Office යන්න මෙහෙම අඳින්න
මොන බැරි අමාරුකම් තිබුණත් කාර්යාලයට නම් වඩාත් සුන්දර අඳුම් තෝරාගැනීමට සෑම යුවතියක්ම, කාන්තාවක්ම උත්සාහ ගන්නවා. කාර් යාලයට ඇඳුම් තෝරාගැනීමේදී වෘත්තීමය පෙනුම වැදගත් සේම, සුවපහසුව ද ඒ හා සමානවම වැදගත්. මේ සටහන ඒ ගැනයි.
ඇඳුම් දෙක තුනකින් ඇඳුම් රැසක්
මිශ්‍ර සහ ගැළපෙන කෑලි සහිත (mix-and-matchsieces) ඇඳුම් කට්ටලයක් සාදා ගැනීමෙන් ඔබට ඇඳුම් වර්ග කිහිපයකින් ඇඳුම් ගණනාවක් නිර්මාණය කළ හැකිය. උදාහරණයක් ලෙස ඔබට අත් දිගු කොලර් සහිත දිග බ්ලවුස් එකක් ඇත්නම්, එය කලිසමක් සමග Baggy ලෙස ඇඳිය හැකි අතර බ්ලවුස් එක ඉතා දිගු නම් එය දිගු කාඩිගන් එකක් ලෙස හෝ ටූනික් එකක් ලෙස ඇඳිය හැකිය. සෑමවිටම Timeles spieces මිලදී ගැනීමට උත්සාහ කරන්න. එවිට එම විලාසිතා ඒ ඒ කාලවලට ජනප්‍රිය විලාසිතා සමග එකතු කර ඇඳීමෙන් කාර්යාලය තුළ කැපී පෙනීමට හැකිය.
වඩා සුදුසු වර් ණ
සාමාන්‍යයෙන් කාර්යාලයීය ඇඳුම් තෝරා ගැනීමේදී උදාසීන වර්ණ (Neutralcolors) භාවිත කළත්, ඔබේ ඇඳුම් කට්ටලයට නව පෙරළියක් එක් කිරීමට දීප්තිමත් සහ වර්ණවත් ඇඳුමක් (බ්ලවුස් එකක් හෝ ටොප් එකක්) එක් කිරීමට පසුබට නොවන්න. ඔබේ ඇඳුමට තද වර්ණයක් සහිත එක් ඇඳුම් කොටසක් තෝරා ගැනීම ඔබේ පෙනුම වැඩි දියුණු කරයි.
ඔබට ලස්සන බ්ලේසර් එකක් සහ Pencil skirt එකක් තිබේ නම්, ඒවා සමග බ්ලේසර් එක ඇතුළතින් බ්ලවුස් එකක් ගළපා ඇඳීමෙන් අලංකාර පෙනුමක් එක් කර ගත හැකිය. ඔබ Peopard print එකක් සහිත ඇඳුමක් අඳින්නේ නම් එය ස්වාභාවික වර්ණයක් එකක් සමග මිශ්‍ර නොකර ඒ වෙනුවට නිල් පැහැති අත් බෑගයක් හෝ වළලු, බැන්ගල් එකක් සමග ගළපාගන්න. පාට (Light colours) ඔබ ඇඳුම් සඳහා තෝරා ගන්නේ නම් පාට දෙකෙන් යුක්ත ඉරි සහිත දණහිස තෙක් දිග Light colours සායකට අත් දිග බ්ලවුසයක් සමග ස්කාෆ් එකක් ඉතා කැපීපෙනෙන විලාසිතාවක් වේ.
ඔබ Tank top එකක් සමග ෆ්ලෙයාර්ඩ් සායක් ගළපන්නේ නම් එයට කාඩිගන් එකක් එක් කරගැනීමෙන් කැපීපෙනෙන පෙනුමක් එක් කරගත හැකි ය. Tank top එක ඔබේ කාඩිගන් එකට වඩා ටිකක් දිගු එකක් තෝරගන්න. එමෙන්ම ඔබේ කාඩිගන් එක ඉතා විශාල නොවන බවට වග බලාගන්න. එසේ නොමැති නම්, මෙවැනි ඇඳුමක ඉහළ කොටස හොඳින් නොගැළපෙයි නම්, ඔබට ඇත්ත වශයෙන්ම වඩා විශාල පෙනුමක් ලැබෙනු ඇත.
කහ පැහැය සමග දුඹුරු පැහැයත් එයට නිල් පැහැයෙන් ආභරණත් එක් කරගැනීමෙන් ඔබට කැපීපෙනෙන පෙනුමක් ලබාගත හැකිය. එමෙන්ම කහ පැහැති ඇඳුමකට අළු පැහැයක් එකතු කිරීමෙන් ද ඔබට ආකර්ෂණීයබවක් ළඟාකර ගත හැකිය. කහ පැහැති බ්ලවුස් එකකට අළු පැහැ Pencil skirt සමග අළු පැහැ පැහැති හෝ ආභරණ තෝරගන්න. මෙහිදී ළා අළු පැහැයකට වඩා තද අළු පැහැයක් එකතු කර ගැනීමට වග බලාගන්න.
කළු පැහැය සමග සුදු පැහැය මිශ්‍ර කර ඇඳීම කාර්යාලයීය ඇඳුම් අතර බහුලව දක්නට ලැබුණත් සුදු පැහැය වෙනුවට කළු පැහැය සමග Taupe වර්ණය මිශ්‍රකර ගැළපීමෙන් ඉතා අගනා සංයෝජනයක් නිර්මාණය කර ගත හැකිය. කළු පැහැ ගවුමක් සමග Taupeපැහැති බ්ලේසර් එකක් හෝ කළු පැහැති සායක් සමග බ්ලවුස් එකක් ඔබට කැපී පෙනෙන පෙනුමක් ලබා දෙනු ඇත. ආභරණ සඳහා Silver සහ Gold යන පාට දෙකම මෙම පැහැයන් ලින් යුක්ත ඇඳුම් සමග හොඳින් ගැළපෙයි.
තැඹිලි වැනි පාට ගැළපීමේදී සුදු පැහැති Tank top එකක් හෝ ලේස්වලින් සකසන ලද Top එකක් සමග තැඹිලි පාටින් බ්ලේසර් එකක් එකතුකර ගැනීමෙන් ඔබේ විලාසිතාවල ඒකාකාරීබව බිඳ දැමිය හැකිය. boxheel එකක් සහිත සපත්තු යුගලයක් සහ Gold කරාබු යුගලයක් මේ සමග හොඳින් ගැළපෙනු ඇත. නමුත් ඕනෑවට වඩා ආභරණ පැලඳීම සුදුසු නොවේ. ඔබට කාර්යාලයේ සහ පිටත නව පෙනුමකින් සිටීමට අවශ්‍ය නම් Mintgreen shades සමග අළු සහ සුදු පාට ඔබේ ඇඳුමට එක් කරගත හැකිය.
Leave a comment