මේ සතිය ඔබට අගෝස්තු 19 සඳුදා සිට අගෝස්තු 25 ඉරිදා දක්වා

මේ සතිය ඔබට   අගෝස්තු 19 සඳුදා සිට  අගෝස්තු 25 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

19 සදුදා - පෙ:ව: 07. 34 සිට  පෙ:ව: 09. 04 දක්වා
20 අඟහරුවාදා - ප:ව: 03. 04 සිට  ප:ව: 04. 34දක්වා
21 බදාදා - පෙ:ව: 12- 04 සිට  ප:ව: 01. 34 දක්වා
22 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 34 සිට  ප:ව: 03. 04 දක්වා
23 සිකුරාදා - පෙ:ව: 10. 34 සිට  දහවල්: 12. 04 දක්වා
24 සෙනසුරාදා - පෙ:ව: 09. 04 සිට  පෙ:ව: 10. 34 දක්වා
25 ඉරිදා - ප:ව: 04.34 සිට  ප:ව: 06- 04 දක්වා
 
  • මේෂ  :සුඛෝපභෝගී භාණ්ඩ ලාභ
සතියේ ග්‍රහ ගමන මත සසදා බලන විට ඔබට මේ සතිය පුරාවටම මිල මුදල් ලාභ මෙන්ම විවිධ ද්‍රව්‍ය ලාභ, සුඛෝපභෝගී භාණ්ඩ වැනි දේ ලැබේ. ඒවා උපයා සපයා  ගැනීමටත් පිළිවන්කම ලැබේ. අවිවාහකයන්ට විවාහ යෝජනා හෝ ප්‍රේම සබඳතා ගොඩනැගීම් ගෙන දෙන්නේය. තරුණ තරුණියන්ට විවිධ තෑගි භෝග ලැබේ. එසේම සමාජීය හා මුදල්මය වාසි ප්‍රයෝජන ද අත්පත්වන සතියක් බව කිවයුතුයි.
  • වෘෂභ : විවිධ ලාභ ප්‍රයෝජන
මෙම සතියේ මුල්දින පහ ඔබට තම වැඩකටයුතු කෙරෙහි පැහැදිලි ශුභඵල ඇති කරයි. බොහෝ සෙයින්ම සිතේ සතුටට කරුණු සැලසේ. ගතවූ සතියට වඩා හොඳ තත්ත්වයකට හැරෙයි. අමුත්තන් වැඩිපුර මුණ ගැසෙන සතියකි. කලාත්මක අංශයේ රැකියාවල ව්‍යාපාරවල යෙදෙන්නන්ට වැඩිපුර ලාභ ප්‍රයෝජන සැලසේ. උත්සාහ ගතහොත් විරැකියාවෙන් පෙළෙන්නන්ට රැකියාවක් සොයාගත හැකිවේ. සමස්තයක් වශයෙන් බලන කල ඔබට මෙම සතියතුල තමාගේ වැඩකටයුතු ක්‍රියාදාමයන් වලට විවිධ ලාභ ප්‍රයෝජන සැලකිළි උදව් උපකාර හිමිවෙයි.
  • මිථුන : සිතට ප්‍රීතිය හා සැනසීම
මෙම සතියේ අවසන් දින පහ තුළ ඔබගේ වැඩ කටයුතුවලට හා සැලසුම් ක්‍රියාදාමයන්ට බලපෑ විවිධ අවහිර බාධා පහව යයි. මේ දිනවල ඔබ කරන කියන සෑම කටයුතුවලින්ම සිතට ප්‍රීතිය ද සැනසීමද ලාභප්‍රයෝජන ද ලැබේ. තමා නිරත රැකියා ව්‍යාපාර වලින් ද දියුණුව ලාභ ප්‍රයෝජන මැනවින් සැලසේ. රැකියා ව්‍යාපාරාදියේ සුබසිද්ධියක් ඉබේම ඇතිවෙයි. ගෙදර දොර හෝ රැකියා ස්ථානය තුළ සැප පහසුව ඇතිවන දෑ සිදුවේ.
  • කටක - සුළු සුළු ද්‍රව්‍ය ලාභ
කටක ලග්නය හිමි ඔබට මෙම සතියේ මුල් දින 2 හා අවසන් දින 2ත් නොයෙක් ආකාර සුළු සුළු ද්‍රව්‍ය ලාභ ලැබෙන්ට හේතු සැලසේ. ඇතැමෙකුට නොයෙක් කර්මාන්ත ඉගෙනීමට ඉඩ ලැබේ. ඒ පිළිබඳ වැඩ කරන අය හා ආශ්‍රය ඇති වේ. නිතර මිත්‍රයන් හමුවීමට යාමට සිදුවේ. තම වැඩට ආධාර කරුවන් දැනහඳුනා ගන්නට ලැබේ. බලාපොරොත්තුවෙන් සැලසුම් සහගතව කරන වැඩවලින් ලාභ ලැබේ. ඔබ තමාගේ තත්ත්වය උසස් කර ගැනීමට සිතා කටයුතු කරයි.
