අසූ ගණන් වලින් පසු නැවතත් මෝස්තර ලෝකයට Outerwear

Oversized blazer විලාසිතාව වඩාත් සුදුසු විශේෂ අවස්ථාවකටයි. මේ සඳහා සම්පූර්ණයෙන් විශේෂ ඇඳුමක් ඇඳිය යුතු නැහැ. ඩෙනිම් එකක් හා ටොප් එකකට උඩින් බ්ලේසර් එකක් ඇඳීමට පුළුවන. කාර්යාලයට වුවත් මේ ඇඳුම සුදුසුයි. ව්‍යාපාරික පෙනුමක් සඳහා මෙම ඇඳුම ඉතාම ප්‍රචලිතයි.

ඇඳුමකට උඩින් ලේයර් ක්‍රමයට අඳින ඇඳුම් හෙවත් Outerwear එකම ඇඳුම විවිධ ක්‍රමවලට අඳින්න පුළුවන් වගේම පෙනුම වැඩිකර ගෙන්වීමටත් භාවිත කළහැකි විලාසිතාවක්. හැමදාම කරන විලාසිතාවට අලුත් බවක් එකතු කර ගැනීමට එයින් අවස්ථාව ලැබෙනවා. 

ෂර් ට් විලාසිතා 

ෂර් ට් මේ දිනවල ඉතාම ජනප්‍රිය ඇඳුමක්. ෂර් ට් අඳින්න පුළුවන් එක ක්‍රමයක් වන්නේ යටින් කුඩා ටොප් එකක් වැනි දෙයක් සමඟින් ඇඳීමයි. බෝයිෆ්‍රෙන්ඩ් ෂර් ට් කියලත් මේ ආකාරයට අඳින ෂර් ට් හඳුන්වනවා. නමට ගැළපෙන අයුරින්ම ඔබට අවශ්‍ය නම් පිරිමි අයගේ ෂර් ට් එකක් වුවත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ශැකට් ලෙස හඳුන්වන්නේ ෂර් ට් එකක් වගේ ජැකට් එකකට ය. බොහෝ විට අත්කොටෂර් ට් එකක් ශැකට් වශයෙන් භාවිතා වෙනවා. දිගට පිම්බුණු ශැකට් වගේම, ක්‍රොප්ඩ් ශැකට් විලාසිතාවත් ජනප්‍රිය යි.  රිසෝට් ෂර් ට් නමින් හඳුන්වන ෂර් ට් වර්ගයත් මීට සමානයි. ෆ්ලෝරල් ප්‍රින්ට් සහිත හෝ බීච් පෙනුමක් සහිත ෂර් ට් ද මේ නමින් හඳුන්වනවා.

විශාල බ්ලේසර් Oversized blazer

Oversized blazer විලාසිතාව වඩාත් සුදුසු විශේෂ අවස්ථාවකටයි. මේ සඳහා ඔබට සම්පූර්ණයෙන් විශේෂ ඇඳුමක් ඇඳිය යුතු නැහැ. ඩෙනිම් එකක් හා ටොප් එකකට උඩින් බ්ලේසර් එකක් ඇඳීමට පුළුවන. කාර්යාලයට වුවත් මේ ඇඳුම් සුදුසුයි. ව්‍යාපාරික පෙනුමක් සඳහා මෙම ඇඳුම් ඉතාම ප්‍රචලිතයි. ඉරි සහිත බ්ලේසර් ක්ලැසික් ඇඳුම් ගනයට අයත් වෙන අතර 1980 ගණන්වල පැවති විලාසිතා පාදක කරගෙනයි මේ බ්ලේසර්ස් නැවත ජනප්‍රිය වෙමින් තිබෙන්නේ. ඒවගේම මේ බ්ලේසර්ස් උත්සව අවස්ථා සඳහා ගවුමකට උඩින් ඇඳීමත් ඉතාම ජනප්‍රිය ක්‍රමයක්. අත් රහිත බ්ලේසර් එකකට සමාන ඇඳුමත් ලේයර් ක්‍රමයට අපේ විලාසිතාවලට ඇතුළත් කරගත හැකි ඇඳුමක්. මෙය ජිලේ (Gilet) යන නමිනුත් හඳුන්වනවා. ස්මාට් කැශුවල් ක්‍රමයට වඩාත් ගැළපෙන මෙම ඇඳුමේ මූලික අංගයක් නම් පහසුවයි. බොක්සි, සිරුරට විශාල ලෙස ටේලර් ක්‍රමයට මැසූ මේවා අත් බෝරිච්චි කළ බ්ලවුස් සමග වඩාත් හොඳින් ගළපාගන්න පුළුවන්. ඒවගේම බොහෝවිට මෙය සැහැල්ලු දිග කලිසමක් සමග ගළපයි. මීට අමතරව පිම්බුණු අත් සහිත කෝට් වර්ග, පෙප්ලම් හැඩයේ කෝට් වැනිදෑ ද සාමාන්‍ය විලාසිතාවලට අමතරව පාවිච්චි කළ හැකියි.

කිමෝනෝ, කාඩිගන්

කිමෝනෝ, කාඩිගන් නමින් හඳුන්වන විලාසිතාව බොහෝවිට සමන්විත වන්නේ මල් සහිත හෝ ඊට සමාන විලාසිතාවලින් නිසා වඩාත් ගැළපෙන්නේ සාමාන්‍ය ඇඳුමකට ය. එහෙත් මෙයට යටින් අඳින ඇඳුමෙන්, දමන පාවහන් සහ ආභරණ මඟින් මෙය විශේෂ ඇඳුමක් ලෙස වුවත් අඳින්න පුළුවන්. බොහෝ විට මේවා දක්නට ලැබෙන්නේ සිල්ක්වලට සමාන රෙදි වර්ගයකින්. එහෙත් මෙයට වෙනස් ස්වෙටර්වලට සමාන කාඩිගන්ද තිබෙනවා. මේවා බොහෝවිට සීතලට සුදුසු වුවත් නිවැරදිව ගැළපීම මඟින් ඕනෑම අවස්ථාවකට භාවිතා කරන්න පුළුවන්.

 

 

යකඩ ගැහැනියක් වෙන්න... Read Previous

යකඩ ගැහැනියක් වෙන්න...

ශක්ති Crown  මාධ්‍යය  දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා............... Read Next

ශක්ති Crown මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා...............

Realted Post

Leave a comment