මේ සතිය ඔබට - සැප්තැම්බර් 16 සඳුදා සිට සැප්තැම්බර් 22 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

16 සඳුදා - පෙ:ව: 07. 31 සිට පෙ:ව: 09. 01 දක්වා
17 අඟහරුවාදා - ප:ව: 03 .01 සිට ප:ව: 04. 31දක්වා
18 බදාදා - පෙ:ව: 12- 01 සිට ප:ව: 01. 31 දක්වා
19 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 31 සිට ප:ව: 03. 21 දක්වා
20 සිකුරාදා - පෙ:ව: 10. 31 සිට දහවල්: 12. 01 දක්වා
21 සෙනසුරාදා - පෙ:ව: 09. 01 සිට පෙ:ව: 10. 31 දක්වා
22 ඉරිදා - ප:ව: 04.31 සිට ප:ව: 06- 01 දක්වා
  • මේෂ - ස්වාමි පක්ෂයේ ප්‍රසාදය  
සමාජයේ උසස් අය යටතේ වැඩවල නියුතු අයට තම ස්වාමි පක්ෂයේ ප්‍රසාදය ලබා ගන්නට  හැකි සතියකි. පොදු සමාජීය කටයුතුවලටත් වැඩි වශයෙන් සම්බන්ධ වී කටයුතු කිරීම නිසා ප්‍රසාදය මෙන්ම විවිධ ලාභප්‍රයෝජන ද ලැබේ. පවුලේ කටයුතු, අධ්‍යාපන හා තමා නිරත රැකියා ව්‍යාපාර ආදියේ  කටයුතු  බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් කරගැනීමටත් හැකි වේ. කෘෂිකාර්මික කටයුතුවලට, වෙළඳාම, බ්‍රෝකර් කටයුතු මැණික් හා ඛනිජ සම්පත් ව්‍යාපාර ආදියෙහි නියැළෙන්නන්ට මේ සතිය යහපත් ය.
  • වෘෂභ - ස්වයංරැකියා කටයුතුවලින් අමතර වාසි
රැකියාවේ හා ඉපැයීම් මාර්ගයන්ට අදාළ කටයුතු සම්බන්ධ අලුත් සැලසුම් කීපයක් ඇති කරගන්නා සතියකි.   තනතුරුවල වෙනසක් සිදුවෙයි. ස්වයංරැකියා කටයුතුවලින් අමතර වාසි සහගත අවස්ථා සැකසේ.  ගේදොර හා ව්‍යාපාරික කටයුතු තමාගේ බුද්ධිමත් සැලසුම් නිසා සාර්ථක අයුරින් කරගෙන යා හැකිය. ඔබගේ අධ්‍යාපන, රැකියා මෙන්ම ඉපැයීම් ක්ෂේත්‍රයට බලපෑ සතුරු උපද්‍රව බොහෝමයක්ය යටපත් වෙයි.
  • මිථුන - විනෝද හෝ සංචාරක ගමන්
අවසන් දින පහේදී කරන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල අත්වීම නිසා සිතේ සතුට ප්‍රීතිය ඇති කරයි. ප්‍රයෝජනවත් හිතවත් ඥාති මිතුරු සබඳකම් ඇති වේ. විශේෂයෙන් ඔබ තමන්ගේ පරිපාලන වගකීම් යටතේ පවත්නා කටයුතු සාර්ථක කර ගැනීමට මහත් ඕනෑකමකින් උනන්දුවකින් ක්‍රියා කරයි. විනෝද හෝ සංචාරක ගමන්, ප්‍රීති උත්සව අවස්ථා යනාදියට සහභාගිවීමටත් ඉඩ ලැබේ. මුල් දින දෙකට වඩා අවසන් දින පහේදී ඔබට අධ්‍යාපන රැකියා විවාහ වැනි ක්ෂේත්‍රවල අනාගතයට වැඩදායි සැලැස්මක් සකස්කර ගැනීමට හැකියාව ද ලැබේ.
  • කටක - අනුන්ගේ වැඩ තමාට බිය උපදවයි
