මේ සතිය ඔබට - පෙබ : 10 වන සඳුදා සිට පෙබ : 16 වන ඉරිදා අතර
රාහු කාලය
10 සඳුදා- පෙ:ව: 07. 58 සිට පෙ:ව: 09. 28 දක්වා
11 අඟහරුවාදා- ප:ව: 03 .28 සිට ප:ව: 04. 58 දක්වා
12 බදාදා- පෙ:ව: 12- 28 සිට ප:ව: 01. 58 දක්වා
13 බ්‍රහස්පතින්දා- ප:ව: 01. 58 සිට ප:ව: 03. 28 දක්වා
14 සිකුරාදා- පෙ:ව: 10. 58 සිට දහවල්: 12. 28 දක්වා
15 සෙනසුරාදා- පෙ:ව: 09. 28 සිට පෙ:ව: 10. 58 දක්වා
16 ඉරිදා- ප:ව: 04.57 සිට ප:ව: 06- 27 දක්වා
- මේෂ - උසස් අයගේ ප්‍රසාදය
සමාජයේ උසස් අය යටතේ වැඩවල නියුතු අයට තම ස්වාමි පක්ෂයේ ප්‍රසාදය ලබාගැනීමට හැකි සතියකි. පොදු සමාජීය කටයුතුවලටත් වැඩි වශයෙන් සම්බන්ධ වී කටයුතු කිරීම නිසා ප්‍රසාදය මෙන්ම විවිධ ලාභප්‍රයෝජන ද ලැබේ. පවුලේ කටයුතු, අධ්‍යාපන හා තමා නිරත රැකියා ව්‍යාපාරා ආදියේ කටයුතු කරදර බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් කරගැනීමටත් හැකියාව ලැබේ. කෘෂිකාර්මික කටයුතුවලට වෙළඳාම, බ්‍රෝකර් කටයුතු මැණික් හා ඛනිජ සම්පත් ව්‍යාපාර ආදියෙහි නියැලෙන්නන්ට යම් යම් ලාභ ප්‍රයෝජනද සැලසෙයි.
- වෘෂභ - රැකියා ව්‍යාපාරවල ප්‍රගතියක්
ඔබට මෙය ශුභාශුභ මිශ්‍ර අයුරින් ගතවන සතියකි. ඔබට මෙම සතියේ මුල් දින තුනේදී තමා නිරත රැකියා හා වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතුවල නව ප්‍රගතියක් ප්‍රතිසංස්කරණයක් අත්වන ලෙසට කටයුතු සිදුවෙයි. හිතවතෙකු මාර්ගයෙන් රැකියා ලාභයක් ද ලැබේ. ලැබෙන මුදල් විනෝදාස්වාදය, නිශ්ප්‍රයෝජන ගමන් බිමන් උදෙසා වැය නොකරන්න. අනපේක්ෂිත අයුරින් යම් යම් වියදම් ගෙන දේ. හවුල් ව්‍යාපාර සම්බන්ධ කටයුතුවලට යොමුවීමට මෙය ශුභදායක සතියක් වේ.
- මිථුන - තනතුරුවල වෙනසක්
රැකියාවේ හා ඉපැයීම් මාර්ගයන්ට අදාළ කටයුතු සම්බන්ධ අලුත් සැලසුම් කීපයක් ඇති කරගන්නා සතියක්බව කිව යුතුයි. එමෙන්ම තනතුරුවල වෙනසක් සිදුවෙයි. ස්වයං රැකියා කටයුතුවලින් අමතර වාසි සහගත අවස්ථා සැකසේ. එමෙන්ම ගේදොර කටයුතු හා ව්‍යාපාරික කටයුතු තමාගේ බුද්ධිමත් සැලසුම් නිසා සාර්ථක අයුරින් කරගෙන යා හැකිය. ඔබගේ අධ්‍යාපන, රැකියා මෙන්ම ඉපැයීම් ක්ෂේත්‍රයට බලපෑ සතුරු උපද්‍රව බොහෝමයක් යටපත් වී යන සතියකි.
