මේ සතිය ඔබට...... සැප්තැම්බර් 09 සඳුදා සිට සැප්තැම්බර් 15 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

09 සඳුදා - පෙ:ව: 07. 32 සිට පෙ:ව: 09. 02 දක්වා
10 අඟහරුවාදා - ප:ව: 03 02 සිට :ව: 04. 32දක්වා
11 බදාදා - පෙ:ව: 12- 02 සිට ප:ව: 01. 32 දක්වා
12 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 32 සිට ප:ව: 03. 02 දක්වා
13 සිකුරාදා - පෙ:ව: 10. 31 සිට දහවල්: 12. 01 දක්වා
14 සෙනසුරාදා - පෙ:ව: 09. 01 සිට පෙ:ව: 10. 31 දක්වා
15 ඉරිදා - ප:ව: 04.31 සිට ප:ව: 06- 01 දක්වා
 
  • මේෂ : අලුත් අදහස් ක්‍රියාවට නැගෙයි
සතිය පුරා අවිවේකී බවක් ඇති කළත් ජීවනෝපාය මාර්ගයන්ට අදාළ කටයුතු කිපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙයි.. අමතර ලැබීම් හිමි වුවත් වැය පස අධික කරන සතියකි. විටෙක දිනපතා කරගෙන ආ කටයුතුවල වෙනස්කම් ද ඇතිවෙයි. හවුල් ව්‍යාපාරවල නිරතවන්නන්ට අලුත් අදහස් ක්‍රියාවට නැගීමෙන් නව නිපැයුම් ඉදිරිපත් කිරීමට හැකි වේ. ගෘහ ජීවිතයේ හා ප්‍රේම දිවියේ බලපෑ ගැටලුවලට සාර්ථක විසඳුම් ද මෙම සතිය තුළ ලැබේ. මුදල් යොදවා කරන අලුත් වැඩවලට මෙම සතිය තුළ සම්බන්ධවීම එතරම්ම සුදුසු නොවේ.
  • වෘෂභ - නොගැළපෙන ඇසුරෙන් ඈත්වෙන්න
අනපේක්ෂිත ගමන් බිමන් බහුල කරමින් සතිය ගතවන අතර ඇසුරට නොගැළපෙන අය ඇසුරට අවස්ථා උදාවන නිසාත් එමගින් පවුලේ අය සමග මත ගැටුමක් ඇතිනොවන ලෙසට හැසිරෙන්න. එමෙන්ම ඔබ තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගන්නා සතියකි.  මෙම සතියේ මැද දින තුන දෛනික කටයුතු කෙරෙහි එතරම් ශුභ ඵලදායී බවක් ඇති නොකළත්, සෙසු දින ශුභදායී අයුරින් ගත වේ.  ඔබගේ අරමුණු සැලසුම්වල වැඩි කොටසක් සාර්ථකව ඉටුකර ගැනීමට අවස්ථාව උදා වේ. 
  • මිථුන ලග්නය - නව ආදායම් මාර්ගයක්
සමාජයේ උසස් අය යටතේ වැඩවල නියුතු අයට තම ස්වාමි පක්ෂයේ ප්‍රසාදය ලබා ගන්නට හැකි සතියකි. පොදු සමාජීය කටයුතු වලටත් වැඩි වශයෙන් සම්බන්ධ වී කටයුතු කිරීම නිසා ප්‍රසාදය මෙන්ම විවිධ ලාභප්‍රයෝජනයන් ද ලැබේ. පවුලේ කටයුතු, අධ්‍යාපන හා තමා නිරත රැකියා ව්‍යාපාර ආදියේ  කටයුතු කරදර බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් හැකියාව ලැබේ. හිතවතෙකුගේ ආධාර ඇතිව නව ආදායම් මාර්ගයක් ආරම්භ කිරීම සඳහා කටයුතු පිළියෙල වේ.
  • කටක - ආයෝජන අවස්ථා
