මේ සතිය ජූලි 01 සඳුදා සිට ජූලි 07 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

01 සදුදා - පෙ:ව: 07. 29 සිට පෙ:ව: 08. 59 දන්වා
02 අඟහරුවාදා - ප:ව: 02 59 සිට ප:ව: 04. 29 දක්වා
03 බදාදා - පෙ:ව: 11- 59 සිට ප:ව: 01. 29 දක්වා
04 බ්‍රහස්පතින්දා- ප:ව: 01. 30 සිට ප:ව: 03. 00 දක්වා
05 සිකුරාදා - පෙ:ව: 10. 30 සිට     දහවල්: 12. 00 දක්වා
06 සෙනසුරාදා - පෙ:ව: 09. 00 සිට පෙ:ව: 10. 30 දක්වා
07 ඉරිදා - ප:ව: 04.30 සිට ප:ව: 06- 00 දක්වා
 

මේෂ : උසස් අයගේ ආධාර      

            ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතියේ ආරම්භක දින හතරතුළ බලයෙන් යුක්තව ගමන්කිරීම කරන හෙයින් එදිනෙදා නිරත කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරයි. තම වැඩ කටයුතුවලට අවශ්‍ය අයගේ උසස් අයගේ ආධාර උපකාර ද ලැබේ. දූ දරුවන්ගේ අනාගත ශුභ සිද්ධිය සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සැකසීමටත් ඔබ ක්‍රියාකරයි. ආදායම් තත්ත්වය සතුටුදායක බවට පරිවර්තනය වේ. විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු ටිකකට කල් දැමීමට සිදුවේ. 

වෘෂභ : හිතවතෙකුගේ ආධාර         

 සමාජයේ උසස් අය යටතේ වැඩවල නියුතු අයට තම ස්වාමි පක්ෂයේ ප්‍රසාදය ලබා ගන්නට පිළිවන්වන සතියකි. පොදු සමාජීය කටයුතු වලටත් වැඩි වශයෙන් සම්බන්ධවී කටයුතු කිරීම නිසා ප්‍රසාදය මෙන්ම විවිධ ලාභප්‍රයෝජනයන් ද ලැබේ. පවුලේ කටයුතු, අධ්‍යාපන හා තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ කාර්යය කටයුතු කරදර බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් කරගැනීමටත් පිළිවන්කම ලැබේ. හිතවතෙකුගේ ආධාර ඇතිව නව ආදායම් මාර්ගයක් ආරම්භ කිරීම සඳහා කටයුතු පිළියෙල වේ.

මිථුන : උපයන දෙයින් ඵල ප්‍රයෝජන   

 ඔබට මේ සතිය ශුභදායී බවක් පෙන්නුම් කරන අතර හික්මුනු ගතියක් නිහතමානී ගතියක් ඔබ කෙරෙන් මැනවින් පිළිඹිබි වෙයි. පසුගිය දිනවල ඔබ කෙරෙහි පැවති කලබලකාරී ගතිය අප්‍රවේසම් සහිත ස්වභාවය පහවී ගොස් ක්‍රමවත් බවක් පිළිවෙළක් අනුව වැඩ කටයුතුවල නිරත වී ජයග්‍රහණ රැසක් අත්පත්කර ගනී. ඔබට මේ සතියේදී පවුලේ සමගිය තහවුරු වන දෑ සිදුවේ. උපයන දෙයින් ඵල ප්‍රයෝජන ලැබේ. ආදායම් මාර්ගයන්හි වර්ධනයක් ඇතිවේ. හිතවතුන් හිතවතියන්ගේ ආශ්‍රය හා ආධාර උපකාරත් නොඅඩුව ලැබේ.

කටක : උත්සාහය හා ධෛර්යය ඇතිවෙයි                                     

ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම පවුලේ කටයුතු යනාදිය යථා පරිදි කරගෙන යාමට අවශ්‍ය උත්සාහය හා ධෛර්යය නොඅඩුව ලැබේ. මෙම කාලයේ දී තමා නිරත වන වෘත්තීය අංශයේ හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගත සුබ සිද්ධිය උදෙසා විශේෂ වෙනසක් ඇති කෙරේ. කෙනෙකුට යටත් නොවී ස්වාධීනව කටයුතු කරගෙන යාම සඳහා ඔබේ සිත පෙලඹේ. පසුගිය දිනවල පැවති ආර්ථික ප්‍රශ්න හා සමාජීය ප්‍රශ්න බොහෝ දුරට අඩුවී යන බවට හේතු පෙනේ. 

