මේ සතිය ඔබට - පෙබ : 17 වන සඳුදා සිට පෙබ : 23 වන ඉරිදා අතර

රාහු කාලය

17 සඳුදා- පෙ:ව: 07. 57 සිට පෙ:ව: 09. 27 දක්වා

18 අඟහරුවාදා- ප:ව: 03 .27 සිට ප:ව: 04. 57 දක්වා

19 බදාදා- පෙ:ව: 12- 27 සිට ප:ව: 01. 57 දක්වා

20 බ්‍රහස්පතින්දා- ප:ව: 01. 56 සිට ප:ව: 03. 26 දක්වා

21 සිකුරාදා- පෙ:ව: 10. 56 සිට දහවල්: 12. 26 දක්වා

22 සෙනසුරාදා- පෙ:ව: 09. 26 සිට පෙ:ව: 10. 56 දක්වා

23 ඉරිදා- ප:ව: 04.55 සිට ප:ව: 06- 25 දක්වා

  • මේෂ - රැකියා මෙන්ම ආර්ථිකමය වාසි

ඔබට මෙම සතිය තුළ යම් යම් ලාභ ප්‍රයෝන ලැබේ. සමාජයේ මෙන්ම ආයතනය වෙතින් වුව ගෞරව සැලකිලි හිමිවෙයි. අධ්‍යාපන රැකියා මෙන්ම ආර්ථිකමය වාසි වැනි ලාභද ලැබේ. ප්‍රීතිමත් අවස්ථාවන්ට මෙන්ම විනෝද සංචාරක ගමන්වලටත් සහභාගිවීමට ලැබේ. ආයතනයේ උසස්වීම් බලාපොරොත්තුව සිටින අයගේ එම අපේක්ෂා සාර්ථක වේ. එසේම වෙළඳ ව්‍යාපාර කරගෙන යන අයට මේ දිනවලදී වැඩි ලාභ ලැබෙන අවස්ථා සැකසේ.

  • වෘෂභ - තරගකාරී කටයුතුවලින් ජය

ඔබට මෙම සතියතූල තරගකාරී කටයුතුවලින් ජය ලැබෙන රැකිරක්ෂා තනතුරුවලින් දියුණුවද සතුට ද ඇතිවන සතියක් වුවත් ඔබ මෙම සතියේදී ප්‍රයෝජනවත් ස්ථීර දෙයකට මුදල් යෙදවීමේදී වඩාත් කල්පනාකාරීවන්න. නැතහොත් ඒවායින් අලාභ, පාඩු සිදුවේ. තම වැඩකටයුතු වලට පැරණි හිතවතුන්ගේ උපකාර ද ලැබේ. ගෙදරදොර කටයුතුවලින් සිතේ සතුට හා සැනසීම ද ගෙනදුන්නත්, ප්‍රේමවන්තයින්ට ප්‍රශ්නකාරී දෑ මතුවේ. කලකට පෙර අහිමි වූ උරුම හිමිකමක් යළිත් ලබා ගැනීමට මාර්ග සැකසේ.

  • මිථුන- ඉපැයීම් ක්‍ෂේත්‍ර නව මගකට

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින්ගේ හැසිරීම කෙරෙහි සසඳා බලන කල මේ සතිය ඔබට සුබපල තරමක් හීනබවක් පෙන්නුම් කරයි- එනමුදු අධ්‍යාපන, රැකියා ව්‍යාපාර මෙන්ම ඉපැයීම් ක්‍ෂේත්‍ර නව මගකට යොමු වීමටත් කරුණු යෙදේ. සතිය පුරාවටම මෙන් අනාගතය කෙරෙහි බලපාන දෙයක් ගැන කැමැත්තක් ඇති වී කාලය ගත වේ. පිනට දහමට ආශාව, ආගම භක්තිය ශ්‍රද්ධාව ඇති කරයි. නමුත් මුදල් අතින් අගහිඟකම් ඇති වේ.

