මේ සතිය ඔබට - දෙසැම්බර් 23 සඳුදා සිට දෙසැම්බර් 29 ඉරිදා දක්වා
මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර
රාහු කාලය
23 සඳුදා- පෙ:ව: 07. 48 සිට පෙ:ව: 09. 18 දක්වා24 අඟහරුවාදා- ප:ව: 03 .18 සිට ප:ව: 04. 48 දක්වා25 බදාදා- පෙ:ව: 12- 19 සිට ප:ව: 01. 49 දක්වා26 බ්‍රහස්පතින්දා- ප:ව: 01. 49 සිට ප:ව: 03. 19 දක්වා27 සිකුරාදා- පෙ:ව: 10. 50 සිට දහවල්: 12. 20 දක්වා28 සෙනසුරාදා- පෙ:ව: 09. 20 සිට පෙ:ව: 10. 50 දක්වා29 ඉරිදා- ප:ව: 04.51 සිට ප:ව: 06- 21 දක්වා
- මේෂ - පදිංචිය අලුත්වැඩියා කිරීමක්
මෙය ඔබ අවංකව සතුටින් අන්‍යයන් සමග කටයුතු කරන සතියකි. නවීන ක්‍රමයකට අනුව ගේදොර මෙන්ම ව්‍යාපාරික ස්ථානයද අලුත්වැඩියා කිරීමටත්, අලංකාර කිරීමටත් සිත් ගෙනදෙයි. අධ්‍යාපන හා රැකියා කටයුතුවල යම් යම් වෙනස්කම් සිදුවෙයි. එමෙන්ම මෙතෙක් කල් හැදෑරූ විෂයයන් හෝ රාජකාරි ක්ෂේත්‍ර හදිසියේ වෙනස්කොට නව විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.
- වෘෂභ - පැවති ආරවුලක් විසඳෙයි
ඔබට මේ සතියේ අවසන් දින 4තුල අනාගත යහපත උදෙසා කිසියම් ශුභඵලදායී බවක් ගොඩනැගුණත් අත්තනෝමතික හිතුවක්කාරී ක්‍රියා නිසා විවිධ පාඩු සිදුවීමටත් ඒත් සමගම ඉඩ ඇත. පසුගිය දිනවල බලපෑ ව්‍යාපාරික ප්‍රශ්න, රාජකාරි ගැටලු බඳු ප්‍රශ්න දේපළ ආරවුල් යනාදිය මේ සතියේ විසඳේ. විශේෂයෙන් ඔබට මෙම සතියේදී ආදර සබඳතා හා විවාහ යෝජනාදියට සම්බන්ධ අරමුණු සැලසුම් පහසුවෙන් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට හැකිවන්නේය.
- මිථුන - අනවශ්‍ය වියදම්
ඔබට මේ සතිය සුබාසුබ මිශ්‍ර පල ගෙනදේ. අවසන් දින 3 ශුභඵලදායී අයුරින් ගත වේ. ඔබට මේ සතියේදී තම ජීවිතයේ නව වෙනසක් පෙරළියක් අමුත්තක් වෙනුවෙන් ක්‍රියා කිරීමේ සිත් පහළ වේ. ආදායම් තත්ත්වය හොඳ වුවත් වියදමේ පාලනයක් නොමැති බැවින් ලැබෙන මුදල් අනවශ්‍ය ලෙස වියදම් වී යයි. ගෙදර දොර පවුලේ අයගේ ශුභ සිද්ධිය සඳහා වැඩ පිළිවෙළක් සකස් කරන්නට සිදු වේ. සෙසු දිනයන්හි තම දෛනික කටයුතුවල අර්බුදයක් ඇති නොවන ලෙස කටයුතු කරන්න.