  • සිංහ: ලැබෙන මුදල් විනෝදයට වැය නොකරන්න
මෙම සතිය ඔබට ශුභාශුභ මිශ්‍ර අයුරින් ගතවන සතියකි. ඔබ තම සැලසුම් හා ක්‍රියාදාමයන් අනුන් අතට පත් නොවීමට වගබලා ගන්න. වාද විවාද වලට තුඩු දෙන අදහස් හුවමාරු හා සාකච්ඡා වැනි දෙයට සම්බන්ධ නොවන්න. කෙසේ වෙතත් ඔබට මෙම සතියේ මුල්දි න තුනේදී තමා නිරත රැකියා හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල නව ප්‍රගතියක්  ප්‍රතිසංස්කරණයක් අත්වන ලෙසට කටයුතු සිදුවෙයි. ලැබෙන මුදල් විනෝදාස්වාදය, නිශ්ප්‍රයෝජන ගමන් බිමන් උදෙසා වැය නොකරන්න. 
  • කන්‍යා : ඉලක්ක සපුරාගත හැක
ඔබට මේ සතියේ මුල්දින පහ තුල තම අරමුණු සැලසුම් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට හැකිවන අතර අධ්‍යාපනයේ නිරතවන්නන්ට තම අධ්‍යාපන ඉලක්ක බාධාවකින් තොරව සපුරා ගත හැකිය. අපේක්ෂිත අයුරින් ආදායම්  තත්ත්වයේ ප්‍රගතියක් පෙන්නුම් කරයි. ඔබ මෙම සතියේ විනෝදය විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලී භාවයෙන්  යුතුව කටයුතු කළහොත් රැකියා ව්‍යාපාරදියේ කිසියම් දියුණුවක් ස්ථාවර භාවයක් සලසා ගත හැක.
  • තුලා  :අවිනිශ්චිතතා මතු කෙරේ
ඔබගේ ලග්නාධිපති කිවි මෙන්ම සඳු ග්‍රහයාගේ ගමන මත ඔබගේ ආර්ථික රැකියා විවාහ මෙන්ම අධ්‍යාපන යන ක්‍ෂේත්‍රයන්හි කටයුතු ක්‍රියාවන්ට මෙම සතිය එතරම් සුබදායි බවක්නො පෙන්වයි. විශේෂයෙන් සතියේ වැඩි දින ගණනක් අනපේක්ෂිත කරදර සිත් තැවුල්හා  දුක් සහිතව ගතවේ. තමාගේ වැඩ කටයුතු ක්‍රියාදාමයන් මෙන්ම අරමුණු සැලසුම්කෙ රෙහි තමාට අවිනිශ්චිතතා මතු කෙරේ. විශේෂයෙන් ඔබට නොයෙක් දේ ගැනත්අ නුන් ගැනත් සැකයක් පහළවේ. 
  • වෘශ්චික  :ප්‍රිතිමත් හා ප්‍රයෝජනවත් ගමන්
ඔබට මෙම සතියේ මුල් දින දෙක හා අවසන් දින දෙකේදී දුරස් වූ ඥාති සබඳතා යළි සැකසේ. පවුලේ බේද බින්න වීම් සමථයකට පත්වේ. ව්‍යාපාරිකයන්ට අන්‍යයන් යොදවා වැඩ කරවා ගන්නන්ට දක්ෂ වැඩකරුවන් හොඳ ආධාරකරුවන් ලැබේ. නිතර නිතර ප්‍රීතිමත් හා ප්‍රයෝජනවත් ගමන් යෑමට අවස්ථාව ලැබේ. ලියකියවිලි ප්‍රශ්න, රාජකාරී අවුල් විසඳේ. විරුද්ධ ලිංගිකයන්ගෙන් පල ප්‍රයෝජන ලැබේ. මැද දින දෙක ශුභ ඵල හීනය. උදරයේ අසනීප ඇති අය ඒ කෙරේ වැඩි අවධානයක් මෙම සතියේ යොමු කරන්න.
  • ධනු :අපේක්ෂිත ආර්ථික ලාභ
