Christmas day - සාදයට

නත්තල් උත්සවය ලෝකයේ ආගමික උත්සව අතරින්  විචිත්‍රවත් අන්දමින් සමරන උත්සවයක්. ඒ සඳහා නොයෙකුත් ආකාරයේ වැඩසටහන්, සාද, උත්සව පවත්වනු ලබනවා.  ඒ උත්සව සාද සඳහා ඇඳුම් පැලඳුම්  සැරසිලි  කෑම බීම වැනි  දේවල්  විශේෂ ලෙස සූදානම් කරනවා. ඒ අතර කාන්තාවන්  ඇඳුම් පැලඳුම් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා. නත්තල් සාදයකට,  උත්සවයකට  උචිත ලෙස ඇඳුම් පැලඳුම්වලින්  සැරසෙන්නේ කෙසේද යන්න  අද අපි දැන ගනිමු.

  • Dresses Colour 

නත්තල  ඉතා උත්සවාකාරයෙන්  සමරන නිසා ඇඳුම්වල වර්ණ විචිත්‍රවත් උත්සව වර්ණවලට සමානයි.  වර්ණවත් නත්තල සඳහා  රතු  සහ කොළ  වර්ණ  විශේෂිත තැනක් ගනියි. සුදු සහ ක්‍රීම් වර්ණ සීතල හිම  නත්තල මතකයට නංවයි. ඔබට  උසස් පෙනුමක් ලබාදීම සඳහා රන් රිදී සහ ලෝකඩ වර්ණවල ඇඳුම් භාවිත කිරීම සුදුසුයි.  පැස්ටල් රෝස  ළානිල් සහ  ළා ලැවෙන්ඩර් වර්ණ ඇඳුම් ඔබට නවීන පෙනුමක් ලබාදෙයි.

  • Jewellery 

නත්තල් උත්සව ඇඳුම් සඳහා ඒ සඳහාම වෙන් වූ ආභරණ මෝස්තර  තෝරා ගැනීම වඩාත් සුදුසුයි. මැණික් ගල් සහිත  මාල හෝ හිම පේළි හැඩැති  මාල  මෙම ඇඳුම් සඳහා උචිත වෙයි. ඒ වගේම  නත්තල සංකේතවත් කරන තරු සීනු සහ  මුතු වැනි  මෝස්තර සහිත  කරාබු  පැලඳීමෙන්  ඔබේ  සුන්දරත්වය  වැඩිකර පෙන්වයි.  රන් රිදී  වලින් සාදන ලද  වළලු පැලඳීමෙන්  ඔබේ ආකර්ෂණීය බව වැඩි කර ගත හැකිය. තවද ඔබට සරල පෙනුමක් ලබා ගැනීම සඳහා  අලංකාරව පෙනඩන්ට් එකක් සමග මාලයක් හෝ  ස්ටඩ් කරාබු යුගලක් භාවිත කළ හැකියි.

  • Handbags 

ඔබ තෝරා ගන්නා අත් බෑගය අනුව  ඔබේ ඇඳුමේ අලංකාරත්වය ඉහළ නැංවිය හැකියි. සැඳෑ  සාද සඳහා සීකුවින්ස්  හෝ  ලෝහමය  ක්ලච් බෑග්  හෝ  විචිත්‍රවත්  වර්ණවලින් යුත්  හුරුබුහුටි කුඩා බෑග් උචිතයි. ටෝට් බෑග් හෝ  කුඩා මෝස්තර  සහිත ක්‍රොස්බෝඩ් බෑග්  මෙන්ම  වෙල්වට් හා  ෆොක්ස්  ලොම්  සහිත බෑග්  දිවා කාලය සඳහා සුදුසුයි.

  • Shoes

ඔබගේ ඇඳුමේ අලංකාරත්වය  සහ  ඔබේ  පෙනුම ආකර්ෂණීය ලෙස  ඔප්නැංවීම සඳහා  පාවහන්වලින්  විශේෂ කාර්යභාරයක් සිදුකරයි. ඒ වගේම නත්තල සඳහා ද විශේෂිත වූ  පාවහන් දැක ගතහැකියි. වෙල්වට් Knee High  Ankle Boots  Ballerina Flats  සහ  Sneakers වැනි  සපත්තු වර්ග භාවිත කළ හැකියි.

  • Makeup 

කොළ හෝ රතු  අයිලයිනර්  සහිත  රන්වන්  වර්ණයෙන් යුත්  මේකප්  ඇස්වලට යොදා ගැනීමෙන්  ඔබට අලංකාර පෙනුමක් එක් කරයි.  තුල් ආලේපන සඳහා  රතු හෝ  බෙරි  වර්ණයෙන් යුත් ආලේපන සුදුසුය. මුහුණට දිලිසෙන ස්වභාවයක් එක්කර ගැනීම සඳහා  රිදි  පැහැයෙන් යුත්  වර්ණ භාවිත කරන්න.  නියපොතු අලංකාර කර ගැනීම සඳහා  නත්තල සංකේතවත් කරන   Nail arts  භාවිත කරන්න.

.

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය අදත් හෙටත් Read Previous

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය අදත් හෙටත්

Merry Christmas Read Next

Merry Christmas

Realted Post

Leave a comment