කැරලි කොණ්ඩේ මෙල්ල කරන හැටි

කැරලි කොණ්ඩයක් කියන්නේ ගැහැනු ළමයෙකුට ස්වාභාවිකවම හිමිවුණු ආභරණයක්. කැරලි කෙස් කලඹක් පහසුවෙන් හසුරා ගැනීම අසීරු වුවත් එයින් කෙ​ෙනකුගේ රුවට ලබාදෙන්නෙ අලංකාරයක්. ස්වභාවිකවම කෙ​ෙනකුට පිහිටන කැරලි සහිත කොණ්ඩයට නිසි ආරක්ෂාවක් සහ නඩත්තුවක් ලබා දෙන්නේ නම් එය ආකර්ෂණීය ලෙස  පවත්වා ගැනීම අපහසු නැත.

කොණ්ඩය හසුරුවා ගැනීම අපහසුද?

හිසකෙස්වල කැරලි ස්වභාවය ඒ විදියටම තබාගනිමින් හිසකෙස් පීරාගන්නේ කෙසේදැයි කැරලි කොණ්ඩයක් තිබෙන බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවකි. කැරලි කොණ්ඩයක් නිරන්තරයෙන් තෙත ගතියෙන් තිබෙන විට එහි අලංකාර ගතිය වැඩි වේ. එම නිසා ඔබ නිරන්තරයෙන් ඔබේ හිසකෙස්වලට හොඳ පෝෂණීය තෙල් සත්කාරයක් කිරීම ඉතා වැදගත් වේ.

කැරලි  සහිත කොණ්ඩය බොහෝ වෙලාවට පිම්බෙන ස්වභාවයක් ගනී. උත්සව අවස්ථාවකදී හැඩගන්වා ගැනීමේදී ඔබට එය තරමක් අපහසුකාරීවන අවස්ථා තිබේ. එවැනි අවස්ථාවක ස්නානය කිරීමෙන් පසු කපු සහිත තුවායකින් කොණ්ඩය හොඳින් තෙතමාත්තු කරගන්න. පසුව බේබි ඔයිල් හෝ ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන ඔබ භාවිත කරන කන්ඩිෂනර් සමග මිශ්‍රකර තෙත කොණ්ඩයේ ආලේප කරන්න. පසුව අතේ ඇඟිලි තුඩුවලින් පහළට පීරාගන්න.

හිසකෙස් පීරන හැටි

කැරලි සහිත කොණ්ඩයක් පීරා ගැනීමේදී කුඩා දැති තිබෙන පනාවක් සුදුසු වන්නේ නැත. එයින් ඔබේ කොණ්ඩය තව තවත් ගැට ගැසෙන අතර හිසකෙස් වැඩි වශයෙන් ගැලවී යයි. එසේ නම් කැරලි සහිත කොණ්ඩයක් පහසුවෙන්ම පීරාගැනීම සඳහා වඩාත් සුදුසු වන්නේ ලොකු දැති තිබෙන පනාවකි. එවැනි පනා වෙළෙඳපොළේ ජම්බෝ කෝම්බ් සහ ඇස්ට්‍රෝ කෝම්බ් නමින් මිලදීගත හැකිය.
එයින් සිදුවන්නේ කැරලි ගතියට හානි නොවෙන සේ අපහසුතාවකින් තොරව හිසකෙස් පීරාගැනීමට හැකිවීමයි.

හිසකෙස් ගැටගැසීම වළක්වා ගැනීමට

සූරාගත් ඉදුණු අලිගැටපේරවලට ඔලිව් තෙල් ස්වල්පයක් යොදාගෙන එය තලපයක් සේ සාදා හිසේ ආලේප කර විනාඩි විස්සකින් පමණ සෝදා හරින්න. ඊ විටමින් කරලක් පිරිසුදු පොල්තෙල්, එඬරු තෙල් හෝ ඔලිව් තෙල් ස්වල්පයකට දමා, හිසකෙස් අතර හොඳින් ගල්වා මඳරස්නේ තුවායකින් හොඳින් කොණ්ඩය ආවරණය කරගෙන මුදුනට වන සේ බැඳගන්න. විනාඩි විස්සකට පමණ පසු සෝදාහරින්න.
මෙම සත්කාර කිරීම මගින් කැරලි කොණ්ඩයේ ගැට ගැසීම වළක්වා ගත හැකි අතර එයින් මනා ආකර්ෂණයක් සේම හිසකෙස්වලට හොඳ දීප්තියක් එක්කරගත හැකිය..

ෂැම්පු කරන්නේ කොහොමද?

කැරලි කොණ්ඩයට කිසිසේත්ම සබන් භාවිත කිරීම සුදුසු නැත. එයින් කොණ්ඩය ගැටගැසෙයි. ඒ වගේම ඔබ කොණ්ඩයට ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිත කරන විට ඉහළ ප්‍රමිතියකින් යුතු කැරලි කොණ්ඩය සඳහාම තිබෙන (curl protective shampoo and conditioner) ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිත කිරීමට වගබලාගත යුතුය.

නින්දට යනවිට

නින්දට යන විටදී කොණ්ඩය නිදහසේ තබාගනිමින් නින්දට යෑමට හුඟක් කාන්තාවෝ පුරුදු වී සිටිති. එහෙත් කැරලි සහිත කොණ්ඩයක් නිදහසේ කඩාදමා නිදාගැනීමෙන් එය තව තවත් ගැටගැසෙයි. එනිසා කැරලි සහිත කොණ්ඩයක් හිමි ඔබ නින්දට යන විටදී කොණ්ඩය සිර නොවන සේ ලිහිල්ව ගොතාගන්න. නැතිනම් මුදුනට වන සේ බෝලයක් ලෙස බැඳගන්න.

 

Fashion කරන්න, හැඩට අඳින්න - Sirikatha Fashion Shoot Read Previous

Fashion කරන්න, හැඩට අඳින්න - Sirikatha Fashion Shoot

ඉග නෙරියේ රැළි හදාපු - සවන් පතට තෝඩු දාපු සිරිකත කැළණි නදී අවුරුදු කුමර කුමරියෝ 2025  අවසන් මහා තරඟය Read Next

ඉග නෙරියේ රැළි හදාපු - සවන් පතට තෝඩු දාපු සිරිකත කැළණි නදී අවුරුදු කුමර කුමරියෝ 2025 අවසන් මහා තරඟය

Realted Post

Leave a comment