තම බලාපොරොත්තු ඉෂ්ට වෙයි. දියුණුවද ඇතිවෙයි. අපේක්ෂිත ආර්ථික ලාභ ලැබෙයි. තමාට ආදර සංග්‍රහ කරන්නන් ළඟට යෑමට ඉඩ ලැබේ. ගෙදරදොර කටයුතුවලින් මෙන්ම අන්‍යයන් සමග කරන කටයුතුවලින් සැනසිල්ල ලැබේ. විරැකියාවෙන් පෙළෙන්නන්ට නව රැකියා උදෙසා උත්සාහ කරන්නට අවස්ථා උදාවේ. කෙසේ නමුත් ප්‍රේමවන්තයින් හා විවාහකයින් තම තමන්ගේ ප්‍රේමසබදතා හා යුග දිවිවල ගැටලු ප්‍රශ්න මතු නොවන ලෙසට කටයුතු කිරීමට ඥානාන්විත විය යුතුය.
  • මකර  : ගෞරව සැලකිලි
මකර ලග්නය හිමි ඔබට මේ සතිය සාමාන්‍යයෙන් වාසනාවන්තය. මෙය තම තත්ත්වය උසස් වෙයි. එමෙන්ම තමා භාරගෙන හෝ පටන්ගෙන කරන කියන සියලුම කටයුතු දියුණුවට පත්වෙයි. ඔබට යම් යම් ලාභ ප්‍රයෝජනයක් ලැබේ. සමාජයේ මෙන්ම ආයතනය වෙතින් වුව ගෞරව සැලකිලි හිමිවෙයි. ආයතනයේ උසස්වීම් බලාපොරොත්තුව සිටින අයගේ අපේක්ෂා සාර්ථක වේ. ප්‍රේම දිවිය සතුටින් ගත වුවත් යුග දිවියේ ප්‍රශ්න ගැටලු මතුවන ස්වභාවයක් පවතින නිසා ඒ කෙරේ අවධානයෙන් පසුවන්න.
  • කුම්භ :අලුත් අදහස් ක්‍රියාවට නැඟේ 
ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තුල ගමන් කරන විලාසය මත සසදා බලන විට ඔබට මෙම සතියේ අවසන් දින පහ ශුභ ඵලදායී අයුරින්ග තවේ. බලාපොරොත්තු ඉටුවන දියුණුවට කටයුතු පිළියෙල වන ප්‍රතිඵල දායක දේවල් ගෙනදෙයි. විටෙක දිනපතා කරගෙන ආ කටයුතුවල වෙනස්කම් ද ඇතිවෙයි. ඒවා මතු යහපත උදෙසා වේ. ආදායම් තත්ත්වයෙහි ද ප්‍රගතියක් දක්නට ලැබේ. ව්‍යාපාරවල නිරතවන්නන්ට අලුත් අදහස් ක්‍රියාවට නැගීමෙන් නව නිපැයුම් ඉදිරිපත් කිරීමට හැකිවේ.
  • මීන : වැඩවල පැවති ගැටලු ලිහේ
ඔබට මෙම සතිය මැද දින තුන දෛනික කාර්යය කටයුතු කෙරෙහි එතරම් ශුභඵලදායී බවක් ඇති නොකළත්, සෙසු දින හතර ශුභදායී අයුරින් ගතවේ. විශේෂයෙන් මෙම සතිය තුළ ඔබගේ අරමුණු සැලසුම්වල වැඩි කොටසක් සාර්ථකව ඉටුකර ගැනීමට අවස්ථාව උදාවේ. සතුරු බාධක යෙදුනත් ඒවා මැඬගෙන කටයුතු කළ හැකි වේ. එසේම අඩපණව පැවැති ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගත හැකි වේ. තම රැකියා හා ව්‍යාපාරික කටයුතුවල වැඩි දියුණුවක් සැකසෙන අතර රාජකාරියට හා ව්‍යාපාරික ස්ථානවලට අදාළව පැවැති ගැටලුකාරී ස්වභාවයන් මෙන්ම අවිනිශ්චිත තාවයන් ද පහව ගොස්සැනසිලිදායක බවක් ඇතිවේ.
  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.
 

ARTRA’s Art Experiential Festival Read Previous

ARTRA’s Art Experiential Festival

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Next

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

Realted Post

Leave a comment