ඔබට මෙම සතිය එතරම් සුබදායි බවක් පෙන්නුම් නොකරයි. නියම වේලාවට නියම ක්‍රමයට කෑම බීම් ආදිය ගැනීමට රාජකාරී කිරීමටත් ඉඩපහසුකම් ඇති නොවේ. කරදර සහිත දවස් ය. සිදුවන ක්‍රියා හේතු කනගාටු සහිතව කාලය ගත වේ. අනුන්ගේ වැඩ තමාට බිය උපදවයි. නිෂ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇතිවන අවස්ථා බහුල වෙයි. සුනඛ සර්ප ආදීන්ගෙන් පීඩා ගෙනේ. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් ඇතිවී වැඩට සිත අධෛර්යවීමද සිදු වේ.
  • සිංහ – දක්ෂතා ඉස්මතු වෙයි
ඔබට මෙම සතියේ මුල් දින තුනත් අවසන් දින දෙකත් ශුභඵලදායි අයුරින් ගත වේ. අධ්‍යාපන, රැකියා ව්‍යාපාර මෙන්ම ඉපැයීම් මාර්ගවලට අදාළව පසුගිය දිනවල බලපෑ දුෂ්කර තත්ත්ව කිහිපයක් සාර්ථක කරගැනීමට පහසුකම් සැලසේ. යටපත්ව පැවති දක්ෂතා ඉස්මතු වේ. සිත සන්සුන්ව තබා ගැනීමටත්, කරන කියන දෙයින් ලාභ ප්‍රයෝජන සලසා ගැනීමටත් හැකිවන තත්ත්වයට කරුණු සැලසෙයි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයට මුදල් ලැබේ.
  • කන්‍යා - උපයන දෙයින් ඵල ප්‍රයෝජන
ඔබට මේ සතිය ශුභදායීබවක් පෙන්නුම් කරන අතර හික්මුණු  සහ  නිහතමානී ගතියක් ඔබ මගින් මැනවින් පිළිබිඹු වෙයි. පසුගිය දිනවල ඔබ කෙරෙහි පැවති කලබලකාරී ගතිය අප්‍රවේසම් සහිත ස්වභාවය පහවී ගොස් ක්‍රමවත්බවක්, පිළිවෙළක් අනුව වැඩ කටයුතුවල නිරත වී ජයග්‍රහණ රැසක් අත්පත්කර ගනී. පවුලේ සමගිය තහවුරු වන දෑ සිදු වේ. උපයන දෙයින් ඵල ප්‍රයෝජන ලැබේ. ආදායම් මාර්ගවල වර්ධනයක් ඇති වේ. 
  • තුලා -  විනෝදයට සිත ඇදී යයි
ඔබට මෙම සතිය සුබඅසුබ මිශ්‍රපල ගෙනදීමක් පෙන්නුම් කරයි. වරින් වර ප්‍රීතිමත් ගමන් ඇති වේ. විනෝදයට සිත ඇදී යයි. එහෙත් ඔබ මෙහිදි කරන කියන බොහෝ කටයුතූවලින් සිත් සතුට ගෙන නොදෙයි. ගෞරවයට හානි වේ. මෙවැනි ප්‍රතිඵල මධ්‍යයේම නිෂ්ඵල ගමන් අධික වියදම් ඇති කරන්නට පුළුවන. දුර බැහැර පළාත්වලට යාමට සිදු වේ. සමහරවිට ඒ පිට පළාත්වල පදිංචියට හෝ වැඩ කටයුතුවලට බැඳීමට සිදු වේ.
  • වෘශ්චික - සිතට භය හා සැක සංකා
මෙම සතියේ මැද දින තුන තුළ සතුරන් නිසා සිතට බය හා සැක සහිතව කාලය ගෙවේ. නිෂ්ඵල වූද වියදම් අධික වූද ගමන් බිමන් යාමටත් එහිදී සිදු වේ. ස්ථාන හෝ කටයුතුද වෙනස් විය හැකියි. සෙසු දිනවලදී නොයෙක් ආකාර යම් යම් ද්‍රව්‍ය ලාභ ලැබෙන්නට පුළුවන. වැඩිහිටි ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමටද අවස්ථාවක්  උදා කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවලට වැඩි කාලයක් යොදවන බවක් පෙනේ. ප්‍රභූඇසුරකට අවස්ථාව සැලසෙයි.  අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා විඳියි.
