මේ සතිය ඔබට - ජූලි 29 සඳුදා සිට අගෝස්තු 5 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන,                 ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

29 සඳුදා - පෙ:ව: 07. 34 සිට  පෙ:ව: 09. 04 දක්වා
30 අඟහරුවාදා - ප:ව: 03 04 සිට ප:ව: 04. 34දක්වා
31 බදාදා - පෙ:ව: 12- 04 සිට ප:ව: 01. 34 දක්වා
01 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 34 සිට ප:ව: 03. 04 දක්වා
02 සිකුරාදා - පෙ:ව: 10. 34 සිට දහවල්: 12. 04දක්වා
03 සෙනසුරාදා - පෙ:ව: 09. 04 සිට පෙ:ව: 10. 34 දක්වා
04 ඉරිදා - ප:ව: 04.34 සිට ප:ව: 06- 04 දක්වා
  • මේෂ - නිරත වැඩවල දියුණුවක්                                     

මෙම සතිය තුළ විශේෂයෙන් ඔබ අරඹන හා නිරත වන වැඩ කටයුතුවලින් දියුණුවක් පෙන්නුම් කරයි.. වටිනා දේ මිලට ගැනීමට අවස්ථාව උදා වේ. රැකියාවෙන් උසස් වීමට කටයුතු පිළියෙල වේ. පෙනීසිටි තරග විභාග ආදියේ ප්‍රතිඵල මෙහිදී ලැබෙන්නේ නම් ඉන් ජයග්‍රහණද අත්වී තිබේ. දුර බැහැර යෙදෙන ගමන් බිමන්වලින්ද යම් යම් ලාභ ප්‍රයෝජනත් අත්වන සතියකි. එසේම අධ්‍යාපනය කෙරෙන් ඔබ තුළ පවතින දක්‍ෂතාව, හැකියාව මෙම සතිය තුළ මැනවින් පිළිබිඹු වේ..

  • වෘෂභ - අපේක්ෂා ඉටුවෙයි                                         

ඔබට මේ සතියේ අවසන් දින පහ වැඩි වශයෙන් ශුභඵලදායී අයුරින් ගතවනු ඇත. කෙසේ නමුත් ඔබ අලුතෙන් ආරම්භ කරන කටයුතු හා කරගෙන ආ කටයුතු දියුණු කරගත හැකි සතියකි.. ආර්ථික සැලසුම්, රැකියා අපේක්ෂා ඉටුවෙයි. මෙය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටින අයට නව ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට ඉඩ සැලසේ. නව නිර්මාණ කාර්යයන්හි නිරතවන අයට තමන්ගේ නිර්මාණ සඳහා කුසලතා සහතික මෙන්ම මූල්‍ය සම්පත් ද හිමිවෙයි.

  • මිථුන -  සැලසුම් සාර්ථක වෙයි                                  

මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ මුල් දින  2 සහ අවසන් දින 2, ශුභදායී අයුරින් ගතවෙයි. සෙසු දින  කටයුතු ව්‍යාකූලවීමට හේතු යෙදේ. ව්‍යාපාරවල නියුතුවූවන්ට මෙන්ම අධ්‍යාපනයේ නිරත වන්නන්ටත්, තමන්ගේ එම කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලය යොදන්නට සිදුවුවත් එමගින් ලාබ ප්‍රයෝජන ලැබේ.. ඉඩකඩම්, යාන වාහන මෙන්ම දේපළ මගින් මිල මුදල් උපයන්නන් ඊට අදාළ ගනුදෙනු හා පොරොන්දු ගිවිසුම්වලදී ඉතාමත් කල්පනාකාරීවන්න.

  • කටක - හැකියා කුසලතාවට නිසි තැන                           

ඔබගේ ලග්නය පරිදි ග්‍රහ බලයේ හැසිරීම මත ඔබට මෙම සතියේ මුල් දින පහේදී තමාගේ අධ්‍යාපනයේ කාර්ය මෙන්ම ඉපැයීම් හා රාජකාරි කටයුතු කෙරෙහි බාධක අවහිර නොයෙදෙන අතර මේවායේ  කටයුතු සැලසුම් කළ පරිදි ඉටුකර ගත හැකිය. මුල් දින පහේදී ඉපැයීම් ක්ෂේත්‍රයට මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාරයන්ට අලුත් වැඩපිළිවෙළක් සැකසී ජීවිතයේ නව වෙනසකට පසුබිම සැකසෙනු ඇත.

