මේ සතිය ඔබට - ඔක්තෝබර් 7 සඳුදා සිට ඔක්තෝබර් 13 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

07 සඳුදා - පෙ:ව: 07. 28 සිට පෙ:ව: 08. 58 දක්වා
08 අඟහරුවාදා- ප:ව: 02 .58 සිට ප:ව: 04. 28 දක්වා
09 බදාදා - පෙ:ව: 11- 58 සිට ප:ව: 01. 28 දක්වා
10 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 27 සිට ප:ව: 02. 57 දක්වා
11 සිකුරාදා - පෙ:ව: 10. 27 සිට දහවල්: 11. 57 දක්වා
12 සෙනසුරාදා - පෙ:ව: 08. 57 සිට පෙ:ව: 10. 27 දක්වා
13 ඉරිදා - ප:ව: 04.27 සිට ප:ව: 05- 57 දක්වා
 
  • මේෂ - අවශ්‍යතා පිරිමැසේ

මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය තුළ දිවියේ දියුණුවට කටයුතු සැලසුනත් මිල මුදල් ලාභ අලංකාර වස්තු ලාභ මෙන්ම ස්ථාන තනතුරු නිලතල ලාභ ප්‍රයෝජන හා වරප්‍රසාද ගෙනදුන්නත්, විශේෂයෙන් කිවයුතුවන්නේ සතිය ආරම්භක දින තුන ඔබටසැකයෙන් අවිනිශ්චිත භාවයෙන් කටයුතු කරන්නටත් සිදු වේ. පොදුවේ ඔබට නොයෙක්දේ  ගැනත් අනුන් ගැනත් සැකයක් පහළවන දෑ සිදු වේ. මෙය අවශ්‍යතා පිරිමැසීමට කෙසේ හෝ මිල මුදල් ලැබෙන සතියකි.
  • වෘෂභ - බලාපොරොත්තු රහිත වියදම්

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තුළ සුබ අසුබ මිශ්‍ර අයුරින් හැසිරීම මත ඔබට මෙම සතිය ශුභ අශුභ මිශ්‍ර අයුරින් ගතවෙයි. දෛනිකව ඔබට ලැබෙන මුදල් බලාපොරොත්තු රහිත වියදම් යෙදීමෙන් නාස්ති වී යයි. බොහෝ විට මෙම සතියේ සමාජයේ ආශ්‍රය කරන අය සමග ඇතිවන ගනුදෙනු ආදියේදී නොසැලකිලිමත්කමින් නොයෙක් කරදර පැටලිලි ඇතිකර ගනී. එනිසා ඒ කෙරේ අවධානයෙන් පසුවන්න. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ නිරත වන්නන්ට දියුණුවට කටයුතු සැලසේ. ආයෝජන අවස්ථා ගොඩනැගේ.
  • මිථුන - අරමුණු ඉටුකර ගනී

සඳු ග්‍රහයාගේ ගමන මත ඔබට මෙම සතියේ මුල්දින පහ තුළ වැදගත් කටයුතූ කිහිපයක්සා ර්ථක කරගැනීමට පිළිවන. උපක්‍රමශීලීව කටයුතු කිරීමේ හැකියාව ඇති බැවින් කෙසේ හෝ තම අරමුණු ඉටුකර ගැනීමට හැකි වන්නේය. ලාභ බලාගෙන වියදම් කරන ඔබට මෙම සතිය ශුභදායක වේ. විශේෂයෙන් විනෝද ක්‍රීඩාවන්ට හා ප්‍රීති උත්සව ආදියටත්ස හභාගි වන්නටත් ඉඩ ප්‍රස්තා ලැබෙන සතියක් වන අතර සමාජයෙහි තමාට හොඳ තැනක් හොඳ සැලකිල්ලක් ලැබෙනවා ඇත.
  • කටක - සමාජයේ හා අන්‍යයන්ගේ ආදර කරුණාව

ඔබගේ ලග්න නැකැත් අධිපතීන්ගේ හා සඳුගේ ගමන පරිදි ඔබට සතියේ මුල් දින 3 විවිධ අවහිර බාධා වැඩකටයුතු ප්‍රමාදවීම් මධ්‍යයේ කටයුතු කිරීමට සිදු වුවත් අවසන් දින හතර කරදර සිත් තැවුල් හා දුක් සහිතව ගත නොවේ. ඔබ කාටත් ආදර කරුණාව දක්වන සතියක් නිසා ඔබටද සමාජයේ හා අන්‍යයන්ගේ ආදර කරුණාව ලැබේ. පොදුවේ ඔබට මෙම සතියේ යහපත් මෙන්ම ප්‍රයෝජනවත් කටයුතුවල යෙදීමට ද හැකි වේ. ප්‍රයෝජනවත් මිතුරු මිතුරියන් ද ඇසුරට ලැබේ.
  • සිංහ -  අතමිට සරුවෙයි

