මේ සතිය ඔබට - සැප්තැම්බර් 02 සඳුදා සිට සැප්තැම්බර් 08 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

02 සඳුදා - පෙ:ව: 07. 33 සිට පෙ:ව: 09. 03 දක්වා
03 අඟහරුවාදා - ප:ව: 03 03 සිට ප:ව: 04. 33දක්වා
04 බදාදා - පෙ:ව: 12- 03 සිට ප:ව: 01. 33 දක්වා
05 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 33 සිට ප:ව: 03. 03 දක්වා
06 සිකුරාදා - පෙ:ව: 10. 32 සිට දහවල්: 12. 02 දක්වා
07 සෙනසුරාදා - පෙ:ව: 09. 02 සිට පෙ:ව: 10. 32 දක්වා
08 ඉරිදා - ප:ව: 04.32 සිට ප:ව: 06- 02 දක්වා
 
  • මේෂ - සැලසුම් කිහිපයක් සාර්ථක වේ
පවුලේ කටයුතු සම්බන්ධ බලපෑ ගැටලු කීපයක් නිරාකරණය වෙමින් සතිය ආරම්භවන අතර වරෙක තමා ගන්නට යන තනි තීරණයක් හේතුවෙන් පාඩු කීපයක් සිදුවීමටත් ඉඩපවතින හෙයින් ඒ කෙරෙහි අවධානයෙන් පසුවන්න. මෙය ඔබට තරමක ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් බව ද පෙන්නුම් කරයි. ඥාතියකු පිළිබඳ සිත් තැවුලක් අසන්න ලැබේ. වෙළෙඳ ව්‍යාපාර කටයුත්තක් හේතුවෙන් අමතර ගමන් යෙදෙන සතියකි. සති අන්තයේදී සැලසුම් කිහිපයක් සාර්ථක වේ.
  • වෘෂභ -  අහිමිව තිබූ දෙයක් නැවත හිමිවෙයි.
ඔබට මෙම සතිය වෙනදාට වඩා සැනසිලිදායක සතියක් වන අතර වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම වගකීමෙන් කටයුතු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට ද සිදු වේ. තම කාර්ය කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත.  මෙතෙක් තමාට අහිමිව තිබූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී අධ්‍යාපනික ලැබීමක්හේතුවෙන් මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මග සැලසෙයි.
  • මිථුන - රැකියා හෝ ව්‍යාපාරික කටයුතුවල දියුණුවක්  
පැරණි හිතවත්කමක් අලුත් කරමින් සතිය ආරම්භ වන අතර විශේෂ සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියක් ද වනු ඇත. තම වැඩට පවුලේ අයගේ උදව් උපකාර ද හිමිවනබවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදි පවුලට අලුත් සාමාජිකයෙක් එක්වනබවක් පෙන්නුම් කරයි. වාහන ගමන් ගැන සැලකිලිමත් විය යුතු සතියක් වන අතර රැකියා හෝ ව්‍යාපාරික කටයුතුවල දියුණුවක් පෙන්වයි.. ආර්ථික රැකියා ආදියේ තෘප්තියක් ඇති වන විදිහට කටයුතු සිදු වේ.
  • කටක - හදිසි වාසනා හිමිවන සතියක්
පවුලේ වගකීම් තමා පිට පැවරෙමින් සතිය ගෙවීයන අතර වරින් වර ශාරීරික වෙහෙස ගෙන දෙන වැඩත් ඇතිවෙයි. නිතර ඇවිදිලි ඇති කළත් මෙතෙක් බාධා ගෙන දුන් ඉඩම් ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. . ඉගෙනීමේ කටයුතුවලින් ජයග්‍රහණ මෙන්ම පවුලේ සමගිය සමාදානය ගොඩනැගෙන සතියක් ද වේ. හදිසි වාසනා හිමිවන සතියක්ද බැවින් ලොතරැයි වැනි දෑ මිලදී ගැනීම වඩාත් යෙහෙකි.
  • සිංහ  - නව රැකියා අපේක්ෂා සඵල වෙයි
ඔබට මේ සතිය ශුභදායී අයුරින් ගත වෙයි. යටි සිතේ බලපැවැත්වූ වැදගත් ක්‍රියාපිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසෙනු ඇත. ගේ දොර හා තම ව්‍යාපාරික ස්ථානවල අලංකාරයට පියවර ගනී. එසේම පසුගිය දිනවල සිතට වදයක්ව පැවැති ප්‍රශ්නයක් ද විසඳෙයි. නව රැකියා අපේක්ෂාවක් ද සඵල වන තැනට කටයුතු පිළියෙල වේ. කොමිස් මුදල් ලැබෙන ව්‍යාපාර හිමියෝ හා කෙටිකාලීන කොන්ත්‍රාත් කටයුතුවල යෙදෙන අයට ස්වකීය ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යා හැකි පරිසරයක් ගොඩනැගෙයි.
  • කන්‍යා - අමතර ආදායම් මාර්ග යෙදෙන සතියක්
සතිය ආරම්භක දින දෙක රැකියාවේ තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිවීමට හේතුවන අතර බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවීමෙන් සිතේ අසහනකාරීබවක් ඇති කරයි. මෙය බොහෝදුරට අලුත් ගේ දොරඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන සතියකි. මෙතෙක් අමනාපයෙන් සිටි කෙනකු සමග මිතුරු වීමට අවස්ථාව උදාකරයි. අමතර ආදායම් මාර්ග යෙදෙන සතියක් බැවින් අමතර මුදල් වියදම් ද වැඩි කරයි.
