කිරි දෙන මවට සුවපහසු ඇඳුම්

දිනෙන් දින අලුත් වන විලාසිතා සමග කිරිදෙන මව්වරුන්ට ද විශේෂ විලාසිතා ලෝකයේ සිටින ඇඳුම් නිර්මාණකරුවන් විසින් නිර්මාණය කර තිබෙනවා. විලාසිතා කිරීමේදී කිරිදෙන මවක් නම් ඇය විශේෂයෙන්ම බලන එක්  කාරණයක් වන්නෙ තම දරුවාට පහසුවෙන් කිරි ලබාදිය හැකි විලාසිතාවන්. ඉතිං පහසුව වගේම ලස්සන ඔප්නන්වන විලාසිතා කීපයක් මේ.

  • Camisole dress

විලාසිතාවලට කැමති ඔබ සඳහා ගැබිනි සමයේ එළියට ගොස් විනෝද වෙන්න ගැළපෙන ඇඳුමකි මේ කැමිසෝල් ⁣ඩ්‍රෙස්. ඉතා සැහැල්ලු පෙනුමකින් යුත් මෙය තනි වර්ණ රෙද්දෙන් මැසූ උඩ කොටසත්, මුද්‍රිත රෙද්දෙන් මැසූ සාය කොටසත් සඳහා තෝරාගන්නේ කපු මිශ්‍ර සුවපහසු සිනිඳු රෙදිය. මේ ඇඳුමේ උරහිස් සඳහා පටි යොදා ඇති අතර සාය High – Low ආකාරයට නිමවයි. ඉදිරිපසින් ඉහළට එසවිය හැකි ඇඳුම් කොටස මගින් දරු ප්‍රසූතියෙන් පසුව එදිනෙදා ගමනට මෙම ඇඳුම ඉතා සුවපහසුය.

  • Wrap Dress 

ගැබිනි කාලයේ වගේම කිරිදෙන මවක් ලෙසත් මවට ඉතාමත් සුවපහසු විලාසිතාවකි "Wrap Dress". මෙම ඇඳුමේ  පපුව පෙදෙස අවසන් වන තැනට ඉණ දමා මසා ඇති මේ විලාසිතාවෙන් ගැබිනි කාලයේ කුස හිර නොවී සුවපහසුව සිටීමට හැකිය. ඒ වගේම ඉණ දෙපස ඇති පටි මගින් වර්ධනය වන දරුගැබත් සමග ගවුමේ ප්‍රමාණය හැඩගස්වා ගත හැක. ප්‍රසූතියෙන් පසු සාමාන්‍ය ගවුමක් ලෙස අඳින්න පුළුවන් මෙම විලාසිතාව  ළැම අසලින් මඳක් ඈත් කර දරුවාට කිරි ලබා දීමේ හැකියාවද  ලැබේ.

  • සැහැල්ලු ටී ෂර්ට්

ඔබට හුරුපුරුදු විලාසිතාවක් වන ටී ෂර්ට් මෙන්ම පෙනුම ඔප්නංවන මෙම ටී ෂර්ට් විලාසිතාව විශේෂයෙන් නිර්මාණය කරන ලද වෙනස් පන්නයේ නව ආරක ටී ෂර්ට් වර්ගයකි. ඔබට සුපුරුදු අත්කොට, රවුම් කර ඇති ටී ෂර්ට්හි පියයුරුවලට ආසන්නයෙන් කිරි දීම සඳහාම වන පහසුවෙන් විවෘත කළ හැකි  කොටසක්ද මීට ඇතුළත් කර තිබේ. බොහෝවිට ඈත් කළ හැකි රෙදි කොටසකින් හෝ Invisible Zipper එකකින් සමන්විත    වන සුවිශේෂී කොටස ස්තරයේම කොටසක් අාකාරයට එන නිසා විශේෂයෙන් කැපී පෙනෙන බවක් නොමැත. දරුවාටත් ඔබටත් පහසු  මෙවැනි ඇඳුම් මෝස්තර අද වෙන විට අන්තර්ජාලය හරහා හෝ එදිනෙදා වෙළඳපොළේ ගැබිනි හා මව්වරුන් සඳහා වෙන් කර ඇති ඇඳුම් සහිත කොටසේන් හොයාගත හැකි වේ. 

  • Nursing Tank Top

Tank Top අඳින්න ප්‍රිය කරන ඔබට දරුප්‍රසූතියෙන් පසුව පහසුවෙන් අඳින්න පුළුවන් ඇඳුමකි මේ. මේ වර්ගයේ ළැමට යටින් ඇති කොටස මඳක් ඉහළට ඔසවා පහසුවෙන් දරුවාට කිරි ලබා දිය හැකිය. ගෙදරට අඳින්න වගේම ගමනක් යන්නත් මෙම ඇඳුම උචිතය.

  • කාටුන් රූප සහ අකුරු සහිත ගවුම්

ගැබිනි සමයේ  ඔබට ඉතා හුරුබුහුටි පෙනුමක් ලබාදෙන මේ ගවුම් දරු ප්‍රසූතියෙන් පසුවත් ඇඳිය හැකිය. ගවුමේ ඉණ අසලින් යොදා ඇති Zipper එක ඇරීමෙන් කිරි දෙන කාලයටද  පාවිච්චි කළ හැකිය. 
මෙම විලාසිතාව කැෂුවල් ඇඳුම්වලට වඩා වෙනස් නමුත් ඔබ ඉතා අලංකාර නවීන විලාසිතා සිදු කරන මවක් බව පහසුවෙන් දිස්වෙන විලාසිතාවකි.

  • Long Sleave Top

එදිනෙදා ගමනට ගැලපෙන කැෂුවල් පෙනුමක් සහිත මෙවැනි අත් දිග ටී ෂර්ට් කිරිදෙන මව්වරුන් සඳහාද උචිතය. ඔබටත් දරුවාටත් ඉතා සුවපහසු රෙද්දකින් නිර්මාණය කර ඇත. දරුවාට කිරිදීමේදී මදක් ඉහළට කළ හැකි රෙදි කොටසක් විලාසිතාවේම කොටසක් ලෙස ඇතුළත් කර තිබේ. මුද්‍රිත රෙද්දෙන් හෝ තනි වර්ණයෙන් මසන ලද මේ ටී ෂර්ට්  හැඩකාර පෙනුමක් ලබාදෙයි.

සමලිංගික හැඟීම්  මානසික රෝගයක්ද? Read Previous

සමලිංගික හැඟීම් මානසික රෝගයක්ද?

හැමවිටම පවුලට මුල්තැන දෙනවා  - Dinakshie Read Next

හැමවිටම පවුලට මුල්තැන දෙනවා - Dinakshie

Realted Post

Leave a comment