මේ සතිය ඔබට - නොවැම්බර් 25 සඳුදා සිට දෙසැම්බර් 01 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත,
බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

25 සඳුදා - පෙ:ව: 07. 34 සිට පෙ:ව: 09. 04දක්වා
26 අඟහරුවාදා - ප:ව: 03 .04 සිට ප:ව: 04. 34 දක්වා
27 බදාදා - පෙ:ව: 12- 05 සිට ප:ව: 01. 35 දක්වා
28 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 35 සිට ප:ව: 03. 05 දක්වා
29 සිකුරාදා - පෙ:ව: 10. 36 සිට දහවල්: 12. 06 දක්වා
30 සෙනසුරාදා - පෙ:ව: 09. 06සිට පෙ:ව: 10. 36 දක්වා
01 ඉරිදා - ප:ව: 04.37 සිට ප:ව: 06- 07 දක්වා
  • මේෂ - සෙම් හා ලේ උෂ්ණවීම්

ඔබට මෙම සතිය එතරම් සුබදායී නොවන අතර තමාට හෝ අඹු දරු ආදී පවුලේ කෙනෙකුට හෝ අසනීපයක් පීඩාවක් ඇතිවිය හැකිය. උසස් අයගෙන් ස්වාමියන්ගෙන් කරදර ඇති වේ. දුක් කනගාටු හිරිහැර ඇතිකළ හැකියි. ලේ දෝෂ, අධික රුධිර ධාවනය,සෙම් හා ලේ උෂ්ණවීම්, උණ ආදී ආබාධ සහ අර්ශස් ආබාධ පැන නැගීමට පුළුවන.  කෘෂිකාර්මික කටයුතුවලට වෙළඳාම, බ්‍රෝකර් කටයුතු මැණික් හා ඛනිජ සම්පත් ව්‍යාපාර ආදියෙහි නියැළෙන්නන්ට මේ සතිය යහපත් වන අතර ඔවුනට යම් යම් ලාභ ප්‍රයෝජනද සැලසේ.

  • වෘෂභ - හිතුවක්කාර නොවන්න

ඔබට මේ සතියේ අවසන් දින 4 ක් තුළ අනාගත යහපත උදෙසා කිසියම් ශුභඵලදායී බවක් ගොඩනැගුණත් අත්තනෝමතික හිතුවක්කාරී ක්‍රියා නිසා විවිධ අලාභ පාඩු සිදුවීමටත් ඉඩ ඇත. මේ නිසා සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන් විමසිල්ලෙන් ක්‍රියා කරන්න. පසුගිය දිනවල බලපෑ ව්‍යාපාරික ප්‍රශ්න, රාජකාරි ගැටලු බඳු ප්‍රශ්න දේපළ ආරවුල් යනාදිය මේ සතියේ විසඳෙයි. විශේෂයෙන් ඔබට මෙම සතියේදී ආදර සබඳතා හා විවාහ යෝජනා ආදියට සම්බන්ධ අරමුණු සැලසුම් පහසුවෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකිවන්නේය.

  • මිථුන - අපේක්ෂාවක් සාර්ථක වෙයි

මෙය ඔබට වරින් වර අවිනිශ්චිතතාවයෙන් අන්‍යයන් සමග කටයුතු කිරීමට සිදුවන සතියකි. නවීන ක්‍රමයකට අනුව ගේදොර මෙන්ම ව්‍යාපාරික ස්ථානයද අලුත්වැඩියා කිරීමටත්, අලංකාර කිරීමටත් සිත් ගෙනදෙයි. අධ්‍යාපන හා රැකියා කටයුතුවල යම් යම් වෙනස්කම් සිදුවෙයි. විදෙස්ගතව අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාවේ නියුතු වීමට අපේක්ෂා කළ අයගේ අපේක්ෂා සාර්ථක වනු ඇත. අන්‍යයන් ඔබගේ අදහස් වඩාත් හොඳින් තේරුම් නොගැනීම මත කලකිරීම් ද  ගෙනදෙනු ඇත.

