සමේ අඳුරු තැන් සොඳුරු කරන හැටි

මුහුණේ සමේ ඒකාකාරී පැහැයක් නොතිබීම බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. මුහුණේ සමහර තැන් පැහැපත් වුවත් සමහර තැන් අඳුරු පැහැයෙනුත් තියෙන්න පුළුවන්. හෝමෝන අසමතුලිතතාව මෙයට ප්‍රධාන හේතුවක්.

මුහුණේ සම තැනින් තැන අඳුරු වී තිබෙන විට වැඩි දෙනෙක් කරන්නේ කන්සීලර්, ෆවුන්ඩේෂන් ක්‍රීම් වගේ දේවල්වලින් මේ අඳුරු පැහැති තැන් ආවරණය  කිරීමයි. එහෙත් එය ස්ථීර විසඳුමක් නෙවෙයි. හෝමෝන අසමතුලිතතාව නිසා ඇතිවන හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වය වෛද්‍ය ප්‍රතිකාර මගින් මග හරවා ගන්නට පුළුවන්.
මුහුණේ සමේ ඒකාකාරී පැහැයක් නොතිබීම බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. මුහුණේ සමහර තැන් පැහැපත් වුවත් සමහර තැන් අඳුරු පැහැයෙනුත් තියෙන්න පුළුවන්. හෝමෝන අසමතුලිතතාව මෙයට ප්‍රධාන හේතුවක්. සම වයස්ගත වීමේදී සහ හිරු එළියට සම පිලිස්සි‍මේදීත් හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.  මුහුණේ සමට ඒකාකාරී වර්ණයක් ලබා ගැනීමට අධික මුදලක් වියදම් කර රූපලාවන්‍ය ප්‍රතිකර්ම කරනවා වෙනුවට නිවසේදීම සාදාගතහැකි ස්වාභාවික සත්කාර ක්‍රමවලට යොමුවෙන්න පුළුවන් නම් කෘත්‍රිම රසායන නිසා සමට සිදුවිය හැකි හානිය අවම වෙනවා.

  • නිවසේදී කළ හැකි ප්‍රතිකාර

ඇතැම් අයගේ කට වටා තද කළු පැහැයක් ගන්නවා. මේ තත්ත්වය හෝමෝන අසමතුලිතතාවක් නිසා ඇතිවෙන තත්ත්වයක්. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම වඩාත් හොඳයි. වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවන අතරතුර අමු කහ සහ කිරි සත්කාරය කිරීමෙන් කට වටේ අධික කළු පැහැය මගහරවා ගන්න පුළුවන්.

ඒ වගේම සම තැනින් තැන දකින්න ලැබෙන විවිධ පැහැයන් එකම පැහැයකට ගැනීම සඳහා සඳහා අමු කහ සහ යෝගට් හෝ කිරි සත්කාරය ඉතා පහසුවෙන් නිවසේදී කළ හැකි ප්‍රතිකර්මයක්. එයට කහ කුඩු වෙනුවට අමු කහ යොදා ගැනීම වඩාත් ප්‍රතිඵලදායකයි. අමු කහ සහ යෝගට් හෝ කිරි පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කිහිපයක්. අමු කහ හොඳින් අඹරගෙන හෝ කුඩා වංගෙඩියකට දමා කොටාගෙන කිරි හෝ යෝගට් කලවම් කර මුහුණේ ආලේප කරන්න . සතියකට දෙතුන් වතාවක් මේ ප්‍රතිකර්මය කරන්න පුළුවන් නම් සමේ තිබෙන ඇඳුරු පැහැය අවම කරගන්න පුළුවන්.  

