හිරු STAR SEASON 4 අවසන් මහා රාත්‍රියට සියල්ල සූදානම්....

ශ්‍රී ලාංකීය රියැලිටි ටෙලිවිෂන් ඉතිහාසය නැවත ලියමින් නවතම නිර්මාණයන් බිහි කරනු ලබන හිරු ටීවී මාධ්‍යය ජාලය 2025 වසර වෙනුවෙන් ප්‍රථම වරට හිරු KIDS STAR නමින් ළමා ගායන දක්ෂයින්වද අභිෂේක ගැන්වීමට සූදානම්ව සිටී. ඊට සමගාමීව ජනකාන්ත සිනමා ටෙලි සහ ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසකගේ දායකත්වයෙන් හැඩවෙන හිරු මෙගා ස්ටාර් සීසන් 3 (MEGA STAR SEASON 3) වින්දනීය රියැලිටි වැඩසටහන දියත් වීමටද සියල්ල සූදානමින් ඇත.
එමෙන්ම මෙරට ප්‍රථම සජීවී ගායන රියැලිටි තුළ සියල්ල උසස් කළ සිව්වන විප්ලවය නමින් මෙතෙක් පැවති හිරු STAR SEASON 04 තරගාවලියේ අවසන් මහා තරග රාත්‍රිය කලාකරුවෝ, විද්වතුන් සහ හිරු ස්ටාලෝලී මහජනතාවගෙන් සපිරුණු සුවිසල් ප්‍රේක්ෂාගාරයක් අභියස අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානමින් ඇත. 

  • නයනා උදයංගනී

නිරූපණයට කැමැති ගිටාර් වාදකයා -  shaky keyron Read Previous

නිරූපණයට කැමැති ගිටාර් වාදකයා - shaky keyron

නිදහසේ අභිමානය Read Next

නිදහසේ අභිමානය

Realted Post

Leave a comment