  • කටක - සැලකිලිමත්වීම ඉතා හොඳයි

ඔබට මේ සතිය සුබ අසුබ මිශ්‍ර පල ගෙනදෙයි. අවසන් දින 3 ශුභඵලදායී අයුරින් ගතවේ. ඔබට මේ සතියේදී තම ජීවිතයේ නව වෙනසක් පෙරළියක් අමුත්තක් වෙනුවෙන් ක්‍රියාකිරීමේ සිත් පහළ වේ. ආදායම් තත්ත්වය හොඳ වුවත් වියදමේ පාලනයක් නොමැතිබැවින් ලැබෙන මුදල් අනවශ්‍ය ලෙස වියදම් වී යයි. හදිසි අනතුරුවලට තිබෙන ප්‍රවණතාව අධික බැවින් සැලකිලිමත්වීම ඉතා හොඳයි.

  • සිංහ - වෙහෙස ගතියක් දැනේ

ඔබට මෙම සතිය තුළ අභියෝග මැඬගෙන අලාභහානි අවමකරගෙන කටයුතූ කළහැකි වුවත්, යම් යම් අය සමගද වාද භේද පැන නගී. ශරීර පීඩාද ඇති වෙයි. ඥාතීන් හෝ මිත්‍රයින් සමග ආරවුල් මතුවිය හැකිය. නපුරු ගතිද පහළ වේ. වාද විවාද නුසුදුසුයි. කරදර මධ්‍යයේ සැපක්ද ලැබේ. බොරු චෝදනාවලට හසු වේ. වැඩකරුවන් සමගද උසස් අය සමගද ආරවුල් ඇති විය හැකිය. අඹු දරුවන්ටද අසනීප ඇතිකරයි. ඇතැම් බලාපොරොත්තු කඩ වේ. සතියපුරා ශරීර මහන්සිය හෝ වෙහෙස ගතියක් දැනේ.

  • කන්‍යා - නිලයකට නම යෝජනා වෙයි

මේ සතියේදී ඉතා විවෘතව අවංකව අන්‍යයන්ට ඇප උපකාර කරමින් පරිත්‍යාගශීලීව කටයුතු කරන්නේය. එසේම තම ඥාති හිතවතුන්ගේ දියුණුව වෙනුවෙන් ද කැපවී ක්‍රියා කරන සතියක්ද වේ. එවැනි කරුණු නිසා තම පෞද්ගලික කටයුතු බොහොමයක් අතපසු වී යයි. රැකියා කටයුතු කරන ස්ථානයේ සුවපහසු පරිසරයක් නිර්මාණය වන සතියක් ද වේ. උසස් නිලධාරීන් පවා තමන්ට අතහිත දී කටයුතු කරන ආකාරයකුත්, නොයෙකුත් සමිති සමාගම් ආදියෙහි නිලතල සඳහා තම නම යෝජනා වන දින හතකි.

  • තුලා - හොඳ හිත වර්ධනයවෙයි

ඔබට මේ සතියේ අවසන් දින පහ ශුභඵලදායී අයුරින් ගත වේ. පසුගිය දිනවල අතපසුවී ගිය ගෙදර දොර කටයුතු මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාර හා අධ්‍යාපන වැනි කටයුතු නිසි පිළිවෙළකට අවසන් කරගත හැකි අතර අතරමග නතර වී තිබූ විශේෂ කාර්යයන්ද නැවත සැකසේ.  හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය කරන්නන් අතර හොඳ හිත වර්ධනය කර ගනී. කල්ගත වූ විවාහ යෝජනා මෙන්ම සම්මුඛ පරීක්ෂණ ආදිය සඳහා දින කාලවකවානු නියම වෙයි.

  • වෘශ්චික - මූල්‍ය සැලසුම් සපුරාගත හැකියි

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තුළ පීඩාවකින් තොරව ගමන් කරන හෙයින් වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වේ. ඔබට තම මූල්‍ය සැලසුම් හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. දැඩි ආත්ම ශක්තියක් ධෛර්යයත් සිත් තුළ ජනිත වීම නිසා භාරගන්නා ඕනෑම කටයුත්තක් සාර්ථකව නිම කිරීමටත් ඔබට මේ සතියේ හැකිවන්නේය. රැකීරක්ෂා රාජකාරි කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවන්නේය.