ඔබට මෙය ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැය පස ද ඒ අයුරින්ම ඇති වේ. රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බලා තීන්දු තීරණ ගැනීමටත් ඔබ සමත් වෙයි. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ නිරත වන්නන්ට දියුණුවට කටයුතු සැලසේ. ආයෝජන අවස්ථා ගොඩනැගේ. විවාහ දිවිය හා ප්‍රේම දිවිය ශුභඵලදායී නොවුණත් ඒවායේ විවිධ අර්බුදකාරී තත්ත්ව පැනනැගුනත් ජීවිතයේ අනෙක් කාර්යයන්හි ප්‍රගතියක් මෙම සතියේ ඇති කරයි. එහෙත් පවුලේ කටයුතුවලින් ඈත්වීමට සිදුවන අන්දමේ කරුණු කීපයක් මතුවෙයි.
  • සිංහ - අවිනිශ්චිත බවින් කටයුතු නොකරන්න
මෙම සතියේ අවසන් දින තුන තුළ රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයකට මුහුණ පෑමට සිදු වේ. මෙතෙක් අසහනකාරී බවක් ඇති කළ ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දින තුනක්බව පෙනේ.   සැකයෙන්, සංකාවෙන් අවින්ශ්චිත බවින් යම් යම් දේට සම්බන්ධ නොවන්න. තම දෛනික ආදායම් මාර්ගයට ද යම් යම් ගැටලු ඇතිවන අතර රාජකාරියද සිතේ සහනයෙන් සතුටින් කරගෙන යාමටත් අසීරු වේ.
  • කන්‍යා - දෛනික වැඩවල පිළිවෙළක්
ඔබට මෙම සතිය අවිවේකී වුවත් තමාගේ දෛනික වැඩ කටයුතු පිළිවෙළකට කරගත හැකි වේ. නොදැනුවත්කම හේතුවෙන් සිදුවන්න ගිය අලාභයක් වළක්වා ගැනීමට හැකිවන්නේය. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙනබවක් පෙනේ. ණය ගනුදෙනුවක් හේතුවෙන් බලපෑ මානසික අසහනකාරීබවක් පහව යයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට විශේෂ කටයුතු කීපයකට සම්බන්ධ වීමට මග සැලසේ.
  • තුලා - සුබ සිද්ධිය උදෙසා විශේෂ වෙනසක්
ඔබට මෙම සතිය තුළ අධ්‍යාපන ,රැකියා, ව්‍යාපාර මෙන්ම පවුලේ කටයුතු යනාදිය යථා පරිදි කරගෙන යාමට අවශ්‍ය උත්සාහය හා ධෛර්ය නොඅඩුව ලැබේ. ඒවාගේම මෙම සතියේ දී තමා නිරත වන වෘත්තීය අංශයේ හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගත සුබ සිද්ධිය උදෙසා විශේෂ වෙනසක් ඇති කෙරේ. පසුගිය දිනවල පැවති ආර්ථික ප්‍රශ්න හා සමාජීය ප්‍රශ්න බොහෝ දුරට අඩුවී යන බවට හේතු පෙනේ.  ගමන් බිමන් වලින් වාසි ප්‍රයෝජන සැලසෙන අතර තමාට මෙහිදී අතුරු ආදායම් මාර්ගයක්ද සැකසෙයි.
  • වෘශ්චික - ශරීර සනීපය ඇති වේ
ඔබට මේ සතියේ මුල්දින දෙක සුබපල හීනවන්නේ නමුදු සෙසු දිනවලදී තමා කරන කියන වැඩකටයුතූවලින් ලාභ ප්‍රයෝජන අත්පත් වේ.  වස්තු ලාභ ලැබේ. සිතේ සමාදානය සතුට ඇති වේ. තත්ත්වය උසස් වේ. වැඩ කටයුතු දියුණු වේ. ආදායම වැඩි වේ. බොහෝවිට මෙය රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට වන සතියක් වේ. ගරු සැලකිලි ලැබේ. ශරීර සනීපය ඇති වේ.
  • ධනු - හිතවතුන්ගේ ආශ්‍රය හා ආධාර උපකාර
