පොල්තෙල් වලින් ලස්සන වෙන්න

බොහෝ දෙනෙකුට තිබෙන සමේ රෝග පමණක් නොව වියලි සමට ගුණදෙන වටිනා ආලේපනයක් ලෙස සුදු පොල්තෙල් (virgin coconut oil) හැදින්විය හැකි අතර මෙය නිවරදිව භාවිතා කර ඔබේ රුව සම්පත රැකගන්නේ කොහොමද කියලා අපි බලමු. 

  • මොනවද මේ සුදු පොල්තෙල් කියන්නේ?

සුදුපොල් තෙල්(virgin coconut oil) කියන්නේ සීයට සියක් අති පිරිසුදු පොල්තෙල් වලටයි. සුදුපොල්තෙල් වලට පැහැයක් නැහැ. එය ජලයේ පැහැයට හුරුයි. ඒ වගේම මෙය සාදන්නේ පොල් ගෙඩියේ දුඹුරු පැහැයට හුරු කුරුට්ට කොටස එකතු නොවන ලෙස සුදු පැහැති මදය පමණක් ගෙනයි. එබැවින් අති සුපිරිසුදු පොල් තෙල් අපේ තරුණ වබ රැකගන්න, රුව ලස්සන කරගන්න වඩාත්ම ප්‍රයෝජනවත් වෙනවා. 

  • නහර ගැට ගැසෙන අයට කදිම ප්‍රතිකාරයක්

නහර ගැට ගැසීම කියන්නේ අද කාන්තාවන් තුල බහුලව දක්නට ලැබෙන දෙයක්. ඒ වගේම එය බොහෝ දෙකනුගේ බාහිර පෙනුමට මහත් හිරිහැරයක්. විශේෂයෙන් කකුල් වල එවැනි නහර දක්නට ලැබීම මානසික වශයෙන්ද පීඩාවක් ගෙනදෙනවා. ඒ සඳහා හොඳ ප්‍රතිකාරයක් තමයි සුදු පොල්තෙල්. ඔබ කල යුත්තේ මේ පොල්තෙල් ස්වල්පයක් රැගෙන එය මදක් රත්කර නහර ගැට ගැනී ඇති ස්ථාන වල ආලේප කිරීමයි. දිනපතා මෙම සත්කාරය සිදුකිරීම තුලින් නහර ගැට ගැසීම අවමකර ගත හැකිවෙනවා.

  • අලංකාර නෙත් සඟලකට

බොහෝ දෙකනුට තිබෙන ගැටලුවක් වන්නේ ඇහිබැම ක්‍රමවත්ව වර්ධනය නොවීමයි. ඉතින් ඔබේ ඇහිබැම ක`ඵ පැහැයට ඝණව දිගු කරගැනීමට අවශ්‍ය නම්, සුදු පොල්තෙල් ස්වල්පයක් ඇහි බැමේ ආලේප කරලා කෙස් වැඩී ඇති පැත්තමට සෙමෙන් සම්බාහනය කර සෝදා හරින්න. 

  • වියලි සමකට

වියලි සමක් ඇති ඔබට වඩාත්ම හොඳ ප්‍රතිකාරයක් ලෙස මේ තෙල් සත්කාරය තුළින් ලැබෙන්නේ ඉහළම ගුණයක්. ඒ සඳහා ඔබ කෝමාරිකා ජෙලි ස්වල්පයක් හොඳින් බ්ලෙන්ඩර් කර එයට සුදුපොල් තෙල් ස්වල්පයක් දමා නැවත බ්ලෙන්ඩර් කර දෙහියුෂ ස්වල්පයක් මිශ්‍රකර ශරීරයේ ආලේපකරන්න. පැය භාගයකින් පසු සෝදා හරින්න.

  • සමෙහි පැල්ලම් ඉවතට

කාන්තාවන් වයසට යෑමත් සමඟ සමෙහි ඇති රැලි වැටෙන ස්වභාවය සහ සමේ පැල්ලම් ඉවත් කර කිරීමට සුදුපොල්තෙල් වලට හැකියාව ඇත. විශේෂයෙන්ම ගර්භනී සමයෙන් පසු සමෙහි ඇතිවන එල්ලා වැටීම් සහ සම හැකිලීම නිසා ඇතිවී තිබෙන ඉරි ස්වභාවයේ පැල්ලම් ඉවත් කිරීමේ හැකියාවද පවතිනවා. ඒ සඳහා ඔබ දිනපතා රාත්‍රි නින්දට යෑමට පෙර අදාල ස්ථාන වල පිරිසුදු පොල්තෙල් ආලේපකර හොඳින් සම්බාහනය කරන්න. මෙය දිනපතා පුරුද්දක් විදියට සිදුකරනවානම් ඔබේ තරුණ පෙනුම ආරක්ෂා කරගත හැකියි.  

  • නිය අලංකරණයට

අවපැහැ ගැණුනු නිය ඔබේ පෞරුෂත්වයට හානියක්. ඉතින් ඒ සඳහා කරන්න පොල්තෙල් වලින් ප්‍රතිකාරයක් තිබෙනවා. කුඩා දරුවන්ගේ කන සුද්ද කිරීමට ගන්නා කොට්න් බඩ් එකක් සුදුපොල්තෙල් වල තවරා හානිවුන නියපොතු මත සහ නිය අවට සමෙහි ආලේප කරන්න. විනාඩි කිහිපයක් සෙමෙන් මසාජ්කර ගන්න. දිනපතා සිදුකිරීමෙන් දීප්තිමත් නිය පෙළක රහස අත්විදින්න.

  • උපදෙස් - ප්‍රවීන රූපලාවන්‍ය ශිලිපිණී වජිරා ශ්‍යාමලී 

  • සටහන - නයනා උදයංගනී

2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනිය Read Previous

2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනිය

ජපුර රටට දැයට ප්‍රදීපයක් ගෙන දුන් විශිෂ්ටතයින් අගයයි Read Next

ජපුර රටට දැයට ප්‍රදීපයක් ගෙන දුන් විශිෂ්ටතයින් අගයයි

Realted Post

Leave a comment