- කටක - වගකීම් බහුලවෙයි
ඔබට මෙය ශුභඵලදායී අයුරින් ගතවන සතියකි. තමා අදහස් කළ පරිදි, සැලසුම් කළ ආකාරයට දෛනික වැඩ කටයුතු කරගෙන යාමට මිල මුදල් අතට ලැබේ. ව්‍යාපාරික කටයුතුවල නිරතවන්නන්, විවේකය විනෝදය ගැන නොබලා ඉපැයීම් මාර්ග කරේ වැඩිපුර යොමු වේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරන සතියකි. වගකීම් බහුල රැකියා කටයුතුවල නියැළෙන බවක් පෙනේ.
- සිංහ - ප්‍රීති උත්සව අවස්ථා
අවසන් දින පහේදී කරන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල අත්වීම නිසා සිතේ සතුට ප්‍රීතිය ඇති කරයි. ප්‍රයෝජනවත් හිතවත් ඥාති මිතුරු සබඳකම් ඇති වේ. විශේෂයෙන් ඔබ තමන්ගේ පරිපාලන වගකීම් යටතේ පවත්නා කටයුතු සාර්ථක කර ගැනීමට මහත් ඕනෑකමකින් උනන්දුවකින් ක්‍රියා කරයි. විනෝද හෝ සංචාරක ගමන්, ප්‍රීති උත්සව අවස්ථා යනාදියට සහභාගිවීමටත් ඉඩ ලැබේ. මුල් දින දෙකට වඩා අවසන් දින පහේදී ඔබට අධ්‍යාපන රැකියා විවාහ වැනි කේෂේත්‍රවල අනාගතයට වැඩදායි සැලැස්මක් සකස්කර ගැනීමට හැකියාව ද ලැබේ.
- කන්‍යා - දක්ෂතා ඉස්මතු වෙයි
ඔබට මෙම සතියේ මුල් දින තුනත් අවසන් දින දෙකත් ශුභඵලදායී අයුරින් ගත වේ. අධ්‍යාපන, රැකියා ව්‍යාපාර මෙන්ම ඉපැයීම් මාර්ගයන්ට අදාලව පසුගිය දිනවල බලපෑ දුෂ්කර තත්ත්ව කිහිපයක් සාර්ථක කරගැනීමට පහසුකම් සැලසේ. යටපත්ව පැවති දක්ෂතා ඉස්මතු වේ. සිත සන්සුන්ව තබා ගැනීමටත්, කරන කියන දෙයින් ලාභ ප්‍රයෝජන සලසා ගැනීමටත් හැකිවන තත්ත්වයට කරුණු සැලසෙයි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයට මුදල් ලැබේ.
- තුලා - කලබලකාරී තත්ත්වයක් පහ යයි
තම වැඩ කටයුතුවලට අවශ්‍ය අයගේ උසස් අයගේ ආධාර උපකාර ද ලැබේ. දූ දරුවන්ගේ අනාගත ශුභ සිද්ධිය සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සැකසීමටත් ඔබ ක්‍රියාකරයි. සතුරු කරදරයක් හෝ නීති තර්ජනයක් හේතුවෙන් හිතේ හටගෙන තිබූ කලබලකාරී තත්ත්වයක් පහවී ගොස් සැනසිලිදායක බවක් ගොඩනැගේ. විශේෂයෙන් දැඩි අධිෂ්ඨානයකින් හා කැපවීමෙන් යුතුව ගෘහ ජීවිතයේ මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාරවල කටයුතු නව මුහුණුවරකින් කරගෙන යාමට පවත්වාගෙන යාමට හැකිය.
- වෘශ්චික - හිතවතකුගෙන් ආදර සංග්‍රහයක්
ඔබේ ලග්නය පරිදි මෙම සතියේ අවසන් දින පහ දිවියේ දියුණුවට කටයුතු සැලසුනත් ධනලාභ මිල මුදල් ලාභ අලංකාර වස්තු ලාභ මෙන්ම රෙදිපිළි ඇඳුම් පැළඳුම් ලාභ සමගම ස්ථාන තනතුරු නිලතල ලාභ ප්‍රයෝජන හා වරප්‍රසාද ගෙනදුන්නත්, සතියේ වැඩි දින ගණනක් ඔබට සැකයෙන් අවිනිශ්චිත භාවයෙන් කටයුතු කරන්නටත් සිදු වේ. පොදුවේ ඔබට නොයෙක් දේ ගැනත් අනුන් ගැනත් සැකයක් පහළවන දෑ සිදු වේ.සතිය ගතවීමට පෙර හිතවතකුගෙන් ආදර සංග්‍රහයක් ද ලැබේ.