සිංහ : වැඩ කටයුතු දියුණු වේ                                                               

ඔබට මෙම සතියේ අවසන් දින හතරතුළ තමා කරන කියන වැඩකටයුතූ වලින් ලාභප්‍රයෝජන අත්පත්වේ. වස්තු ලාභ ලැබේ. බලපෑ දුක් කරදර වලින් නිදහස් වීමට විවිධ පැතිකඩ මගින් ආධාර උපකාර ලැබේ. සිතේ සමාදානය සතුට ඇති වේ. තත්ත්වය උසස් වේ. වැඩ කටයුතු දියුණු වේ. කරගෙන ආ කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු ද වැඩි දියුණුවට පත්වන සතියකි. බොහෝවිට මෙය රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට වන සතියක්වේ .

කන්‍යා : හදිසියට කලබලයට ක්‍රියා නොකරන්න   

  ඔබට මේ සතිය ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගතවේ. තමා පදිංචි ස්ථානය, ව්‍යාපාරිකස්ථානය  සම්බන්ධව ප්‍රශ්නයක් මතුවීම හේතුවෙන් ඒ සම්බන්ධ අවධානය යොමු කිරීමට සිදුවන දෙයක් ඇතිවේ. රාජකාරී කටයුතු යථා පරිදි කරගෙන යාම දුෂ්කර විය හැක. ඔබට මෙම කාලයේ කිසියම් ආයෝජන අවස්ථාවක් සැකසුනත්, සමාජයේ උසස් අය ආශ්‍රය කිරීමට අවස්ථාව ද සැලසුනත් ඉන් එතරම් සාර්ථක ඵලයක් ඇති නොවේ. තමා කරන කියන වැඩ කටයුතුවලට ලැබෙන ඵල ප්‍රයෝජන අල්පවේ. හදිසියට කලබලයට හිතුවක්කාර ලෙසට ක්ෂණික තීරණ මත දෛනික කටයුතු නොකර සැලසුම් සහගතව අවධානයෙන් කරන්න.

තුලා : බලාපොරොත්තු ඉෂ්ට වේ 

 ඔබට මෙම සතියේදී තම තත්ත්වය තිබුණාට වඩා උසස් වේ. තමා නිරත වෙළඳ ව්‍යාපාර ගෙන යන අයට විශේෂ දියුණුවක් ලැබේ. සතුරු කරදරයක් හෝ නීති තර්ජනයක්හේ තුවෙන් හිතේ හටගෙන තිබූ කලබලකාරී තත්ත්වයක් පහවී ගොස් සැනසිලිදායක බවක් ගොඩනැගේ. විශේෂයෙන් ඔබට දැඩි අධිෂ්ඨානයකින් හා කැපවීමෙන් යුතුව ගෘහ ජීවිතයේ මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාරයන්හි කටයුතු නව මුහුණුවරකින් කරගෙන යාමට පවත්වාගෙන යාමට මෙම දිනවල පිළිවන. මුදල් පිළිබඳව ලාභ ලැබේ. බලාපොරොත්තු ඉෂ්ට වේ.

වෘශ්චික  : තම තත්ත්වය උසස් වේ

ඔබට මේ සතියේ මුල්දින හතරතුළ තූල සුබදායක කාර්යයන් කිහිපයක් සාර්ථක කරගැනීමට පිළිවන්කම ලැබේ. ඔබ වෙළඳ ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නේ නම් ඒවායින් දියුණුව ඇති වේ. තම තත්ත්වය උසස් වේ. බලයට තනතූරු වලට පත් වේ. දූ දරුවන්ගෙන් ප්‍රීතිය ඇති වේ. අලුත් ඇඳුම් පැලඳුම් ආභරණ වැනිදේත් මිළට ගැනීමට හෝ තෑගි භෝග වශයෙන් ලැබේ. නැවුම් බලාපොරොත්තු ඇතිකර ගැනීමට මෙය ඉතාම හොඳ සතියකි. වැඩ කටයුතු ඉහළ යයි. මිත්‍රයන්ගෙන් උපකාර ලැබේ. සහෝදරයන්ගෙන් සහ අසල්වාසී මිත්‍රයන්ගෙන් උපකාරද ලැබේ. අවුල් වියවුල්වලින් නිදහස ලැබේ. ප්‍රීතිය ඇති වේ.