- කටක - ස්ත්‍රීන් සමග වාද භේද
ඔබගේ ලග්නාධිපති සඳු ග්‍රහයාගේ ගමන මත ඔබට මෙම සතිය තුළ අභියෝග මැඩගෙන අලාභහානි අවම කරගෙන කටයුතූ කළහැකි වුවත්, ස්ත්‍රීන් සමගද වාද භේද පැන නගී. ශරීර පීඩාද ඇති වෙයි. ඥාතීන් හෝ මිත්රයින් සමග ආරවුල් මතුවිය හැකිය. කරදර මධ්‍යයේ සැපක්ද ලැබේ. ඔබගේ හැඟීම් හා සිතැඟිවලට අනුකූල වෙමින් පවුලේ අය හා ඇසුරු කරන්නන් ඔබ සමග සහයෝග වනු ඇත.
- සිංහ - අන්‍යයන්ගේ සහයෝගය උදව් උපකාර
ඔබට මේ සතිය සුබාශුභ මිශ්රපලදායී ලෙස ගතවේ. එහෙත් මෙම සතිය තුල ඔබට අලුත් ප්‍රාර්ථනා අනුව නව මගක ගමන් කිරීමට හැකිවේ. ඒ ඒ කාර්යයන් වලට අදාළව යම් යම් අයගෙන් අපේක්ෂා කරන සහයෝගය උදව් උපකාරද ඔබට නොඅඩුව ලැබේ. ඉගෙනීම් කටයුතුවල නිරතවූවන්ට, රැකියා අපේක්ෂාවෙන් සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින්නන්ට, අලුත් ආයෝජන ඇරඹීමට බලාපොරොත්තු වන්නන්ට එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ.
- කන්‍යා - සුවපහසු පරිසරයක්
ඔබ මේ සතියේදී ඉතා විවෘතව අවංකව අන්‍යයන්ට ඇප උපකාර කරමින් පරිත්‍යාගශීලීව කටයුතු කරන්නේය. එසේම ඔබ තම ඥාති හිතවතුන්ගේ දියුණුව වෙනුවෙන් ද කැපවී ක්‍රියා කරන සතියක්ද වේ. එවැනි කරුණු නිසා තම පෞද්ගලික කටයුතු බොහොමයක් අතපසු වී යයි. රැකියා කටයුතු කරන ස්ථානයේ සුවපහසු පරිසරයක් නිර්මාණය වන සතියක් ද වේ.
- තුලා - සතුරු බාධක පහවයෑමක්
ඔබ මෙම සතිය තුළ ගත වූ සතියට වඩා සිත දැඩිකර ගනිමින් දැඩි ආත්ම ධෛර්යයකින් යුක්තවම ක්‍රියාකිරීම නිසා තමන් පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් පවුල කෙරෙන් හා සමාජයේ විවිධ පුද්ගලයන් අතර ගොඩනැගෙනු ඇත. ගේදොර කටයුතු හා ව්‍යාපාරික කටයුතු තමාගේ බුද්ධිමත් සැලසුම් නිසා සාර්ථක අයුරින් කරගෙන යා හැකිය. ඔබගේ අධ්‍යාපන, රැකියා මෙන්ම ඉපැයීම් ක්ෂේත්රයට බලපෑ සතුරු උපද්‍රව බොහෝමයක් යටපත් වී යන සතියකි.
- වෘශ්චික - රැකියා අපේක්ෂාවක් ඉටුවෙයි
මේ සතියේ මුල් දින 2 හා අවසන් දින 2ත් , ශුභදායී අයුරින් ගත වේ. ජීවනෝපාය මාර්ග, අධ්‍යාපන, අංශවල දියුණුවක් ඉදිරියක් දක්නට ලැබේ. වැදගත් හිතමිතුරු සබඳතා ගොඩනැගේ. කරන කියන බොහෝ කටයුතු සාර්ථක වන ආයෝජන වලට මුදල් ලැබෙන දින හතරකි. එසේම මෙය දෙස් විදෙස් රැකියා අපේක්ෂාවක් ඉටුවේ. ස්ථාන ගැටලු විසඳෙන, පවුලේ කටයුතු සම්බන්ධව ද නවෝදයක් ඇතිවන දින කිහිපයකි. සතිමැද දින තුන ගමන් බිමන් වලදී මෙන්ම ගනුදෙනු වලදීත් ආරක්ෂාවන්න. එහිදී සිතේ සන්සුන් බව හීන කරයි.