  • සිංහ - අලුත් කටයුතු කිහිපයක් අරඹයි                             

ඔබට මේ සතියේ මුල් දින දෙක හැර සෙසු දිනයන්හි ශුභදායී වෙනස්කම් රැසක් ගෙනදෙයි. තමා නිරත රැකියා ව්‍යාපාරික කටයුතු හා ඉපැයීම් මාර්ග සම්බන්ධයෙන් පැවති ගැටලු අවහිරතා යනාදිය ඉවත්වී යයි. එසේම ගතවූ දිනවලට වඩා උනන්දුවෙන් උයෝගයෙන් කටයුතු කොට සාර්ථකත්වය සලසා ගනී. ධනාත්මක සිතුවිලි පහළවන, අත්හැර දමා තිබුණු සෑම අංශයකම කටයුතු නැවතත් ක්‍රියාවට නැංවෙන, අලුත් කටයුතු කිහිපයක ආරම්භයට අවස්ථාව සැලසෙන සිතේ ධෛර්යයෙන් කටයුතු කරන සතියක්ද වෙයි.

  • කන්‍යා - කලබලයට තීන්දු තීරණ නොගන්න                               

ඔබගේ ලග්නාධිපති හා සඳු ග්‍රහයාගේ ගමන එතරම් බලවත් නොවන හෙයින් ඔබට මෙම සතිය තුළ තම කටයුතු විවිධ අවහිර බාධා මධ්‍යයේ කර ගැනීමට සිදුවන බැවින් අවබෝධයෙන් ක්‍රියා කරන්න. විශේෂයෙන් ඔබ කලබලයට තීන්දු තීරණ නොගෙන කටයුතු කරන්න. ඇසුරට ලැබෙන අයගෙන් කරදර ඇති වීමට ඉඩ තිබෙන නිසා ඥානාන්විතව ඒ කෙරේ අවධානයෙන් ක්‍රියා කරන්න.  සාමාන්‍යයෙන් හුරුපුරුදු ක්‍රියාවන්හි හා දෛනික කාර්යයන්හි වෙනස් වීම්වලට ද හේතු යෙදෙයි.

  • තුලා - දියුණුවට හේතුවන විශේෂ යමක්                                 

මෙම සතියේ ඔබ තම සැලසුම් හා ක්‍රියාදාම අනුන් අතට පත් නොවීමට වගබලා ගන්න. වාද විවාදවලට තුඩු දෙන අදහස් හුවමාරු හා සාකච්ඡා වැනි දෙයට සම්බන්ධ නොවන්න. කෙසේ වෙතත් ඔබට මෙම සතියේම තමා නිරත රැකියා හා වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතුවල නව ප්‍රගතියක් ප්‍රතිසංස්කරණයක් අත්වන ලෙසට කටයුතු සිදුවෙයි.. ඔබ කරන කියන. නැතහොත් සැලසුම් කරන දේ ඉටුනොවී සාර්ථක නොවී නොසිතන, නොපතන දෙයකින් අනාගත අභිවෘර්ධියට හේතුවන විශේෂ යමක් සිදුවන්නේය.

  • වෘශ්චික - අනපේක්ෂිත වියදම්                                                 

ඔබගේ ලග්නාධිපතිගේ හා සඳු ග්‍රහයාගේ ගමන මත ඔබට මෙය ශුභා, ශුභ මිශ්‍රඵල ගෙනෙන සතියකි. කරන කියන අතගසන ඇතැම් වැඩ සාර්ථක වුවත් ලැබීමට, ඉපැයීමට වාසනාව උදාවුවත් ගනුදෙනු ප්‍රශ්න, අනපේක්ෂිත වියදම් ද යෙදෙන නිසා නිසි කළමනාකරණයෙන් අවධානයෙන් ඒවායේ කටයුතු කරන්න. සමහරවිට කරන්නට තිබෙන යම් යම් වැඩ කටයුතුවලට වුවමනා මුදල් සෙවීමට මහන්සි ගන්නා නමුත් එය සඵල නොවේ.