ධනු : නව ආදායම් මාර් ග ගොඩනැගීමක් 

  ඔබට මෙම සතියේ අවසන් දින හතරතුල තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ ලැබේ. තමාට උදව් උපකාර කළ අයට අවංක හැඟීමෙන් යුතුකම් ඉටුකර ප්‍රසාදයට පත්වේ. ආර්ථිකයේ වර්ධනයක්, නව ආදායම් මාර්ග ගොඩනැගීමක් සිදුවේ. ඉගෙනීම් කටයුතුවල උනන්දුවක් උයෝගයක් ඇතිවේ. ඔබගේ යටි සිතේ බලපැවැත් වූ වැදගත් අදහස් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසීම නිසා සිතේ ප්‍රීතිය ගෙනදේ. එසේම ඔබට මේ සතියේ මුල් දින තුන තුළදී ලැබෙන උපයන දේ අනවශ්‍ය දෙයට වියදම් කෙරේ.

මකර : ඇසුරට ලැබෙන අයගෙන් කරදර   

 ඔබට මෙම සතියේදී තම කාර්යය කටයුතු විවිධ අවහිර බාධා මධ්‍යයේ කර ගැනීමට සිදුවන බැවින් අවබෝධයෙන් ක්‍රියා කරන්න. විශේෂයෙන් ඔබ කලබලයට තීන්දු තීරණ නොගෙන කටයුතු කරන්න. ඇසුරට ලැබෙන අයගෙන් කරදර ඇති වීමට ඉඩ තිබෙන නිසා ඥානාන්විතව ඒ කෙරේ අවධානයෙන් කටයුතු කරන්න. සුළු සුළු ගමන් සතිය පුරා මෙන් ඇතිවීම නිසා ලැබෙන මුදල් වියදම් වී යනු ඇත. නිශ්චල චංචල දේපළවලට අදාළ ගනුදෙනු වලදී අලාභ පාඩු සිදුවිය හැකි බැවින් විකිණීම් මිලට ගැනීම් වැනි කටයුතු වලදීත් කල්පනාකාරී වන්න. දෛනික රාජකාරි කටයුතු ක්‍රමවත්ව කරගැනීමට හැකියාව ඇතත් රාජකාරි ස්ථානය තුළ තමාට සතුරු කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වන පසුබිමක් ගොඩනැගේ.

කුම්භ  : උනන්දුව උද්යෝගය පහව යෑමක් 

   ඔබගේ ලග්නාධිපති ශනි මෙන්ම සඳු ග්‍රහයාගේ ගමන මත ඔබට මේ සතිය ශුභ ඵල හීන බැවින් කරන කියන දේ කෙරෙහි සැලකිල්ලෙන් විමසිල්ලෙන් ක්‍රියාකරන්න. ඔබ සැකයෙන් සංකාවෙන් යම් යම් දේට සම්බන්ධ නොවන්න. තම දෛනික ආදායම් මාර්ගයටද යම් යම් ගැටලු ඇතිවන අතර රාජකාරිය ද සිතේ සහනයෙන් සතුටින් කරගෙන යාමටත් අසීරුවන බාහිර කරදර මතුවේ. කරන්නට තිබෙන වැඩ අතපසුවී යයි.  සතිය පුරාවටම මෙන් කම්මැළි උදාසීන, ගති මතුවන අතර උනන්දුව උද්යෝගය පහව යෑමක්ද තමා කෙරෙන් පෙන්නුම් කරන නිසා ඊට නතු නොවන්න.

මීන : අධිෂ්ඨානයෙන් කටයුතු කරයි 

ඔබ මේ සතියේ මුල් දින තුනේදී තම අපේක්ෂාවන් හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම නිසා එහිදී ප්‍රයෝජනවත් වැඩ
කටයුතු රැසක් ක්‍රියාත්මක කළ හැකිවේ. පසුගිය දිනවල තමාගේ අත්‍යාවශ්‍ය වැඩ කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් පැවති දුෂ්කරතා බොහෝදුරට මෙම කාලයේ අඩුවී යයි. පහවයනු ඇත. තමාගේ තත්ත්වයෙන් උසස් වීමක් හා ආදායම් මාර්ගයේ දියුණුවක් ද  පෙන්නුම් කරයි. අවසන් දින හතර දෛනික කටයුතුවල සුළු සුළු අඩුපාඩු ඇති වන අතර ඒවා අර්බුදයකින් තොරව සමනය කර ගැනීමටත් ඥානාන්විත වන්න.
  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට-හේමන්ත වීරසිංහ.

 

අපේ අම්මා ඔහුයි -  Zeenath Bongso Read Previous

අපේ අම්මා ඔහුයි - Zeenath Bongso

ශක්ති Crown  මාධ්‍යය  දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා............... Read Next

ශක්ති Crown මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා...............

Realted Post

Leave a comment