ඔබට මේ සතිය සතුට දනවන මෙන්ම අසතුට ද ඇතිවන මිශ්‍ර ඵලවලින් යුතු සතියකි.අධ්‍යාපන, රැකියා මෙන්ම ආර්ථික වශයෙන් ශුභදායී වෙනස්කම් ඇති කරයි. එනමුදු ප්‍රේම දිවියේ හා යුග දිවියේ ගැටලු ප්‍රශ්න කෙරේ අවධානයෙන් පසුවන්න. එසේම ඔබට මෙහිදී ආර්ථික හා දේපල කෙරෙන් යම් යම් ලාභ ප්‍රයෝජන සැලසේ. තමා නිරත රැකියා ව්‍යාපාර ආදියේ වැඩිදියුණුවට ස්ථාවරභාවයට විශේෂ යමක් සිදු වේ. හවුල් ව්‍යාපාරවල යෙදෙන්නන්ට අතමිට සරුවන සතියකි. ස්වයං රැකියාවලට විවිධ බාධක යෙදේ.
  • කන්‍යා - සිතට ප්‍රීතිය සැනසීම ලැබෙයි

කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ සාකච්ඡාමය තීරණ, ගිවිසුම් හා වෙළඳ කටයුතු සඳහා ශුභදායක වන අතරම, ලිපි කටයුතුවලින් වාසි සැලසේ. තියුණු පැහැදිලි අරමුණු සිතූවිලි පහලවෙයි. සිතට ප්‍රීතිය සැනසීම ලැබෙනවා ඇත. කරන කියන රැකී රක්ෂාවලින්ද වෙළඳ ව්‍යාපාරවලින්ද ලාභ ලැබෙන සතියක්. වේ. මෙය ඔබ විවේක ගැනීමෙහි නොව ක්‍රියා කිරීමෙහි සතියකි. පමණට වැඩි ගමන් යතත් ඒවා ප්‍රයෝජනවත් වේ. සතිය පුරා ප්‍රීතිය ගෙන දෙන සුළු සුළු ගමන් යාමටත් ලැබේ. පදිංචි හෝ ව්‍යාපාරික ස්ථාන පිළිබඳ සුළු වෙනසක් හෝ ඇති කිරීමටද සිතෙයි.
  • තුලා - දියුණුව පිළිබඳ අලුත් සැලසුම්

ධෛර්යයෙන් වැඩ කරයි. ආත්ම ශක්තියෙන් කටයුතු කිරීමටත් හැකිවන සතියකි. මුදල් පිළිබඳව පැවැති බලාපොරොත්තුවක් ඉටු වේ. ඊට සම්බන්ධ සැලසුම් යනාදිය ද සාර්ථක වේ. සහෝදරයකුගෙන් හෝ හිතවතකුගෙන් වුව අමතර මුදලක් අතට ලැබේ. රැකී රක්ෂා කටයුතුවල නිරත වන ඔබට දියුණුව පිළිබඳ අලුත් සැලසුම් ඇති වේ. රැකියාවට හා රාජකාරියට රහස් සතුරන්ගෙන් බලපෑ සාධකයක් ද මඟ හැරී යයි. කරගෙන ආ කටයුතුද අළුතෙන් භාරගෙන හෝ ආරම්භ කර හෝ පටන් ගන්නා කටයුතුද වැඩි දියුණුවට පැමිණෙයි.
  • වෘශ්චික - උපයන දෙයින් ඵල ප්‍රයෝජන

මේ සතිය ශුභදායීබවක් පෙන්නුම් කරන අතර හික්මුණු ගතියක් නිහතමානී ගතියක් ඔබ මගින් මැනවින් පිළිබිඹු වෙයි. පසුගිය දිනවල ඔබ කෙරෙහි පැවති කලබලකාරී ගතිය අප්‍රවේසම් සහිත ස්වභාවය පහවී ගොස් ක්‍රමවත්බවක්, පිළිවෙළක්අ නුව වැඩ කටයුතුවල නිරත වී ජයග්‍රහණ රැසක් අත්පත්කර ගනී. ඔබට මේ සතියේදී පවුලේ සමගිය තහවුරු වන දෑ සිදු වේ. උපයන දෙයින් ඵල ප්‍රයෝජන ලැබේ. ආදායම් මාර්ගයන්හි වර්ධනයක් ඇති වේ. හිතවතුන් හිතවතියන්ගේ ආශ්‍රය හා ආධාර උපකාරත් නොඅඩුව ලැබේ.
  • ධනු - අලුත් දේ ඉගෙනීමට ලැබේ

