්න ආ අමුත්තෙක් ලෙස හැඳින්විය හැකියි.  ශ්‍රී ලංකාවේ රොබරෝසියා කියා හඳුන්වන මෙම ශාකය Rosy trumpet tree හා Pink Poui යන නම් වලින් ද හඳුන්වයි. මෙම ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Tabebuia rosea යන්නයි.Roble, May flower හා Apamate යන වාණිජ නම් වලින්ද මෙම ශාකය හඳුන්වනු ලබයි.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දැකගත හැකි මෙම ශාකය වියළි කාලගුණයක් ඇති මුහුදුබඩ ප්‍රදේශවල එතරම් හොඳින් වර්ධනය නොවේ. ඒ හැරුණ විට ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක මෙම ශාකය දැක ගත ඇත. අවුරුදු 50 ක  පමණ ආයු කාලයකට හිමිකම් කියන මෙම ශාකය වර්ධන අවධියේ මුල් වසර 3 තුළ මීටර් 9 ක පමණ උසක් දක්වා වැඩෙයි.  මධ්‍යම ප්‍රමාණයේ පතනශීලී ශාකයක් වන මෙය වර්ධනය අවසානයේදී මීටර් 30 ක පමණ උසකට වැඩෙයි. මෙම ශාකය හැඩ කරන, මෙම ශාකය ඇති විශේෂම අංගය වන්නේ, මෙහි ගන්නා මලයි. ශ්‍රී ලංකාව තුළ රොබරෝසියා මළ ලෙස හඳුන්වන මෙම මල සෙන්ටිමීටර් 8 ක පමණ විශාලත්වයකින් යුතු වන අතර මෘදු රෝස දම් පැහැයකින් සමන්විතයි. එම ශාකය සාරවත්ව වර්ධනය වීමට වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1250 - 2500 ත් අතර ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 - 27 අතර අවශ්‍ය වෙයි. ගැඹුරු සාරවත් පසක් තිබීමද මෙම ශාකය වර්ධනය වීමට අත්‍යවශ්‍යම සාධකයකි.

වර්ෂාව ලැබීමත් සමග නව රිකිළි හටගෙන දළුලන මෙම ශාකය මාස 2 - 3 අතර කාලයක් දළුළයි. මෙම දළුලෑම සමගම ශාකයේ අතුවල අග්‍රස්ථයේ රොබරෝසියා මල් පොහොට්ටු හට ගනී. අනතුරුව එළඹෙන වියළි කාලයේදී ශාකයේ සියලුම පත්‍ර හැලී යන අතර රොබරෝසියා මල් පෙතිවිදහා මෙම ශාකය රෝස පැහැයෙන් වසා ගනී. මෙම ශාකයේ මල් පිපීම පත්‍ර රහිත අතුවල සිදුවේ. මුලින්ම ශාකය ඉහළ කොටසේ පත්‍ර පතනය වීම සිදුවන අතර ක්‍රම ක්‍රමයෙන් එය පහළ කොටසට ව්‍යාප්ත වේ.

සැල්වදෝරයේ ජාතික වෘක්ෂය වන මෙය එම රටේ Maquilíshuat ලෙස හදුන්වයි. මෙම ශාකය දැවමය වටිනාකමකින් යුක්ත වන ශාකයක් වන අතර මෙම ශාකයේ දැව ඕක් ගසේ දැවවලට සමාන වන බව කියැවේ. මෙම ශාකය ඖෂධමය ගුණයකින්ද සමන්විත ශාකයකි.  රොබරෝසියා ගසේ පොත්ත  බඩවැල් වල පරපෝෂිතයන්, මැලේරියාව සහ ගර්භාෂ පිළිකා තුරන් කිරීම සඳහා පරිභෝජනය කරයි. රක්තහීනතාවය සහ මලබද්ධය සඳහා ද රොබරෝසියා ශාකයේ පොත්තෙන් සාදන ලද කසාය නිර්දේශ කෙරේ. 

මේ දිනවල ශ්‍රී ලංකාව පුරාම වසන්තයේ පණිවිඩය රැගෙන දසතම රෝස පහේ නහවමින් මලින් පිරී සිටින රොබරෝසියා ශාකය ඔබට සුලභව දැක ගත හැකි දසුනකි.


සටහන - සුහංසි වීරසිංහ

තමන් වෙන්න. ඒ තුල රැදීමක් ස්තාවරයක් හැදෙනවා. සිරිකත කතාව විත් අශ් සමඟ රූපලාවණ්‍ය ශිල්පී දනංජය හදුන්ගොඩ   කතාව විත් අශ් | රූපලාවණ්‍ය ශිල්පී දනංජය හඳුන්ගොඩ Read Previous

තමන් වෙන්න. ඒ තුල රැදීමක් ස්තාවරයක් හැදෙනවා. සිරිකත කතාව විත් අශ් සමඟ රූපලාවණ්‍ය ශිල්පී දනංජය හදුන්ගොඩ කතාව විත් අශ් | රූපලාවණ්‍ය ශිල්පී දනංජය හඳුන්ගොඩ

ජනශ්‍රැතිය හොයන්නත් කියන්නත් ඔහු හරි දක්ෂයෙක්... Read Next

ජනශ්‍රැතිය හොයන්නත් කියන්නත් ඔහු හරි දක්ෂයෙක්...

Realted Post

Leave a comment