මේ සතිය ඔබට - අගෝස්තු 12 සඳුදා සිට අගෝස්තු 18 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන,       ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

12 සඳුදා - පෙ:ව: 07. 35 සිට පෙ:ව: 09. 05 දක්වා
13 අඟහරුවාදා - ප:ව: 03 05 සිට ප:ව: 04. 35දක්වා
14 බදාදා - පෙ:ව: 12- 05 සිට ප:ව: 01. 35 දක්වා
15 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 35 සිට ප:ව: 03. 05 දක්වා
16 සිකුරාදා - පෙ:ව: 10. 35 සිට දහවල්: 12. 05 දක්වා
17 සෙනසුරාදා - පෙ:ව: 09. 05 සිට පෙ:ව: 10. 35 දක්වා
18 ඉරිදා - ප:ව: 04.35 සිට ප:ව: 06- 05 දක්වා
  • මේෂ - අනතුරු පීඩා ආදියෙන් ආරක්ෂාවන්න

මිශ්‍ර ඵලදායක ලෙස උදාවන මේ සතිය ඔබට නිතර නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයක් වුවත් සතිය ආරම්භක දින දෙක තුළ යොදා ගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. ඔබ ජලයෙන් වන අනතුරුවලින් පරිස්සම් විය යුතු සතියක් බැවින් ජලාශ්‍රිතව කරන විනෝද ක්‍රීඩා හා ස්නානය වැනි කටයුතුවලින් ඈත්වී සිටීම වැදගත් වේ. සතිය අවසන් දින 4 දී ජීවනෝපාය කෙරෙන් ඇති වන මතභේදකාරී බවක් දුර දිග යාමට ඉඩ ඇත.

  • වෘෂභ - හවුල් වැඩවලින් වාසි

සැලසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධ වෙමින් සතිය ආරම්භ වන අතර නිරත රැකියා ව්‍යාපාර ආදිය අභියෝග මැඬගෙන පවත්වාගෙන යයි. ගෙදර දොර පවුලේ කටයුතු වෙනුවෙන් අමතර ගමනක් යෙදි දුර පළාතකට ද යාමට සිදුවෙයි. ගනුදෙනුවලදී කල්පනාකාරී විය යුතු අතර වංචා ප්‍රයෝගකාරයන්ට ද හසුවීමට ඉඩ ඇත. හවුලේ කරන වැඩ හා වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් නොසිතූ ලෙස ලාභ ගෙන දෙනබවක් පෙනේ. ඇසුරු කරන අයගෙන් පරිස්සම් විය යුතු සතියකි.

  • මිථුන - රැකියාවේ අමතර වගකීමක්

මෙය ඔබට ලැබීම් අතින් යහපත් සතියක් වන අතර ප්‍රීතිය සතුට හා රසාස්වාදය ගෙන දෙන විනෝද ක්‍රීඩා විවිධ ප්‍රසංග මෙන්ම කලාත්මක සංදර්ශන, නැරඹීමට අවස්ථාවද ගොඩනැගේ. සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වීමේදී කල්පනාකාරී විය යුතුය. කලකින් නොදුටු හිතවතකු හමුවීමට අවස්ථාව උදාකරයි. සතිය ආරම්භක දින දෙක වන විටදී වෙනදාට වඩා වියදම් කටයුතු වැඩි වනබවක් පෙන්වයි. රැකියාවේ තනතුරු ලාභයක් හෝ අමතර වගකීමක් හිමිවන ලකුණු පෙනෙන සතියකි.

  • කටක - විදෙස් උපකාරයක්

රාජකාරිය කෙරෙන් මෙන්ම ගෙදර දොර පවුලේ කටයුතු කෙරෙන් ද වෙනදාට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් දැරීමට සිදුවන සතියක් වන අතර ඇතැම් අවස්ථාවල දී පවුලේ කටයුතු නිසා සිතේ නොසන්සුන්තාවකින් කටයුතු කරන්නටත් සිදු වේ. අඹුසැමියන් අතර සිත් කලකිරීම් ඇති කරයි. අපේක්ෂා නොකළ ලෙස නොසිතූ ලෙස දේපළ ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත. සමේ අාසාදිතතාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. විදෙස් උපකාරයක් හිමිවීමෙන් කටයුතු කීපයක වෙනසක් ද සිදුවෙයි.

  • සිංහ - රැකියාවේ තනතුරු වෙනසක්

කල්ගිය ණය ගනුදෙනුවක් නැවත ලැබෙන ලෙස කටයුතු සාර්ථක කරමින් සතිය ආරම්භ වෙයි. එසේම මෙහිදී ඔබ යොදාගත් සැලසුම් කීපයක් වෙනසකට ලක්කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර නිවසට යන එන කෙනකු නිසා කරදරකාරීබවක් ඇති කරයි. රැකියාවේ තනතුරු වෙනසක් හෝ තමා කරගෙන ආ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුත්තක කිසියම් වෙනසක් ද සිදුවිය හැකි සතියක් බව පෙනේ.

  • කන්‍යා - ගත සිත ප්‍රබෝධවත්ව ගතවෙයි

වෙනදාට වඩා ගත සිත ප්‍රබෝධවත්ව තම දෛනික කටයුතු කිරීමට හැකිවන සතියක් වන අතර දින කිහිපයක් තිස්සේ ප්‍රමාදතාවක් සිදුවූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමටත් හැකි වන ලකුණු පෙන්නුම් කරයි. එහෙත් කලබලකාරී ගතිපැවතුම් තමාට අවාසිදායක බවක් ඇතිකරයි. වරෙක නෑදෑ හිතවතුන් නිසා සිත් කලකිරීමක් ඇති වන සිද්ධියක් ද මතු වේ. නිතර යෙදෙන එදිනෙදා ගමන් බිමන් අඩුකර ගන්න.