  • ධනු - ඉපැයීම් මාර්ගවල නව ප්‍රගතියක්
ඔබට මෙය ශුභඅශුභ මිශ්‍ර අයුරින් ගතවන සතියකි. ඔබට මෙම සතියේ මුල් දින තුනේදී තමා නිරත රැකියා හා වෙළෙඳ ව්‍යාපාර දී කටයුතුවල නව ප්‍රගතියක් ප්‍රතිසංස්කරණයක් අත්වන ලෙස කටයුතු සිදුවෙයි. හිතවතෙකු මාර්ගයෙන් රැකියා ලාභයක් ද ලැබේ. ලැබෙන මුදල් විනෝදාස්වාදය, නිශ්ප්‍රයෝජන ගමන් බිමන් උදෙසා වැය නොකරන්න. අනපේක්ෂිත අයුරින් යම් යම් වියදම් ගෙන දේ. හවුල් ව්‍යාපාර සම්බන්ධ කටයුතුවලට යොමුවීමට මෙය ශුභදායක සතියක් වේ.
  • මකර -  උසස් අයගේ ආධාර උපකාර
තම වැඩ කටයුතුවලට අවශ්‍ය අයගේ උසස් අයගේ ආධාර උපකාර ද ලැබේ. දූ දරුවන්ගේ අනාගත ශුභ සිද්ධිය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීමටත් ඔබ ක්‍රියාකරයි. සතුරු කරදරයක් හෝ නීති තර්ජනයක් හේතුවෙන් හිතේ හටගෙන තිබූ කලබලකාරී තත්ත්වයක් පහවී ගොස් සැනසිලිදායක බවක් ගොඩනැගේ. විශේෂයෙන් දැඩි අධිෂ්ඨානයකින් හා කැපවීමෙන් යුතුව ගෘහ ජීවිතයේ මෙන්ම  රැකියා, ව්‍යාපාරවල කටයුතු නව මුහුණුවරකින් කරගෙන යාමට පවත්වාගෙන යාමට පුළුවන.
  • කුම්භ - වගකීම් බහුල සතියක්
තමා අදහස් කළ පරිදි, සැලසුම් කළ ආකාරයට දෛනික වැඩ කටයුතු කරගෙන යාමට මිල මුදල් අතට ලැබේ. ව්‍යාපාරික කටයුතුවල නිරතවන්නන්, විවේකය විනෝදය ගැන නොබලා ඉපැයීම් මාර්ග කෙරේ වැඩිපුර යොමු වේ. රැකියාවේ තනතුරු වෙනසක් සම්බන්ධ කටයුත්තක් සිදුවන අතර පිරිස් පාලන ක්ෂේත්‍රයේ රැකියාවල නිරතවන්නන්ට අමතර වගකීම් සහගත අවස්ථාත් ගොඩනැගේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරන සතියකි. 
  • මීන - නව ආදායම් මාර්ගයක්
ඔබට මෙම සතියේ මුල් දින දෙකට වඩා අවසන් දින පහේ  හිතවතෙකුගේ ආධාර ඇතිව නව ආදායම් මාර්ගයක් ආරම්භ කිරීම සඳහා කටයුතු පිළියෙළ වේ. උරුම හිමිකම් ප්‍රශ්න, හෝ යම් යම් අය සමග කළ ගනුදෙනු හේතුවෙන් ඇතිවන ප්‍රශ්න හේතුවෙන් වන්නට ගිය ගැටලුවක් ද නිරාකරණය වේ. මතු යහපත වෙනුවෙන් අධ්‍යාපන හා රැකියා කටයුතුවල යම් යම් වෙනස්කම් සිදුවෙයි.  
  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Previous

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

Launch of the Times School of Higher Education Read Next

Launch of the Times School of Higher Education

Realted Post

Leave a comment