  • ධනු - ඔබ පිළිබඳ යහපත් ප්‍රතිරූපයක්

ඔබ මෙම සතිය තුළ ගතවූ සතියට වඩා සිත දැඩිකර ගනිමින් දැඩි ආත්ම ධෛර්යයකින් යුක්තවම ක්‍රියාකිරීම නිසා තමන් පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් පවුල කෙරෙන් හා සමාජයේ විවිධ පුද්ගලයන් අතර ගොඩනැගෙනු ඇත. ගේදොර කටයුතු හා ව්‍යාපාරික කටයුතු තමාගේ බුද්ධිමත් සැලසුම් නිසා සාර්ථක අයුරින් කරගෙන යා හැකිය. ඔබගේ අධ්‍යාපන, රැකියා මෙන්ම ඉපැයීම් ක්ෂේත්‍රයට බලපෑ සතුරු උපද්‍රව බොහෝමයක් යටපත් වී යන සතියකි.

  • මකර- අලුත් ආයෝජන ඇරඹීමට අවස්ථා

ඔබට මේ සතියේ අවසන් දින හතර ශුභදායී ලෙස ගත වේ. අලුත් ප්‍රාර්ථනා අනුව නව මගක ගමන් කිරීමට හැකි වේ. ඒ ඒ කාර්යයන් වලට අදාළව යම් යම් අයගෙන් අපේක්ෂා කරන සහයෝගය උදව් උපකාරද ඔබට නොඅඩුව ලැබේ. ඉගෙනීම් කටයුතුවල නිරතවූවන්ට, රැකියා අපේක්ෂාවෙන් සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින්නන්ට, අලුත් ආයෝජන ඇරඹීමට බලාපොරොත්තු වන්නන්ට එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ. මුල්දින දෙක තුළ අයට වඩා වැය අධිකවීම නිසා ගෘහ ජීවිතයේ කටයුතු ද අසතුටුදායක වන නිසාත් ඒවා කෙරේ අවබෝධයෙන් ක්‍රියාකරන්න.

  • කුම්භ- උනන්දුව ප්‍රබෝධය මතුවන සතියක්

කුම්භ ලග්නය හිමි ඔබට මෙය ශුභඵලදායී අයුරින් ගතවන සතියකි. තමා අදහස් කළ පරිදි, සැලසුම් කළ ආකාරයට දෛනික වැඩ කටයුතු කරගෙන යාමට මිල මුදල් අතට ලැබේ. ව්‍යාපාරික කටයුතුවල නිරතවන්නන්, විවේකය විනෝදය ගැන නොබලා ඉපැයීම් මාර්ග කරේ වැඩිපුර යොමුවේ. අනුරාගයද බුද්ධියද එකට සංයුක්ත වීමෙන් සෞන්දර්ය, චිත්‍ර, සංගීතය හෝ කවිය පිළිබඳ උනන්දුවක් ප්‍රබෝධයක්  ඇති කරයි. ස්ථාන මාරුවක් හෝ පරිසරයේ වෙනසක් කෙරේ හිත බලකරන සතියකි. මුල් දින දෙක චිත්ත සන්තාපයන්ට හේතු ගෙනේ.

  • මීන - හිතමිතුරු සබඳතා ගොඩනැගෙයි

මේ සතියේ මුල් දින 2 හා අවසන් දින දෙක, ශුභදායී අයුරින් ගතවේ. ජීවනෝපාය මාර්ග, අධ්‍යාපන, අංශවල දියුණුවක් ඉදිරියක් දක්නට ලැබේ. වැදගත් හිතමිතුරු සබඳතා ගොඩනැගේ. කරන කියන බොහෝ කටයුතු සාර්ථක වන ආයෝජන වලට මුදල් ලැබෙන දින හතරකි. එසේම මෙය දෙස් විදෙස් රැකියා අපේක්ෂාවක් ඉටු වේ. ස්ථාන ගැටලු විසඳෙන, පවුලේ කටයුතු සම්බන්ධව ද නවෝදයක් ඇතිවන දින කිහිපයකි. සතිමැද දින තුන ගමන් බිමන්වලදී මෙන්ම ගනුදෙනුවලදීත් ආරක්ෂාවන්න.

  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 

 

Christmas day  - සාදයට Read Previous

Christmas day - සාදයට

ශ්‍රී ලංකා  ලංකා කතෝලික රදගුරු සමුළුවේ නත්තල් පණිවුඩය Read Next

ශ්‍රී ලංකා ලංකා කතෝලික රදගුරු සමුළුවේ නත්තල් පණිවුඩය

Realted Post

Leave a comment