  • තුලා - ප්‍රිය සම්භාෂණ විනෝද චාරිකා

ලාභ ප්‍රයෝජන සැලසෙන හදිසි ගමන් කීපයක් යෙදෙමින් සතිය ආරම්භ වන අතර ඔබ තමාගේ දියුණුවටම හේතුවන වැඩ කටයුතු වල වැඩි කාලයක් නිරත වෙයි. පවුලට හෝ හවුලට අලුත් ඥාතියකු හා ආයෝජකයෙකු එක්විය හැකි බවක් පෙනේ. නිතර වයසින් අඩු අය හා ඇසුරට අවස්ථාව උදාකරයි. අසල්වැසියන් සහ ඔවුන් සමග සහයෝගය ඇතිව යෙදෙන කෙටි ගමන් බිමන් ප්‍රිය සම්භාෂණ විනෝද චාරිකා පවා ඔබට මෙම සතිය තුළ යෙදෙනබවක් පෙන්නුම් කරයි.

  • වෘශ්චික - ආර්ථික අතින් යහපත් සතියක්

තම ගෙදර දොර පවුලේ වැඩ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සතිය ආරම්භ වේ. එමෙන්ම නොසිතූ ගැටලුවකට ද මෙහිදී මුහුණ පෑමට සිදුවෙයි. හිතවතකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. සතිය මැද කාලයේදී විදෙස් ගත ලැබීමක් කෙරෙහි වෙහෙසීම් ඇති කරයි. මෙය ඔබට ආර්ථික අතින් යහපත් සතියක් වන අතර තම අනාගත දියුණුව උදෙසා කෙරෙන හා යෙදෙන අමතර කටයුතු වැඩි වන කාලයක් බව ද පෙන්නුම් කරයි.

  • ධනු - සහජීවනයෙන් කටයුතු කරයි

අවිවේකී වුවත් වැඩකටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට මෙම සතිය තුළ ඔබට අවස්ථාව සැකසේ. මෙතෙක් කලක් අතරමග නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කරගැනීමටත් ඔබට මෙම සතිය තුළ හැකිවනු ඇත. ආර්ථික සැලසුමක් වෙනුවෙන් සතියෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදුවෙයි. සතිය ආරම්භක කාලයේදී මෙතෙක් හිමිවන්න තිබූ මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. අනන්‍යයන් සමග සහජීවනයෙන් කටයුතු කිරීමටත් හැකිවනු ඇත.

  • මකර – අපේක්ෂා  ඉටුවෙයි

ගත වූ සතියට වඩා ඔබ මෙම සතියේ උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරනබවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී වාහන ගනුදෙනුවකින් හෝ විකිණීම් මිලයට ගැනීම් ආදියකින් වාසිදායකබවක් ඇති කරයි. පැවැති අසනීපකාරීබවකින් සුවය ලැබේ. විවාහ රැකියා යන අපේක්ෂාවෙන් ඔබ පසුවූයේ නම් මෙම සතිය සුබදායක සතියකි. පදවි තනතුරු හා ගෞරවය ප්‍රසිද්ධ ලැබෙන අවස්ථා සැකසේ. නැතහොත් රාජකාරී ස්ථානය කෙරෙන් ඔබට අමතර වගකීම් කිහිපයක් පැවරේ.

  • කුම්භ - ලැබීම් අතින් යහපත් සතියක්

මෙය තමා නිරත රැකියා ව්‍යාපාර ආදී කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි ගෙන දෙන සතියක් වන්නේ නමුදු රැකියාවේ ඇති වන ප්‍රගති සමාලෝචන තත්ත්වයක් මත තම අනාගත සුබ සිද්ධිය උදෙසා කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදු වේ. එසේම පියාගේ ධනයෙන් නිරත ව්‍යාපාරයෙන් යම් යම් ලාභ ප්‍රයෝජන ලැබෙන වරප්‍රසාද හිමිවන අවස්ථා ද පෙන්වයි. උසස් අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් ඇතිව තිබූ ගැටලුකාරී තත්ත්වයක් ද විසඳෙයි. ලැබීම් අතින් යහපත් සතියකි.

  • මීන -  අලුත් දේපළ මිලදී ගැනීමක්

අමතර ගමන් බිමන් හා අවිවේකී ලෙස උදාවන මේ සතියේ ඔබට කලකින් නොදුටුහිතවතකු හමුවීමට මඟ සැලසේ. සතිය ආරම්භක දින දෙක වන විට ඇවිදිලි වැඩි කරන අතර සෙම් පීඩාවක් හා තුනටියේ හටගන්නා ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. අත්‍යවශ්‍ය මුදල් ගනුදෙනුවක් සිදුකර ගැනීමට වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ. එසේම ඔබ  අලුත් දේපළ මිලදී ගැනීමකට සිත යොදවන සතියකි.

ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 

 

 

අතරේ හොයනවා අප කවුරුද -  හදවතේ ගී හඬක් නික්ම යයි..... Read Previous

අතරේ හොයනවා අප කවුරුද - හදවතේ ගී හඬක් නික්ම යයි.....

The Next Face Read Next

The Next Face

Realted Post

Leave a comment