- ධනු - හොඳ හිත වර්ධනය වෙයි
ඔබට මේ සතිය ශුභඵලදායී අයුරින් ගත වේ. පසුගිය දිනවල අතපසු වී ගිය ගෙදර දොර කටයුතු මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාර හා අධ්‍යාපන වැනි කටයුතු නිසි පිළිවෙළකට අවසන් කරගත හැකි අතර අතරමග නතර වී තිබූ විශේෂ කාර්යයන්ද නැවත සැකසේ. ආයතනය තුළදී නැතහොත් සමිති සමාගම්වලදී හවුල් කරුවන්, ඇසුරු කරන්නන් අතර හොඳ හිත වර්ධනය කර ගනී.
- මකර - රාජකාරි කටයුතුවල විශේෂ දියුණුවක්
ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තුළ පීඩාවකින් තොරව ගමන් කරන හෙයින් වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වේ. ගෙදර දොරපවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යයයන්ට සම්බන්ධ කටයුතු හොඳින් ඉටුකර ගැනීමටත් හැකිවන්නේය. ඔබට තම මූල්‍ය සැලසුම් හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. භාරගන්නා ඕනෑම කටයුත්තක් සාර්ථකව නිම කිරීමටත් ඔබට මේ සතියේ හැකියාව ලැබෙනු ඇත. රැකී රක්ෂා රාජකාරි කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවන්නේය.
- කුම්භ - මනසට නැවුම් ප්රබෝධයක්
කුම්භ ලග්නය හිමි ඔබට මෙය සුබ අසුබ මිශ්රඵලදායී අයුරින් ගතවන සතියකි. කෙසේ වෙතත් ඔබ මෙම සතියේ මුල් දින දෙක තුළ ආත්ම දමනයෙන් හික්මීමෙන් කටයුතු කළ යුතු වේ. අභියෝග භාර ගනිමින් බොහෝ කටයුතු අවසන් කිරීමට හැකි වේ. ඉක්මන්කාරී කලබලය නිසා ගැටුම් මතභේද, කටුක නොසරුප් බසින් කරන අදහස් හුවමාරුව, නුවණඅනිසි ලෙස මෙහෙයවීම මෙම සතියතුල ඇතිකරන අනිටු විපාක වේ. අවසන් දින දෙක සඳු ගමන පරිදි මනසට නැවුම් ප්රයෝධයක් දැනෙන බැවින් බොහෝ වැඩ කටයුතු උද්යෝගයෙන් හා උනන්දුවෙන් එහිදී අවසන් කළ හැකි වේ.
- මීන - ශරීර සනීපයට බාධා
ඔබට මෙම සතිය එතරම් සුබදායී නොවන අතර තමාට හෝ අඹුදරු ආදී පවුලේ කෙනෙකුට හෝ අසනීපයක් පීඩාවක් ඇතිවිය හැකිය. දුක් කණගාටු හිරිහැර ඇතිකළ හැකියි. ලේ දෝෂ, අධික රුධිර ධාවනය,
සෙම් හා ලේ උෂ්ණවීම්, උණ ආදී ආබාධ සහ අර්ශස් ආබාධ පැන නගින්නට පුළුවන. එනමුදු කෘෂිකාර්මික කටයුතුවලට වෙළඳාම, බ්‍රෝකර් කටයුතු මැණික් හා ඛනිජ සම්පත් ව්‍යාපාර ආදියෙහි නියැලෙන්නන්ට මේ සතිය යහපත් වන අතර ඔවුන්ට ලාභ ප්‍රයෝජනද සැලසෙයි..
සෙම් හා ලේ උෂ්ණවීම්, උණ ආදී ආබාධ සහ අර්ශස් ආබාධ පැන නගින්නට පුළුවන. එනමුදු කෘෂිකාර්මික කටයුතුවලට වෙළඳාම, බ්‍රෝකර් කටයුතු මැණික් හා ඛනිජ සම්පත් ව්‍යාපාර ආදියෙහි නියැලෙන්නන්ට මේ සතිය යහපත් වන අතර ඔවුන්ට ලාභ ප්‍රයෝජනද සැලසෙයි..
-
ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.
Leave a comment