  • කටක - සිතේ සතුටට කරුණු සැලසේ

සඳු ග්‍රහයාගේ සුබභාව ගත ගමන මත මෙම සතියේ ඔබට තම වැඩකටයුතු කෙරෙහි පැහැදිලි ශුභඵල ඇති කරයි. බොහෝ සෙයින්ම සිතේ සතුටට කරුණු සැලසේ. ගතවූ සතියට වඩා හොඳ තත්ත්වයකට හැරෙයි. විශේෂයෙන් ඔබ සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව නිදහස්ව වාසය කිරීමට බලයි. මෙය ඔබට අමුත්තන් වැඩිපුර මුණ ගැසෙන සතියකි. කලාත්මක අංශයේ රැකියාවල ව්‍යාපාරවල යෙදෙන්නන්ට වැඩිපුර ලාභ ප්‍රයෝජන සැලසේ. විරැකියාවෙන් පෙළෙන්නන්ට උත්සාහ ගතහොත් රැකියාවක් සොයාගත හැකි වේ.

  • සිංහ - විකිණීම් මිලයට ගැනම් වලින් ලාභ

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තූල ගමන් කරන විලාසය මත සසඳා බලන විට ඔබට මේ සතිය පුරාවටම මෙන් තම අරමුණු සැලසුම ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට යෑමේදී අවහිර බාධා සතුරු කරදර යනාදියට මුහුණදීමට සිදුනොවේ. අධ්‍යාපනයේ නිරතවන්නන්ට තම අධ්‍යාපන ඉලක්ක බාධාවකින් තොරව සපුරාගත හැකිය. නිවාස දේපල වලට අදාළ කටයුතුවල සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි අතර විකිණීම් මිලයට ගැනීම් වැනි දෙයින් ද ලාභ ප්‍රයෝජන සැලසෙයි.

  • කන්‍යා - සහජ දක්ෂතාවලින් පලප්‍රයෝජන

මෙම සතිය තුළ ඔබගේ සහජ දක්ෂතාවලින් ඵල ප්‍රයෝජන ලැබීමට හැකි වේ. විවාහපේක්ෂිත තරුණ තරුණියන්ට තම විවාහය පිළිබඳව නිවැරැදි මෙන්ම සාර්ථකව තීරණවලට එළඹීමේ අවස්ථා ඇති කරයි. පවුලේ අය සම්බන්ධ ප්‍රීති උත්සව අවස්ථා යෙදේ. ඔබ ඉඩකඩම් යාන වාහන මෙන්ම දේපළ ආදියට මිල මුදල් යොදවමින් ආදායමක් උපදවන කෙනෙකු නම් ඉන් ලාභ ප්‍රයෝජන සැලසේ. මේ අතරම මහන්සියෙන් යම් වැඩක් කිරීමට සිදු වේ.

  • තුලා - සිතේ සතුටට කරුණු සැලසේ

යෝගකාරකයින් බලවත්ව හැසිරීම මුල්කොට මෙම සතිය ඔබට තම වැඩකටයුතු කෙරෙහි පැහැදිලි ශුභඵල ඇති කරයි. බොහෝ සෙයින්ම සිතේ සතුටට කරුණු සැලසේ. ගත වූ සතියට වඩා හොඳ තත්ත්වයකට හැරෙයි. මෙය ඔබට අමුත්තන් වැඩිපුර මුගැසෙන සතියකි. නව ආයෝජන මෙන්ම මිල මුදල් පිළිබඳ කටයුතු සාර්ථක වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට රාජකාරී ආයතන කෙරෙන් ද අනාගත ප්‍රගතිය උදෙසා නව වගකීමක් පැවරෙයි.

  • වෘශ්චික - නව රැකියා උදෙසා අවස්ථා

ඔබට මේ සතියේ මුල් දින දෙක හා අවසන් දින තුන තුල දී තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ වෙයි. එමෙන්ම දියුණුව ද ඇතිවෙයි. අපේක්ෂිත ආර්ථික ලාභ ලැබෙනු ඇත. ලාභ බලාපොරොත්තුවෙන් කරන වැඩවලින් හා වියදම් වලින් ලාභ ලැබේ. තමාට ආදර සංග්‍රහ කරන්නන් ළඟට යෑමට ඉඩ ලැබේ. ගෙදරදොර කටයුතුවලින් මෙන්ම අන්‍යයන් සමග කරන කටයුතුවලින් සැනසිල්ල ලැබේ. විරැකියාවෙන් පෙළෙන්නන්ට නව රැකියා උදෙසා උත්සාහ කරන්නට අවස්ථා උදා වේ.