ඔබට මේ සතියේ මුල් දින තුන හැර සෙසු දින හතර ශුභදායී බවක් පෙන්නුම් කරන අතර පසුගිය දිනවල ඔබ කෙරෙහි පැවති කලබලකාරී ගතිය අප්‍රවේසම් සහිත ස්වභාවය පහවී ගොස් ක්‍රමවත් බවක් පිළිවෙළක් අනුව වැඩ කටයුතුවල නිරත වී ජයග්‍රහණ රැසක් අත්පත්කර ගනී.  ඔබට මේ සතියේදී පවුලේ සමගිය තහවුරු වන දෑ සිදු වේ. උපයන දෙයින් ඵල ප්‍රයෝජන ලැබේ. ආදායම් මාර්ගයන්හි වර්ධනයක් ඇති වේ. හිතවතුන් හිතවතියන්ගේ ආශ්‍රය හා ආධාර උපකාරත් නොඅඩුව ලැබේ.
  • මකර - ප්‍ර්‍ීතිමත් සංචාරක ගමන්
මෙම සතියේ මැද දින දෙක විවිධ අවහිර බාධා, කරදර මධ්‍යයේ තම දෛනික කටයුතු කරගෙන යාමටත් පවත්වාගෙන යාමටත් සිදුවෙයි. . එහිදී ඔබට ප්‍රසිද්ධ වශයෙන් මිල මුදල් ලැබීමට හා හානි වීමටත් හේතු යෙදෙන බැවින් මූල්‍ය කළමනාකරණය ක්‍රමවත්ව කරන්න. සෙසු දින තුළ උයෝගයක් කාර්යශූරත්වයත් ඇති කරයි. මුදල්ලා භ ලැබේ. එසේම විවිධ ද්‍රව්‍ය ලාභද ලැබේ. ප්‍රීතිමත් සංචාරක ගමන් යෙදේ. ඔබ මෙහිදී ප්‍රමාණවත් මුදලක් වැයකොට අඩාළව පැවති කටයුත්තක අවසානයක් දක්නට විශේෂිත දෙයක් කරයි.
  • කුම්භ - හිතවතකු සමග ගනුදෙනුවක්
ලැබීම් අතින් යහපත් සතියක් වන අතර එමෙන්ම පවුලේ අයගේ ප්‍රශංසාවට ලක්වන අන්දමේ කටයුතු කීපයක් ද සිදුවෙයි.  මෙතෙක් ගැටලු සහගත බවක් ඇති කළ දේපළක් සම්බන්ධ හිමිකමකට අදාළ ගැටලුවක් ද නිරාකරණය වෙයි.  උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායක සතියකි.  හිතවතකු සමග ගනුදෙනුවක් කර ගැනීමට හෝ කිසියම් ව්‍යාපාරික කටයුත්තකට සම්බන්ධවීමට හෝ මඟ සැලසෙන සතියකි.

මීන - ප්‍ර්‍ීතිමත් ගමන් බිමන්

මෙය ඔබේ පවුලේ මෙන්ම සමාජීය සුහදතාවය කටයුතු සැලසෙන සතියකි. අනාගතයට ප්‍රයෝජන සලසාගත හැකි විශේෂ කෙනෙකුගේ හමුවීමක් සිදුවෙයි. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ ගනුදෙනුවක හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු කීහිපයක සාර්ථක නිමාවක් ඔබට මෙම සතිය තුළ දැකිය හැකියි. සතිය අවසන් දින දෙක අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කතරයි. ග්‍රහ ගමන මත අරමුණු සැලසුම් සිතැඟි පරිදි ඉෂ්ට සිද්ධ කර ගැනීමට මෙම සතියේදී ඔබට ඉඩකඩ සැලසෙන්නේය. 
  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 
 
 

St Peter’s College Old Boys Dinner Dance Read Previous

St Peter’s College Old Boys Dinner Dance

THE MALL AT PORT CITY COLOMBO LAUNCH Read Next

THE MALL AT PORT CITY COLOMBO LAUNCH

Realted Post

Leave a comment