විශේෂයෙන් ඔබගේ සිත තුළ දින කිහිපයක් තිස්සේ පැවති අදහසක් ඉටු වෙයි. අනපේක්ෂිත මුදල් අතට ලැබේ. රාජකාරි කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට ඔබට හැකි වන්නේය. ව්‍යාපාර කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යා හැකය. වෙළඳ ව්‍යාපාරික කටයුතුවලින් දියුණුව හා ලාභ ලැබේ. බලාපොරොත්තු ඉෂ්ට වේ. අලුත් දේ ඉගෙනීමට ලැබේ. ඒ එසේ නමුදු, සතිය මැද දින දෙක රෝගාබාධ වැලඳීමට ඉඩ තිබෙන අතරම කණගාටු, පීඩා, කරදර අපකීර්ති ඇතිවිය හැකියි. කරගෙන යන කටයුතුවල අඩුපාඩු නිසා කරදර හෝ නැවතීම් ඇති වෙයි.
  • මකර - ගතට සිතට සැපත සතුට

මෙය ඔබට ශුභ අශුභ මිශ්‍ර අයුරින් ගතවන අතර සතියේ මුල් දින 2ත් අවසන් දින 2ත් ශුභඵලදායී වනු ඇත. එහිදී ඔබට ගතට සිතට සැපත සතුට ගෙනදෙන කාර්යයන් රැසක් සිදුවන්නේය. අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කෙරෙන අතර ඉගෙන ගත් දෙය ක්‍රියාවට පමුණුවා බලන සතියක් ද වේ. නිකරුණේ කාලය නොගෙවා නිතර වැඩක යෙදෙමින් අනාගත සුබසිද්ධියට යමක් කරගනී. සිතට ගැළපෙන ප්‍රේම සබඳතාවක් හෝ විවාහ යෝජනාවක් ලැබේ. අන්‍යයන්ට උදව් උපකාර කරන්නට යෑමෙන් පසුතැවීමට ලක්වන නිසා ඒ කෙරේ දෙවරක් සිතන්න.
  • කුම්භ - රැකියාවෙන් උසස්වීම්

විශේෂයෙන් ඔබ අරඹන හා නිරත වන වැඩ කටයුතුවලින් දියුණුවක් පෙන්නුම් කරයි. වටිනා දේ මිලට ගැනීමට අවස්ථාව උදා වේ. රැකියාවෙන් උසස් වීමට කටයුතු පිළියෙල වේ. තරග විභාගවලින් ජයග්‍රහණ ද අත් වේ. දුර බැහැර ගමන් බිමන්වලින්ද යම් යම් ලාභ ප්‍රයෝජන අත්වන සතියකි. සිත් කලකිරීමක් පහව යයි. නවක මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ. දියුණුවට කටයුතු සැලසේ. සම්පත් ලාභ මිල මුදල් ලාභ අලංකාර වස්තු ලාභ රෙදිපිළි ඇඳුම් පැලඳුම් ලාභ ලැබෙන සතියකි. 
  • මීන - දේපළ ගනු දෙනුවක් විසඳෙයි

ලග්නාධිපති හා යෝගකාරකයින්ගේ ගමන මෙම සතිය තුළ බලවත් හෙයින් ඇතිව තිබූ කරදර හා විපත්තිවලින් නිදහසත් සැනසීමත් ලැබෙනු ඇත. සතිය පුරා ශුභඵල අත්කරන බවක් පෙන්නුම් කරයි. පරම්පරාගත දේපළ ගනුදෙනුවක් විසඳා ගැනීමට අවස්ථාව සැලසේ. අසල්වාසී සුහදතාව හෝ හිතමිතුරු සබඳතාව තහවුරු වන සතියකි. නැතිවී ගිය රැකී රක්ෂා නැවත ලැබේ. හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙි. විශේෂයෙන් මෙය ඔබ තම අනාගත දියුණුව ගැන සිතට ගෙන වැඩ කටයුතු කරන සතියකි.
  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 
 

රටවල් රැසකින් අගමැතිනියට සුභ පැතුම්! Read Previous

රටවල් රැසකින් අගමැතිනියට සුභ පැතුම්!

රටවල් රැසකින් අගමැතිනියට සුභ පැතුම්! Read Next

රටවල් රැසකින් අගමැතිනියට සුභ පැතුම්!

Realted Post

Leave a comment