- ධනු - විරුද්ධ ලිංගිකයන් ඇසුර පරිස්සමින්
ඔබට මෙය උද්යෝගීමත්ව ධෛර්යයෙන් දෙනික කටයුතුවල නියුතුවිය හැකි සතියක් වන්නේ නමුදු රාජකාරී ස්ථානය තුළ සැනසිලිදායී වටපිටාවක් ඇති නොවේ. හවුල් ව්‍යාපාරවල ගැටලු මතු නොවුණත් විශේෂයෙන් ඔබ නිරත රැකියා ව්‍යාපාර වගකීමෙන් සැලකිල්ලෙන් කරන්න. විවාහ යෝජනා රැකී රක්ෂා තනතුරු රැකියා පොරොන්දු ණය ගණුදෙනු අපේක්ෂා මූල්‍ය සැලසුම් වැනි දේවල් කඩාබිඳ වැටීමටද නැතහොත් ඒවාට බාධා සිදුවීමටද හේතු යෙදේ. විරුද්ධ ලිංගිකයන් ඇසුරු ද පරිස්සමින්. කෙසේ වුවත් අභියෝග ජයගත හැකිය.
- මකර - ප්‍රීතිමත් ගමන්
මෙම සතිය සුබාඅසුබ මිශ්‍රපල ගෙනදීමක් පෙන්නුම් කරයි. වරින් වර ප්‍රීතිමත් ගමන් ඇති වේ. විනෝදයට සිත ඇදී යයි. එහෙත් ඔබ මෙහිදි කරන කියන බොහෝ කටයුතූවලින් සිත් සතුට ගෙන නොදෙයි. ගෞරවයට හානි වේ. මෙවැනි ප්‍රතිපල මධ්‍යයේම නිෂ්ඵල ගමන් අධික වියදම් ඇති කරන්නට පුළුවන. දුර බැහැර පළාත්වලට යාමට සිදු වේ. සමහරවිට ඒ පිට පළාත්වල පදිංචියට හෝ වැඩ කටයුතුවලට බැඳීමට සිදු වේ.
- කුම්භ - ප්‍රභූ ඇසුරකට අවස්ථාව
මෙම සතියේ අවසන්දින තුන තුළ සතුරන් නිසා සිතට භය හා සැක සහිතව කාලය ගෙවේ. නිෂ්ඵල වූද වියදම් අධික වූද ගමන් බිමන් යාමටත් එහිදී සිදු වේ. ස්ථාන හෝ කටයුතුද වෙනස් විය හැකියි. සෙසු දිනවලදී නොයෙක් ආකාර සුළු සුළු ද්‍රව්‍ය ලාභ ලැබෙන්නට පුළුවන. වැඩිහිටි ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමටද අවස්ථාවක් උදා කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවලට වැඩි කාලයක් යොදවන බවක් පෙනේ. ප්‍රභූ ඇසුරකට අවස්ථාව සැකසෙන සතියකි.
- මීන - ගැටලුවක් නිරාකරණය වෙයි
ඔබට මෙම සතියේ මුල් දින දෙකට වඩා අවසන් දින පහ තුළ හිතවතෙකුගේ ආධාර ඇතිව නව ආදායම් මාර්ගයක් ආරම්භ කිරීම සඳහා කටයුතු පිළියෙළ වේ. උරුම හිමිකම් ප්‍රශ්න, හෝ යම් යම් අය සමග කළ ගනුදෙනු හේතුවෙන් ඇතිවන ප්‍රශ්න යනාදිය හේතුවෙන් වන්නට ගිය ගැටලුවක් ද නිරාකරණය වේ. මතු යහපත වෙනුවෙන් අධ්‍යාපන හා රැකියා කටයුතුවල යම් යම් වෙනස්කම් සිදුවෙයි. ඔබ මෙම සතිය තුළ සෑම විටම අලුත් සිතුම් පැතුම් ඔස් අලුත් යමක් ක්‍රියාත්මක කිරීමට යොමු වේ.
- බෙන්තොට-හේමන්ත වීරසිංහ.
Leave a comment