  • සුදු හඳුන්

සුදු හඳුන් කියන්නෙත් සමේ අඳුරු පැහැය අවම කර මුහුණේ සමට ඒකාකාරි වර්ණයක් දෙන්න පුළුවන් අමුද්‍රව්‍යයක්. සුදු හඳුන් කෑල්ලක් ගල ගා ඒ තලපය මුහුණේ ආලේප කර ටික වේලාවක් තිබෙන්නට හැර සෝදා හරින්න. මේ ප්‍රතිකර්මයත් සතියට දෙතුන් වතාවක් කිරීමෙන් සමේ අඳුරු පැහැ කොටස්වලටත් පැහැපත්බවක් ලබාගන්න පුළුවනි. රතුලූනු යුෂ සමේ අඳුරු පැහැ කොටස්වලට පැහැපත්භාවයක් දෙන්න 

පුළුවන් විශේෂ ඔසුවක්. විශේෂයෙන්ම කට වටා තද අඳුරු පැහැයක් තිබේ නම් මේ සත්කාරය ඉතාමත් සුදුසුයි. රතු ලූනු ගෙඩියක් හොඳින් කොටාගෙන හෝ තළාගෙන යුෂ මිරිකා ගන්න. මේ යුෂයට දෙහි යුෂ ස්වල්පයකුත් එකතු කර තද කළු පැහැ ස්ථානවල ආලේප කරන්න. මේ මිශ්‍රණයටම පිරිසුදු පොල් තෙල් ටිකකුත් මිශ්‍ර කර ආලේප කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

  • අශ්වගන්ධ පවුඩර්

අශ්වගන්ධ පවුඩර් සමේ අඳුරු පැහැය අවම කරන්න භාවිතා කරන්න  පුළුවන් සාර්ථක අමුද්‍රව්‍යයක්. අශ්වගන්ධ කුඩු ආයුර්වේද වෙළෙඳසැල්වලින් මිලදී ගන්න පුළුවන්. අශ්වගන්ධ කුඩු මේස හැන්දකට  හොඳින් තළාගත් ඉඟුරු තේ හැඳි භාගයක් සහ දෙහි යුෂ මේස හැන්දක් කලවම් කර මුහුණේ ආලේප කරන්න.  මුහුණේ අඳුරු පැහැය නැති කරන්න සාර්ථක ප්‍රතිකර්මයක්.

  • අර්තාපල් යුෂ

අර්තාපල් යුෂ සත්කාරයත් සමේ අඳුරු පැහැය මග හරවා ගන්න උපකාරී වන්නක්. අර්තාපල් කැබැල්ලක් ගෙන මුහුණේ අඳුරු පැහැති ස්ථානවල අලේප කිරීමෙන් කෙටි කලකදී අඳුරු පැහැ ස්ථාන පැහැපත්බවට පත්වනු ඇත.

  • පොල් තෙල්

පිරිසුදු පොල් තෙල් ටිකක් සමේ අඳුරු ස්ථානවල ආලේප කර  සම්භාහනය කරන්න පොල් තෙල්වලට අමතරව සඳුන් තෙල්, ඔලිව් තෙල් සහ තල තෙල්වලිනුත් මුහුණ සම්බාහනය කිරීමෙන් මුහුණේ අඳුරු කොටස්වලට පැහැපත්බවක් ලැබෙනවා. ඒ වගේම කඩල පිටි ටිකකට කිරි ටිකක් එකතු කරලා හදාගන්න පැක් එකත් සමේ අඳුරු පැහැය මගහරවාගන්න උපකාරී වෙනවා.

  • කොත්තමල්ලි

කොත්තමල්ලි කුඩු ටිකකට මී පැණි ටිකක් එකතු කර හදාගන්න . තලපයත් මුහුණේ, සමේ ඒකාකාරී පැහැපත්භාවයක් ඇති කර ගැනීමට උපකාරී වන සත්කාරයක්. සමේ අඳුරු ප්‍රදේශ පැහැපත් කිරීමේ විශේෂ හැකියාවක් කොත්තමල්ලි සතුව තිබෙනවා.

The Next Face Read Previous

The Next Face

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Next

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

Realted Post

Leave a comment