මේ සතිය ඔබට - අගෝස්තු 26 සඳුදා සිට සැප්තැම්බර් 02 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

26 සඳුදා - පෙ:ව: 07. 34 සිට පෙ:ව: 09. 04 දක්වා
27 අඟහරුවාදා - ප:ව: 03 04 සිට ප:ව: 04. 34දක්වා
28 බදාදා - පෙ:ව: 12- 04 සිට ප:ව: 01. 34 දක්වා
29 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 34 සිට ප:ව: 03. 04 දක්වා
30 සිකුරාදා - පෙ:ව: 10. 34 සිට දහවල්: 12. 04 දක්වා
01 සෙනසුරාදා - පෙ:ව: 09. 03 සිට පෙ:ව: 10. 33 දක්වා
02 ඉරිදා - ප:ව: 04.33 සිට ප:ව: 06- 03 දක්වා
 
  • මේෂ - මූල්‍ය සම්පත් ලාභ
ගනුදෙනුවක් වෙනුවෙන් සතියේ වැඩි කාලයක් ගත කරමින් සතිය ආරම්භ වන අතර වෙනදාට වඩා පවුලේ අය වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට සිදුවන සතියකි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමටත් සිදුවෙයි. සතිය පුරාම ඔබ ජවයකින් කටයුතු කරයි. නිවාස දේපළ යාන වාහන ආශ්‍රිත කටයුතු කෙරෙන් ඵලදරයි. පෙම්වතුන්ට සතුටුදායකයි. විවාහ ජීවිත ගෙවන අඹුසැමියන් අතර සෙනෙහස වර්ධනය කර ගනියි. හදිසි වාසනා ලැබෙයි.
  • වෘෂභ - නොසිතූ වාසියක්
ප්‍රබෝධමත් සතියක ආරම්භයක් සිදුවන අතර මනසේ සන්සුන්භාවය සතිය පුරාම ඔබට රඳවා ගැනීමට ශක්තිය ඇත. නව සිතුවිලි, අලූත් අදහස් සමග සතිය ගෙවන ඔබ ජීවිතයේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය කරන වටපිටාවක් නිර්මාණය කර ගැනීමට වෙහෙසෙයි. ඔබ පවුලේ අය සමග මිත්‍රශීලීව, සුහදශීලීව කටයුතු කිරීමට පෙලඹෙන අතර ඔබගේ කාර්යාලයේ, වැඩබිමේ, ව්‍යාපාරික ස්ථානයේ සෙසු අය සමග සුහදශීලීව කටයුතු කිරීමෙන් ඔබට ඒ අයගේ ප්‍රසාදය දිනා ගත හැකිය.
  • මිථුන - සුහදශීලීව කටයුතු කරයි
ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැය පස අධික කරන සතියක් වනු ඇත. ආදායම් මාර්ගගේ ඉදිරි අනාගතය පිළිබඳ තීරණයකට එළඹීමට හැකිවෙයි. හදිස්සියේ තමා සොයාගෙන එන කෙනකු නිසා නොසිතූ වාසිසහගත තත්ත්වයකට ඉඩ ඇත. වාහන ගමන් පිළිබඳ පරිස්සම් විය යුතු කාලයකි. සතිය මැද කාලය වන විටදී පවුලේ උත්සව කටයුත්තකට සැලසුමක් සකස් වනබවක් පෙන්නුම් කරයි. රැකියා කටයුතුවල තරමක සාර්ථකත්වයක් ඇති කරන අතර රැකියාව නිසා කෙටි ගමන් යෙදීමට හෝ රැකියාවේ ස්ථාන මාරු සිදුවීමට ඉඩ ඇත.
  • කටක - ණය මුදලක් හිමිවන ලකුණු
ඔබට මෙම සතිය තරමක අවිවේකී වුවත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට ද හැකිවෙයි. තමාට වැලඳෙන හදිසි අසනීපයක් හේතුවෙන් වෛද්‍යවරයෙකු හමුවීමට ඉඩ ඇති සතියකි. නිතර තමාට පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසේ. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. එසේම වෙළඳ ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට යහපත් සතියක් වන අතර  විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.
  • සිංහ - විදෙස් ලැබීමක් වෙනුවෙන් වෙහෙසීම
දේපළ ගනුදෙනුවක් හේතුවෙන් අමතර මුදලක් ලැබෙන අතර අඩුම තරමින් ඔබ රැකියා ව්‍යාපාරික කටයුත්තක් නිසා හෝ චාරිකාවක යෙදෙනු ඇත. ජංගම රැකියාවල යෙදෙන අයට වාසි සහගත සතියකි. තමන්ගේ ධන වාසනාව ඉහළින්ම යෙදී ඇත. නිවාස දේපළ කටයුතු කෙරෙහි ඔබගේ අවධානය යොමුවන අතර ඒවා සාර්ථක කර ගැනීමට වෙහෙසී කටයුතු කරනු ඇත. විදෙස් ලැබීමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි.
  • කන්‍යා - හිමිවිය යුතු මුදලක් හිමිවෙයි
වගකීම් වැඩි කරමින් සතිය ආරම්භ වන අතර නිතර ඇවිදිලි වැඩි කරන සතියක් බව කිව යුතුයි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ කැප වී කටයුතු කිරීමට සිදු වේ. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරන කාලයක් වන දරුවකු නිසා සිතේ නොසන්සුන්තාවක්ද ඇතිවීමට ඉඩ ඇත. ඔබට සංචාර හරහා සාර්ථක ප්‍රතිඵල හිමි කර ගත හැකි සතියකි. සතිය මැද කාලයේදී හිමිවිය යුතු මුදලක් නැවත හිමිවන තැනට පසුබිම සැකසෙයි.
  • තුලා - අලුත් හිතවත්කම්