  •  ධනු - ආයෝජනවලින් වාසි                                                

ඔබ මේ සතියේ අවසන් දින පහේ අරඹන හා නිරතවන වැඩකටයුතුවලින් දියුණුවක් ඇතිකරයි. වටිනා දේ මිලදී ගැනීමටත් එහිදී අවස්ථා සැලසේ. රැකියාවෙන් හා තත්ත්වයෙන් උසස්වීමට කටයුතු පිළියෙල වේ. රැකියා අපේක්ෂා ඉටුවන, බලපෑ දේපළ ආරවුල් මෙන්ම ගනුදෙනු ප්‍රශ්න ද නිරවුල් කර ගැනීමට විසඳාගැනීමට හැකි වේ.. එසේම සැලකිය යුතු අය කාලයක් ප්‍රයෝජන ගත හැකි උදවිය, ඇසුරට ලැබේ. ආයෝජන වලින්වාසි සැලසෙයි.

  • මකර - මනස සන්සිඳෙයි                                                     

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන විලාසය මත සසඳා බලන කල ඔබගේ අත්‍යවශ්‍ය කටයුතු හා වැඩ කටයුතූවලට ශුභා ශුභ මිශ්‍ර බවක් ගෙනදෙන්නේය. . ඔබට මේ සතියේ මුල් දින දෙකට වඩා අවසන් දින පහ ප්‍රමාණවත් ශුභදායී යමක් සිදුවේ. ඉගෙනීම් කටයුතුවල නිරතවන අයට මෙන්ම රැකියා ව්‍යාපාරාදියේ නියුතු වූවන්ට පැහැදිලි මනසින් යුක්තව එම කාර්යයන්හි නිරතවීමට පුළුවන්කම ලැබේ.

  • කුම්භ - නැති වූ දෙයක් නැවත ලැබේ                                  

ඔබගේ ලග්න නැකැත් අධිපතීන් සුබ අසුබ මිශ්‍ර අයුරින් ගමන් කරන හෙයින් මෙම සතියේ ඔබ විශේෂයෙන් ගැටලු ප්‍රශ්න අවම කර ගෙන සිය දෛනික කටයුතුවල නිරත වන්න. අලසකම මෙන්ම කරන වැඩ හානිවීම හෝ අනවශ්‍ය වියදම් හා මුදල් හානිවීම් ආදියටත් ඉඩ ඇති සතියක් බැවින් ඥානාන්විතව කටයුතු කරන්න. එසේම ආයතනය තුළ තම රාජකාරිය කෙරේ අවධානයෙන් කටයුතු කරන්න. කෙසේ වෙතත් සතිය ගතවීමට පෙර නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට කටයුතු සැලසේ.

  • මීන - ප්‍රයෝජනවත් වැඩකට අතගසයි                                          

මෙම සතිය තමාගේ අභිමතාර්ථය අනුව වැඩ කරගැනීමට අන් අයගේ උදව් උපකාර ලැබේ. හදිසි වාසනා හිමිවන සතියක් ද බැවින් ලොතරැයි වැනි දෑ මිලදී ගැනීම වඩාත් යෙහෙකි. තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ අත්පත් වෙයි.. ආර්ථික රැකියා ආදියේ තෘප්තියක් ඇතිවන විදිහට කටයුතු සිදු වේ. විශේෂයෙන් සතියේ මුල් දින පහ තුළ ඔබට අනාගත දියුණුව උදෙසා සාර්ථක ප්‍රයෝජනවත් වැඩකට අතගැසීමටත් හැකි වේ.  

ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 

සමලිංගික හැඟීම්  මානසික රෝගයක්ද? Read Previous

සමලිංගික හැඟීම් මානසික රෝගයක්ද?

ARTRA’s Art Experiential Festival Read Next

ARTRA’s Art Experiential Festival

Realted Post

Leave a comment