හත්සියයක් නව යොවුන් හඬ මාධූර්‍ය සමගින් ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලය ඉදිරිපත් කරන ස්වර | SWARA LIVE IN CONCERT පෙබරවාරි 15 දා කොළඹ මියුසියස් ශාලාවේදී

පෙරදිග සාම්ප්‍රදායික ගීත කලාවේ ආභාෂයන් රැක ගන්නා අතරම, නූතනත්වය හා එක් කොට එය ගෝලීය සංගීත කලාවේ රසාස්වාදනීය අංගයක් බවට පත් කිරීමට ගන්නා උත්සාහයක් ලෙස ස්වර | SWARA LIVE IN CONCERT හැදින්විය හැක.

ලයිසියම් ජාත්‍යන්තරය පාසල් ජාලයේ නිර්මාතෘ ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ සංකල්පයකට අනුව, පෙරදිග සංගීත අංශ ප්‍රධානී විශාරද දිලුම් නිරංජ මහතා ගේ මග පෙන්වීමෙන්, නුගේගොඩ, පානදුර, වත්තල, ගම්පහ, රත්නපුර, නුවරඑළිය, අනුරාධපුර හා කුරුණෑගල පාසල් සිසු සිසුවියන් 729 දෙනෙකු මෙම ප්‍රසංගය සඳහා එම පාසල් සංගීත අංශ වල මෙහෙයවීමෙන් මේ සඳහා නිර්මාණාත්මක දායකත්වය ලබා දේ.

ජාත්‍යන්තර පාසලක් ලෙස අපේ කලාවේ හරයන් නූතන පරම්පරාවට රසවිදින්නට මෙය අවස්ථාවක් බවත්, ඒ තුළින් බිහි වෙන නව පරම්පරාවේ රිද්මයන් සියැසින් දැකගන්නට ස්වර වේදිකාවක් වනු ඇතැයි ස්වර | SWARA LIVE IN CONCERT ප්‍රධානී ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ සම්බන්ධීකරණ (උපදේශන) විදුහල්පතිනි ආචාර්ය කුමාරි ග්‍රේරු මහත්මිය ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලාංකේය නූතන පරම්පරාවේ පෙරදිග සංගීත කලාවේ අපූර්වතම සන්ධ්‍යාවක් බවට පත් කෙරෙන ස්වර | SWARA LIVE IN CONCERT ප්‍රසංගය සඳහා මෙරට සිටින විදෙස් රාජ්‍යතාන්ත්‍රික සේවයේ සංස්කෘතික ප්‍රධානීන්, ප්‍රවීණ කලාකරුවන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, පාසල් ප්‍රධානීන් ද එක්වීමට නියමිතය.

ස්වර ප්‍රසංගයේ, ප්‍රධාන අනුග්‍රාහක ලෙස ECU Campus,Sri Lanka ( ඊ.සී.යූ කැම්පස්) කටයුතු කරන අතර නිල මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස විජය පුවත්පත් සමාගමත්, තොරතුරු හා මෘදුකාංග සහකරු ලෙස සූස් ටෙක්නොලොජිස් මෙන්ම ජායාරූප හා වීඩියෝ සහකරු ලෙස ඩ්‍රීම්ටීම් මීඩියා කටයුතු කරයි.

එන්සීජී එක්ස්ප්‍රස්, ග්‍රීන් එනර්ජි සෙසු සම අනුග්‍රාහකත්වය ලබා දෙන අතර, බුක් ස්ටූඩියෝ, ජකෝබි ලංකා, හෙරකල් හෝල්ඩින්ග්ස්, මකීන් පොත් සමාගම, ලයිසියම් ඇසෙස්මන්ට්, එම්.ඊ.පී සොලියුෂන්ස්, ලයිසියම් කැම්පස් විශේෂ අනුග්‍රාහකත්වය ස්වර සදහා ලබා දේ.

කාන්තා හඬට නායකත්වයක් රැගෙන  ’’ තේජා ’’ තිරයට පිවිසෙයි. Read Previous

කාන්තා හඬට නායකත්වයක් රැගෙන ’’ තේජා ’’ තිරයට පිවිසෙයි.

සිරිකත - කැලණි නදී   අවුරුදු කුමරා සහ කුමරිය 2025 Read Next

සිරිකත - කැලණි නදී අවුරුදු කුමරා සහ කුමරිය 2025

Realted Post

Leave a comment