ශ්‍රී ලංකා ලංකා කතෝලික රදගුරු සමුළුවේ නත්තල් පණිවුඩය

  නත්තල යනු ලෝක ඉතිහාසයේ සිදුවූ ශ්‍රේෂ්ඨතම සිද්ධිය  සැමරීමකි. එනම් අපගේ සමිඳානන්ද   ගැලවුම්කරුවානන්ද  වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සැමරීමයි. ජේසුන් වහන්සේගේ උපත තුළ දෙවියන් වහන්සේ අප සමග

වාසය කිරීමටත් අප අතර උන්වහන්සේගේ නිවස්නය තැනීමටත් වැඩම කළේය යන මවිතය දනවන සුළු කාරණය අපි නත්තලේදී සිහිපත් කරමු. එය දෙවියන් වහන්සේ මිනිස් සංහතියට කෙතරම් ගැඹුරින් ප්‍රේම කළ සේක්ද යන්න පිළිබඳ ජීවමාන සලකුණකි. , දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්   ස්වකීය එකම සහජාතක පුත්‍රයාණන්  පවා  ලොවට දේවා වදාළ සේක,   (ජොහන්3 :16 )සමස්ත මිනිස් සංහතිය සමඟ බෙදා ගැනීමට කිතුනුවන් ලෙස අප කැඳවා තිබෙන මහා ප්‍රීතිමත් සුභ ආරංචිය මෙයයි.

             රුදුරු දරිද්‍රතාවයේ සහ සරල භවයේ පරිසරයක් තුළ ගවහාලක සිදුවූ උන්වහන්සේගේ උපත මගින් ගවහලෙන් ගලා එන පණිවිඩය  අනුකරණය කිරීමට ජේසුන් වහන්සේ අප සැම දෙනාටම අභියෝග කරන සේක. ඒ සරල ජීවිතයක්  ගතකිරීමට  සහ දුප්පතුන් පිළිබඳව සැමවිටෙකම  සිහිකල්පනාවෙන් සිටීමටත්  අප සමාජයේ පවතින විවිධාකාර මානව අවශ්‍යතාවලට සහ දුක් පීඩාවන්ට සංවේදී වීමටත්ය. දරිද්‍රතාවය පිළිබඳ ගැටළුව සමනය කළ හැක්කේ සාධාරණ ආර්ථික ව්‍යුහයක් නිර්මාණය කිරීම මගින් පමණකි. අප දේශය තුළ මෙම පරිසරය නිර්මාණය කිරීම සඳහා සැම පුද්ගලයෙකුගේම අවංක කැපවීම අවශ්‍යය. අප රට නිදහස් සහ සාධාරණ මැතිවරණ සමයක් අත්විඳ ඇති අතර දූෂණයෙන් සහ අසාධාරණත්වයෙන් තොර යහපත් දේශපාලන සංස්කෘතිය කරුණ උදාවුනු දැකීමේ බලාපොරොත්තුවක් ජනතාව තුළ ඇත.

         නත්තල ප්‍රීතිමත් කාලයක් වුවත් එය හුදු බාහිර උත්සවයක් බවට පත්කර නොගැනීමට  අප පරිස්සම් විය යුතු වෙමු. සැබෑ නත්තලේ සහ  ඇතුලාන්ත ප්‍රීතිය පැමිණෙන්නේ සිත්හැරීමකින්  සහ අපගේ ජීවිතයේ  ස්වාමියානන් සහ ගැලවුම්කරුවාණන් ලෙස ජේසුස් වහන්සේව පිළිගැනීමෙනිග නත්තලේ  බාහිර උත්සවාකාරයට වඩා එහි අධ්‍යාත්මිකත්වය වෙත  අපගේ අවධානය යොමු කිරීම අවශ්‍යය.

               බලාපොරොත්තුවේ නියෝජිතයකු වීමටද නත්තල අපට ඇරයුම් කරයි. අප ජේසුන් වහන්සේගේ උපත සිහිපත් කරද්දී ජේසුන් වහන්සේ අප වෙත බලාපොරොත්තුව ගෙන එන උත්ථාන වූ ගැලවුම්කරුවානන්ද වන්නේය  යන්න පිළිබඳ  අපගේ  දැනුම්වත් බව තුල නැවත අලුත් වෙමු අප සමිදාණන් වහන්සේ සමඟ පියවර මැනීමේදී අපි බලාපොරොත්තුව තුළ පියමනිමු.  බලාපොරොත්තු තබා සිටීම යනු වඩා යහපත් අනාගතයක් අපේක්ෂා කිරීම සහ එය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් ඉටුවන බව විශ්වාස කිරීමයි.

          ජේසුස් වහන්සේගේ උපත මිහි මත සෑම පුද්ගලයෙකුගේම  ජීවිත ගරුත්වයට අප සතු ගෞරවය  අලුත් කර ගැනීමට අප සැමදෙනාටම කෙරෙන ඇරියුමකිග මේ සදාකාලිකව පවතින සාමය සඳහා ශක්තිමත් පදනමක් දැමීම සඳහා වන එකම මාර්ගයයි.

           ලෝකයෙහි විශේෂයෙන්ම  ගාසා තීරයේ  සහ යුක්රේනයේ වටිනා මිනිස් ජීවිත නොසලකා හැරීම පත්ව ඇති කම්පනය ගෙන දෙන  මට්ටම පිළිබඳව ද  සිහි තබා ගනිමු මෙම අර්බුද විසඳා ගැනීමට සහ එවැනි ප්‍රදේශයන්හි සාමය සහ ස්ථාවරත්වය   ගොඩනැගීමට අලුත උපන් ජේසු බිලිදුන් ආනුභාවයන් ගෙන දේවා.

           මෙම නත්තල ප්‍රේමයේ ප්‍රීතියේ සහ සාමයේ  උණුසුමින් සැම දෙනාගේම හදවත් පුරවත්වා යි  අපි යාඥා කරමු. ක්‍රිස්තුන් වහන්සේගේ ආලෝකය ඉදිරි දිනවල සැනසීම සහ සුරක්ෂිත භාවය ගෙන එමින් අප ජීවිත තුළ දීප්තිමත්ව බැබලේවා.

අපගේ සැදැහැවතුන්ට සහ සියලු සුසිත් ජනයාට ආශිර්වාදයට නත්තලක් වේවාය ි අපි ප්‍රාර්ථනා කරමු

අදත් ගලන  සුනාමියේ  කඳුළු   -               මුහුද ගොඩ ගලා දහස් ගණන් ජීවිත අහිමි වී වසර 20 ක් Read Previous

අදත් ගලන සුනාමියේ කඳුළු - මුහුද ගොඩ ගලා දහස් ගණන් ජීවිත අහිමි වී වසර 20 ක්

ශ්‍රී ලංකා  ලංකා කතෝලික රදගුරු සමුළුවේ නත්තල් පණිවුඩය Read Next

ශ්‍රී ලංකා ලංකා කතෝලික රදගුරු සමුළුවේ නත්තල් පණිවුඩය

Realted Post

Leave a comment