වෘත්තීය අධ්‍යාපනය ආර්ථිකයට සෘජුවම දායක වන පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි. - අගමැති ආචාර්ය හරිනි අමරසූරිය.

වෘත්තීය අධ්‍යාපනය, ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක් බැවින් පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි  ගෞරවනීය තෝරාගැනීමක් විය යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ  නව රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යධූරයට පත්කෙරුණු නලින් හේවගේ මහතා නාරාහේන්පිට පිහිටි නිපුණතා පියසේදී සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

අධ්‍යාපනය වත්මන් රජයේ ප්‍රමුඛ විෂයයක්, අධ්‍යාපන, උසස් අධයාපන, වෘත්තීය අධ්‍යාපන ලෙස සැලකුවාට මේ විෂයයන් තුනම එකට යා යුතු සමස්ථ අධ්‍යාපනයේම කොටස් තුනක්.   විශේෂයෙන් වෘත්තීය අධ්‍යාපනය පිලිබඳව අපේ රජය විශේෂ අවධානයක් යොමු කරනවා. අපේ රටේ සම්ප්‍රදායිකව වෘත්තීය අධ්‍යාපනය දෙස බලන්නේ අනිත් දේවල් කරන්න බැරි ඉතුරු වෙන ළමයින්ට යන්න තියන තැනක් ලෙසයි. ඒ ආකල්පය අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි.  වෘත්තීය අධ්‍යාපනය විශේෂයෙන් ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක්. පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි  ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි. 

ජනතාව අපේ ප්‍රතිපත්ති කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න නම් ආයතනික ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අවශ්‍යය බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ,

අපි ඔක්කොම නිදහස් අධ්‍යාපනයේ දරුවෝ, ඒ නිසා  රජයේ නිලධාරීන්ගේ සේවය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය අපි ලබා දෙනවා. ඔබත් ඔබේ සේවාව මේ රජය වෙනුවෙන්  සමාජය වෙනුවෙන්  ලබා දෙන්න. අපිට විශාල වගකීමක් පැවරී තිබෙනවා ඒ වෙනුවෙන් සහය ලබා දෙන ලෙස මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පැවසීය.

මෙම අවස්ථාවට නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න,  අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් නාලක කළුවැව යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා අගමැතිවරිය හමුවෙයි Read Previous

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා අගමැතිවරිය හමුවෙයි

මේ සතිය ඔබට කොහොම ද?   - දෙසැම්බර් 02 සඳුදා සිට දෙසැම්බර් 08ඉරිදා දක්වා Read Next

මේ සතිය ඔබට කොහොම ද? - දෙසැම්බර් 02 සඳුදා සිට දෙසැම්බර් 08ඉරිදා දක්වා

Realted Post

Leave a comment