මෙි සතිය ඔබට - සැප්තැම්බර් 23 සඳුදා සිට සැප්තැම්බර් 29 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත,
බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

23 සඳුදා - පෙ:ව: 07. 30 සිට පෙ:ව: 09. 00 දක්වා

24 අඟහරුවාදා- ප:ව: 03 .00 සිට ප:ව: 04. 30 දක්වා

25 බදාදා - පෙ:ව: 11- 59 සිට ප:ව: 01. 29 දක්වා

26 බ්‍රහස්පතින්දා- ප:ව: 01. 29 සිට ප:ව: 02. 59 දක්වා

27 සිකුරාදා - පෙ:ව: 10. 29 සිට දහවල්: 11. 59 දක්වා

28 සෙනසුරාදා - පෙ:ව: 08. 59 සිට පෙ:ව: 10. 29 දක්වා

29 ඉරිදා - ප:ව: 04.29 සිට ප:ව: 05- 59 දක්වා

  • මේෂ - තමාගේ ගුණ වැනුමක් අනෙකෙකු කියයි

ලැබීම් අතින් යහපත්  අතර, තමාට වාසි සහගත වන පරිදි දේපළ හුවමාරුවක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුවෙයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. ධෛර්යයෙන් වැඩ කරයි. හිතවතුන් හා ආශ්‍රයෙන් හෝ ඔවුන්ගෙන් ඈත්වීමක්ද සිදුවිය හැකියි. තමාගේ ගුණ වැනුමක් අනෙකෙකු කියයි. මුදල්වලින් කරන්නට තිබෙන නොයෙක් කටයුතු ගැන කල්පනා වෙයි. සමහරවිට කරන්නට තිබෙන යම් යම් වැඩ කටයුතුවලට වුවමනා මුදල් සෙවීමට මහන්සි ගන්නා නමුත් එය සඵල වේ.
  • වෘෂභ - නොසිතූ ලාබ ප්‍රයෝජන

නැති වූ දෙයක් නැවත ලබාගත හැකි කාලයකි. මෙතෙක් තමාට අතපසු වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. අඹුසැමි ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇති බැවින් ඔබ පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු කාලයකි. සති අන්තයේ දී දරුවකුගේ විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්විය හැකිවෙයි. නිතර දුර ගමන් යෙදෙන අතර, එයින් නොසිතූ ලාබ ප්‍රයෝජනද අත් වෙයි.
  • මිථුන -  විදෙස් උපකාර හිමිවෙයි

 ප්‍රමාද වූ වැඩකටයුත්තක් නැවත ඉටුවන ලකුණු පෙන්නුම් කරන සතියකි. ගේ දොර අලුත් වැඩියාවක් වෙනුවෙන් අමතර කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. එසේම දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට සිදුවෙයි. විදෙස් උපකාර හිමිවන සතියකි. මෙතෙක් පැවැති අසනීපයකින් සුවය ලැබේ. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත් කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවන සතියකි.
  • කටක - අලුත් ඥාති හිතවත්කම් වලට මග සැලසේ

රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. පවුලේ අයගෙන් වෙන්ව වාසයට ද කරුණු ඇති කරයි. අලුත් ඥාති හිතවත්කම් වලට මග සැලසෙන කාලයකි. නොසිතූ ලෙස පදිංචිය පිළිබඳ ගැටලු කීපයක් නිරාකරණය වෙයි. වෙළෙඳ ව්‍යාපාර ගෙන යන අයට මේ දිනවලදී වැඩි ලාභ ලැබෙන්නට පුළුවන. වැඩිපුර මධ්‍යම වයස් ප්‍රමාණ ස්ත්‍රීන්ට කරන වෙළඳාම්වලින් ලාභ ප්‍රයෝජන ලැබෙනවා ඇත. දුර ඥාතියකු තමා සොයාගෙන එන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙයි.
  • සිංහ - අරමුණු සැලසුම් සාර්ථක වෙයි

පවුලේ කටයුතුවල සුබදායී වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන අතර විශේෂ ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් කරගනී. අතමිට මුදල් ගැවසුනත් නොසිතූ ලෙස තමාට වියදම් කිහිපයක් ද සිදුවන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත. රැකීරක්ෂා කටයුතුවලට උත්සාහ කිරීමට සිදු වේ. රාජකාරි ගැටලු බඳු ප්‍රශ්න දේපළ ආරවුල් යනාදිය මේ සතියේ විසඳෙයි. විශේෂයෙන් ඔබට මෙම සතියේදී ආදර සබඳතා හා විවාහ යෝජනා ආදියට සම්බන්ධ අරමුණු, සැලසුම් පහසුවෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකිවන්නේය.
  • කන්‍යා - අලුත් රැකියා බලාපොරොත්තු ඉටුවෙයි

සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙමින් සතිය ආරම්භ වන අතර විශේෂ කටයුතු කීපයකට අත ගැසීමට මඟ සැලසෙන සතියකි. සතිය මැද කාලයේ දී අලුත් රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙනබවක් පෙනේ. ගෙදර දොර කටයුතු මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාර හා අධ්‍යාපන වැනි කටයුතු නිසි පිළිවෙළකට අවසන් කරගත හැකි අතර අතරමග නතර වී තිබූ විශේෂ කාර්යයන්ද නැවත සැකසේ.
  • තුලා - අඩුපාඩු පිරිමසා ගැනීමට පුළුවන්

හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියකි. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම කෙරෙහි සිත යොමුවන අතරම අධික වියදම් ඇති වුවත් ගෘහ ජීවිතයේ අඩුපාඩු පිරිමසා ගැනීමටත් හැකි වේ. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. තම දෛනික  කටයුතු හා ජීවන පරිසරය පිළිබඳව ද අසහනකාරී හැඟීම්, අවිනිශ්චිතතා, ඉස්මතුවන නිසා ඔබට තම මානසික සංයමය ද දැඩි උත්සාහයකින් යුතුව රැක ගැනීමට සිදු වේ.
  • වෘශ්චික - ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක්

අවිවේකී සතියක් වන අතර අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමෙන් නොසිතූ ගැටලු කිහිපකට මුහුණ පෑමට සිදුවෙයි. එමෙන්ම ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් ද සැලසීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී දරුවකුගේ අධ්‍යාපන කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නොසිතූ ලෙස ණය ගනුදෙනුවකින් නිදහස්වීමට මග සැලසේ. උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙන කාලයක් වන අතර ළඟින් ඇසුරු කරන අයකු නිසා නොසිතූ කරදරයකට ද පත් වීමට ඉඩ ඇත.
  • ධනු - විශේෂ හිතවතකුගේ හමුවීමක්

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කර ගැනීමට කටයුතු සැලසෙනබවක් පෙන්නුම් කරයි. සෙම් රෝග, වාත රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. විශේෂ හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. ව්‍යාපාරික සැලසුමක් සඳහා සතියෙන් වැඩි කාලයක් ගත කරයි. සිතේ නොසන්සුන්තාවක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුවෙයි. ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි.
  • මකර - වෙනදාට වඩා ඇවිදිලි ඇතිකරයි

යටපත් වූ අසනීප තත්ත්වයක් නැවත මතුවිය හැකි කාලයකි. එමෙන්ම සෙම් රෝග බහුල කාලයක් බැවින් සීතල ආහාරපාන ගැනීමෙන් වැළකී සිටීම යහපත් වේ. නිතර මව් පාර්ශ්වයේ අය හා එක්ව කටයුතු කිරීමට මඟ සැලසෙන සතියකි. වෙනදාට වඩා ඇවිදිලි ඇතිකරන කාලයක් වන අතර, රාත්‍රී ගමන්ද බහුල කරයි. සතිය මැද කාලයේ දී පවුලේ අය සමග දුර ගමනකට කටයුතු සැලසේ. දරුවකුගේ අසනීප තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි.
  • කුම්භ - දියුණුව පිළිබඳ අලුත් සැලසුම් ඇතිවෙයි

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර පවුලේ සතුට සමාදානය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවන සතියකි. පවුලේ උත්සව අවස්ථාවක් කල් දැමීමට සිදුවෙයි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර මෙතෙක් ප්‍රමාදතා ඇති කළ යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. මුදල් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු වේ. ඊට සම්බන්ධ සැලසුම් යනාදියද සාර්ථක වේ. සහෝදරයෙකුගෙන් හෝ හිතවතෙකුගෙන් වුව අමතර මුදලක් අතට ලැබේ. රැකීරක්ෂා වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවල නිරතවන ඔබට දියුණුව පිළිබඳ අලුත් සැලසුම් ඇති වේ.

  • මීන - මුදල් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවෙයි

රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයක් වන අතර පවුලේ අයගෙන් වෙන්ව වාසයට ද කරුණු ඇති කරයි. අලුත් ඥාති හිතවත්කම් වලට මග සැලසෙන කාලයකි. නොසිතූ ලෙස පදිංචිය පිළිබඳ ගැටලු කීපයක් මතු කරයි. දුර ඥාතියකු තමා සොයා​ෙගන එන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික කරන කටයුතු කීපයක් යෙදේ. රැකීරක්ෂා වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවල නිරතවන ඔබට දියුණුව පිළිබඳ අලුත් සැලසුම් ඇති වේ. 

  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 

20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ඇරඹෙයි Read Previous

20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ඇරඹෙයි

අප්පච්චිගේ නම රකින්නේ මමලු - Chathu  Rajapaksha Read Next

අප්පච්චිගේ නම රකින්නේ මමලු - Chathu Rajapaksha

Realted Post

Leave a comment