  • තුලා - ප්‍රයෝජනවත් වැඩපිළිවෙළක්
පසුගිය දිනවල ගත් හිතුවක්කාර තීරණයක් හේතුවෙන් වෙන්න ගිය කරදරයකින් නිදහස්වීමට අවස්ථාව සැලසේ. පරම්පරාගත දේපළක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. එහෙත් පවුලේ වැඩිහිටියකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් දුර දිග යන බවක් පෙන්නුම් කරයි.  පොදුවේ ඔබට  තම අනාගත දියුණුව උදෙසා සාර්ථක, ප්‍රයෝජනවත් වැඩපිළිවෙළක් සැකසෙනු ඇත. ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයකින් නිසි ඵල ලැබේ.
  • වෘශ්චික - තරග විභාගවලින් ජයග්‍රහණ
රැකියාවේ හා ඉපැයීම් මාර්ගයට අදාළ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. සතිය අවසන් දින දෙකේදී තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. මෙතෙක් ප්‍රමාද වූ ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. විශේෂයෙන් ඔබ අරඹන හා නිරතවන වැඩ කටයුතුවලින් දියුණුවක් පෙන්නුම් කරයි. වටිනා දේ මිලට ගැනීමට අවස්ථාව උදා වේ. රැකියාවෙන් උසස් වීමට කටයුතු පිළිවෙළ වේ. තරග විභාගවලින් ජයග්‍රහණද අත් වේ.
  • ධනු  - ලාභ ලැබෙන සතියක්
අවිවේකී ලෙස උදාවන මේ සතියේ දුර බැහැර ගමන් බිමන්වලින්ද යම් යම් ලාභ ප්‍රයෝජන අත් පත්වෙයි. සිත් කලකිරීමක් පහව යයි. නවක මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ. දියුණුවට කටයුතු සැලසේ. ධන ලාභ, මිල මුදල් ලාභ, අලංකාර වස්තු ලාභ, රෙදිපිළි ඇඳුම් පැලඳුම් ලාභ ලැබෙන සතියකි. වැදගත් කටයුතූ කිහිපයක් සාර්ථක කරගැනීමට පුළුවන. ලාභ බලාගෙන වියදම් කරන ඔබට මෙම සතිය ශුභ දායක වේ.
  • මකර  - ක්ෂණික කෝපය මැඬ පවත්වාගන්න
 අසල්වැසියකු සමග ඇතිවන බහින්බස්වීමක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි වන අන්දමේ කටයුතු කීපයක් සිදුවෙයි. සති අන්තයේදී සෙම් ආසාදනයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනබවක් පෙනේ. ආරවුල් ඇති කර ගැනීමටත් ඉඩ ඇති බැවින් ක්ෂණික කෝපය මැඬ පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුයි. පවුලේ අය හා කරන කතාබහ ගනුදෙනු ආදියේදී වැරදි සිදු කර ගනී.
  • කුම්භ - විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම්
ලැබීම් අතින් යහපත් සතියක් වන අතර පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා වෙහෙසීමට සිදුවනබවක් ද පෙන්නුම් කරයි. විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම් ඇති කරන සතියකි. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරයි. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරන සතියක් වන නිසාත් අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට ද කටයුතු සැලසේ. සති මැද දින දෙක අලුත් වාහන මිලදී ගැනීමකට හෝ හුවමාරුවකට කටයුතු සැලසේ.
  • මීන - හිතවතුන්ගෙන් උදව් උපකාර
කලබලකාරී ගති පැවැතුම් ඇති කරමින් සතිය ආරම්භවන අතර තමා ළඟින් ඇසුරු කරන අයෙකු සමග ඇති වන සිත් නොහොඳකමක් දුර දිග යනබවක් පෙන්නුම් කරයි. ඒ එසේ වුවත් සතුරන්ගෙන් ඇතිව තිබූ කරදර හා විපත්තිවලින් නිදහසත් සැනසීමත් ලැබෙන සතියකි.  නැතිවී ගිය රැකී රක්ෂා නැවත ලැබේ. හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙි. සති අන්තය වන විටදී ආගමික සහන පතා දුර පළාතකට යාමට සිදුවනබවක් පෙන්නුම් කරයි.
 

ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 
 

The Next Face Read Previous

The Next Face

කොහෙද තියෙන්නේ පරිපූර්ණ ආදරයක් ....... Read Next

කොහෙද තියෙන්නේ පරිපූර්ණ ආදරයක් .......

Realted Post

Leave a comment