  • ධනු - රැකියා ව්‍යාපාර ආදියේ දියුණුවක්

මෙම සතිය තුළ ඔබ විශේෂයෙන් සාමූහිකව කටයුතු කිරීමේදී හා පවුලේ අය සමගත් කටයුතු කරන විට ගැටලු ප්‍රශ්න අවම කර ගෙන සිය දෛනික කාර්්‍යය කටයුතුවල නිරතවන්න. ඒ එසේ නමුදු උසස්වීම් බලාපොරොත්තුව සිටින අයගේ අදහස් සඵල කරගැනීමට මෙම සතිය යහපත් වේ. ඔබ මෙම සතියේ විනෝදය විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලී භාවයෙන් යුතුව කටයුතු කළහොත් රැකියා ව්‍යාපාර ආදියේ කිසියම් දියුණුවක් ස්ථාවර භාවයක් සලසා ගත හැකිය.

  • මකර - විවිධ ද්‍රව්‍ය ලාභ

ඔබගේ ලග්නාධිපති ශනි මෙන්ම සඳු ග්‍රහයාගේ ස්ථාවර ගමන මත ඔබට මේ සතිය පුරාවටම මෙන් මිල මුදල් ලාභ මෙන්ම විවිධ ද්‍රව්‍ය ලාභ, සුඛෝපභෝගී භාණ්ඩ වැනි දේ ලැබේ. ඒවා උපයා සපයා ගැනීමටත් පිළිවන්කම ලැබේ. අවිවාහකයන්ට විවාහ යෝජනා හෝ ප්‍රේම සබඳතා ගොඩනැගීම් ගෙන දෙන්නේය. එසේම සමාජීය හා මුදල්මය වාසි ප්‍රයෝජන ද අත් වේ. මෙය ඔබ පහසුවෙන් අන්‍යයන්ගේ ආකර්ෂණයට ලක්වන සතියකි. ගෘහ ජීවිතය සාමකාමී වේ. ඉගෙනීමට ආශාව ඇති වේ. පවුලේ අය සමග විනෝද ගමන් හි යෙදේ.

  • කුම්භ - අනුන්ගෙන් උදව් උපකාර

ඔබට මෙම සතිය තුළ අවහිර බාධා මධ්‍යයේ නමුදු අරමුණු සැලසුම් සාර්ථක වී බලාපොරොත්තු සහගතව කටයුතු කිරීමට හැකියාව ලැබේ. මුල්දින දෙක තුළ පවුලේ භේද ඇතිනොවන අයුරින් කටයුතු කරන්න. ව්‍යාපාරිකයන්ට අන්‍යයන් යොදවා වැඩ කරවා ගන්නන්ට දක්ෂ වැඩකරුවන් හොඳ ආධාරකරුවන් ලැබේ. සතියේ අවසන් දින දෙක තුළ අනුන්ගෙන් උදව් උපකාර ලැබෙන අතර ගෙදර දොර කටයුතුවලින් සැනසිලි දායක බවක් ගොඩනැගෙනු ඇත.

  • මීන - රැකියා ව්‍යාපාර වලින් දියුණුව

ඔබට මේ සතියේ දී තමාගේ වැඩ කටයුතුවලට සැලසුම් ක්‍රියාදාමයන්ට බලපෑ විවිධ අවහිර බාධා තරමක්දුරට පහව යයි. එසේම ඔබ කරන කියන ඈතැම් වැඩකටයුතුවලින් සිතට ප්‍රීතිය ද සැනසීමද ලාභ ප්‍රයෝජන ද ලැබේ. මෙම සතිය තුළ තමා නිරත රැකියා ව්‍යාපාර වලින් ද දියුණුවට කටයුතු සැලසේ. සමස්තයක් වශයෙන් බලන කල ඔබට මෙම සතියේ විවිධ ලාභ ප්‍රයෝජන සැලකිලි උදව් උපකාර හිමි වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි.

  • බෙන්තොට-හේමන්ත වීරසිංහ.

කාන්තා හඬට නායකත්වයක් රැගෙන  ’’ තේජා ’’ තිරයට පිවිසෙයි. Read Previous

කාන්තා හඬට නායකත්වයක් රැගෙන ’’ තේජා ’’ තිරයට පිවිසෙයි.

කිලිනොච්චියේ පිහිටි ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අගමැතිනියගේ නිරීක්ෂණයට Read Next

කිලිනොච්චියේ පිහිටි ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අගමැතිනියගේ නිරීක්ෂණයට

Realted Post

Leave a comment