ලැබීම් අතින් යහපත් සතියක් වන්නේ නමුදු නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් බැවින් හිතුවක්කාර කටයුතුවලින් ඈත් වී සිටීම යහපත්වේ. මෙතෙක් අමනාපයෙන් සිටි හිතවතකු තමා සොයාගෙන එන කාලයකි. එමෙන්ම මෙය ව්‍යාපාර කටයුතු සම්බන්ධ උනන්දුව අඩු වී යන සතියකි. ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැයපස අධික වන අන්දමේ කටයුතු කීපයක් සිදුවෙයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන කාලයක් බැවින් ඇසුරු කරන අය පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ.
  • වෘශ්චික - රැකියාවට අමතර ලැබීම්
මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් අතර මග නවතා දැමීමට හේතු යෙදෙන සතියක් වන අතර ඥාතීන් අතර ඇතිවන බහින් බස්වීමක් දුර දිග යන සතියකි. නිතර පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගෙන කටයුතු කිරීමට සිදු වේ. ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයක් බැවින් යොදාගත් සැලසුමක් වෙනසකට ලක්කරයි. වාහන ගනුදෙනුවක් සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. සතිය මැද කාලයේදී තමාට හිමිවන්න තිබූ දේපළක් අහිමි වන ලකුණු පෙන්නුම් කරයි. සතිය ආරම්භක දින දෙකේදී රැකියාවට අමතර ලැබීම් හිමි කරයි.
  • ධනු - විදෙස් ගමනක් පිළිබඳ උනන්දුව
අවිවේකී ලෙස උදාවන මේ සතියේ ධනු ලග්න හිම ඔබට නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසේ. අලුත් රැකියා ලාභ හිමිවන කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වේ. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අවාසි කීපයක් සිදුකරයි. සතිය මැද කාලයේදී පාදයේ වළලුකර ආශ්‍රිත ඇතිවන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අඹුසැමි ගැටලුවක් දුර දිග යා හැකි අන්දමේ කරුණු කීපයක් සිදුවෙයි.
  • මකර - විශේෂ ගනුදෙනුවකට මඟ
හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර විශේෂ ගනුදෙනුවකට මඟ සැලසීමක් ද සිදුවෙයි. අමතර ආදායම් කෙරෙහි උනන්දුව වැඩි කරයි. හවුල් ව්‍යාපාරයනට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. ඒත් සමගම පවුලේ කෙනකු සමඟ ඇතිකර ගන්නා මතභේදයක් දුර දිග යා හැකියි. උදර ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනබවක් පෙනේ. නිතර තමා හමුවීමට යන එනකෙනෙකු පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් මූල්‍ය පාඩුවක් ද සිදුවිය හැකි බැවින් ඒවා කෙරෙහිත් කල්පනාකාරී වන්න.
  • කුම්භ - විදෙස් හිතවතකුගෙන් උපකාරයක්
කෙටි ගමන් බහුල සතියක් වන අතර පවුලේ කටයුතු කෙරෙහි පවතින උනන්දුව මෙන්ම පොත පත අධ්‍යාපන කටයුතු කෙරෙහි පවතින උනන්දුව ද අඩු වී යන බවක් පෙන්නුම් කරයි. විදෙස් හිතවතකුගෙන් උපකාරයක් හිමිවේ. නිතර පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක් වන අන්දමේ කටයුතු කීපයක් සිදුවෙයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් නිතර ජලයෙන් මෙන්ම සීතල කෑම බීම වලින් පරිස්සම් විය යුතු බවක්පෙනේ. කලබලකාරී ගති පැවතුම් තමාට පාඩුවක් සිදුකරන නිසා එවැනි දෙයින් අත්මිදෙන්න.
  • මීන -  දේපළ ගැටලුවක් විසදෙයි
අමතර ආදායමක් උපදින වැඩ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන අතරම දේපල ගැටලුවක් මුල්කොට ඇතිව තිබුණු සිතේ නොසන්සුන්තාව මඟ හැරී යන ලකුණු පෙන්නුම් කරයි. තරග විභාගයක් හේතුවෙන් ඇතිවන වෙහෙසීම් වැඩි කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. අවිවේකී වුවත් සැලසුමක් සාර්ථකවන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. සති අන්තයේදී කලකින් නොදුටු හිතවතකු හමු වීමට අවස්ථාව උදා කරයි.
 
  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.
 
 
 

හිත හැංගුවාම පවුලට වෙන විනාශය Read Previous

හිත හැංගුවාම පවුලට වෙන විනාශය

The Next Face Read Next

The Next Face

Realted Post

Leave a comment