මංගල දිනය අවලස්සන කරන තෙල් - පිටි - සීනි

යුවතියකගේ මංගල දිනයේ   වඩාත් සුන්දරව හැඩගැන්වීමට  නම් සිරුරේ පැහැය,  සමේ නිරෝගීබව , හිසකෙස්, ශරීරයේ හැඩය  කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්විය යුතු වෙනවා. ඇතැම් අය විවාහයට දින කිහිපයක් තිබිය දී මේ සියලු සත්කාර කරන්නට පෙළඹුනත් එයින් බලාපොරොත්තු වන සුන්දරත්වය ඉක්මනින් ලබාගත නොහැකිවෙනවා. විශේෂයෙන්ම ඔබේ සුන්දරත්වය වැඩි කර ගැනීමට සහ පවත්වා ගැනීමට තෙල්, පිටි, සීනි අඩුවෙන් ආහාරයට ගැනීම අත්‍යවශ්‍යයි. 

  • සම සහ මුහුණ ගැන විතරක්ම  හිතල  මදි 

ශරීරය ගැන වගේම  බාහිර වශයෙන් කරන රූපලාවන්‍ය සත්කාර ක්‍රමවලට අමතරව  ආහාර ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු වෙනවා..  අඩුම තරමේ  මංගල උත්සවයට මාස හය හතකටවත් ප්‍රථම  ඩයට් ප්ලෑන් එකකින් ආහාර පාලනය කිරීමෙන් අධික තරබාරුකම, උදරය එල්ලා වැටීම, කුරුලෑ ආසාදන ඇතිවීම පාලනය කර ගත හැකි වෙනවා. 
දිනකට වතුර ලීටර් දෙකක් බොන්න   ජලය අවශ්‍ය වන්නේ සිරුරේ අභ්‍යන්තරයට පමණක් නොවෙයි..  සම නිය, හා හිසකෙස් නිරෝගී බවටත් ජලය අත්‍යවශ්‍යයි.  දිනකට නිසි  පරිදි ජලය භාවිත නොකර ඉහළ මිල ගණන් යටතේ කෙතරම් ක්‍රීම් වර්ග සමෙහි ආලේප කළත් එයින් පලක් වන්නේ්  නැහැ.
කසකසා ඇට මේස හැඳි දෙකක් රාත්‍රියේ වතුර වීදුරුවකට දමා උදෑසන අවදි වූ විගස එයට ලෙමන් හැන්දක් , මී පැණි ස්වල්පයක්, ඉඟුරු කැබැල්ලක් තළා දමා උදෑසන පානය කිරීමෙන් අනවශ්‍ය මේදය දහනය වෙනවා සේම සම පැහැපත් වීමට ද උපකාරී වෙනවා. 
එමෙන්ම දිනකට ලීටර් දෙකක් හෝ තුනක් වතුර පානය කිරීමෙන් දහඩිය දුගඳ පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. 

මේ  ආහාර නොගෙන ඉන්න  

අධික ලුණු තෙල් පිටි සහිත බර්ගර් හැම් වර්ග 

තෙල් වල බදින ලද ආහාර

ක්ෂණික ආහාර

කැෆේන් අධිකව පවතින ආහාර 

පාර්චරිතහරණය නොකළ ආහාර 

කෘත්‍රිම රසායන වර්ග එකතු කළ සෝස් වර්ග 

කෘතිම වර්ණක හා රස එකතු කළ ආහාර

අධික ඇල්කොහොල් 

අධික සීනි සහිත බීම වර්ග පානය 

ඔබ දැනටමත් මේ ආහාරවලට හුරු වී සිටින අයෙක් නම් මේ  ආහාර පාලනය කරන්න. චිප්ස්, චොක්ලට්, අයිස් ක්‍රීම් හෝ සෝඩා වැනි ආහාර ලබා ගැනීම අවම කරන්න.   ඒවා සමේ ගැටලුවලට ද මග පාදනවා. 

  • මේ  ආහාර ඉතා සුදුසුයි                         

රතු හාල්

දුඹුරු පාන් 

කඩල, මුං ඇට, කවුපි වගේ ඇට වර්ග 

එළවළුහෝ පලතුරු සැලඩ් වර්ග 

දෙලුම්, පැපොල් ,අලි පේර වගේ පලතුරු 

තේ, කෝපි වෙනුවට  ස්වාභාවික පාන වර්ග (බෙලි මල්, රණවරා මල්)

සිහින් සිරුරකට පාන වර්ගයක්                

කස කසා ඇට මේස හැඳි 1 ක්

පිපිඤ්ඤා පෙති 6 ක් 

ඉඟුරු කුඩා කැබලි 2,3 ක්

මිංචි කොළ 10 ක් 

කසකසා ඇට  රාත්‍රියට වතුර වීදුරුවකට දමා ඉහත  සියල්ල  සමග බ්ලෙන්ඩ්   කර පානය කරන්න. ඒ වගේම පොල් වතුර, දෙහි යුෂ පානය කිරීමත් මේ සඳහා ඉතා සුදුසුයි. 

  •  දහඩිය දුගඳ නැති කරගන්න                

බේකින් සෝඩා මේස හැ‍ඳි දෙකකට දෙහි බිංදු දෙක තුනක් දමා හොඳින් කිහිලි ප්‍රදේශය සතියකට වරක් ස්ක්‍රබ් කරන්න
දවසක් හැර දවසක් ඇපල් සයිඩර් විනාකිරිවලින් ඔබේ කිහිලි ප්‍රදේශය සෝදන්න. 
කෝපි කුඩු මේස හැන්දකට , තක්කාලි යුෂ මේස හැඳි  2 ක් මිශ්‍ර කර සතියකට වරක් කිහිලි ප්‍රදේශය ස්ක්‍රබ් කරන්න. 
ග්‍රීන් ටී බෑග් එකක් උණුවතුර කෝප්යකට දමා විනාඩි දහයක් පමණ පියනකින් වසා තබා හොඳින් කිහිලි ප්‍රදේශයේ එම  ග්‍රීන් ටී බෑග් එක පැය භාගයක් පමණ තබා ගෙන සිටින්න.
 ව්‍යායාමවලට හුරුවෙන්න                        
විවාහයට මාස 2ක් පමණ තිබියදී හදිසියේ ව්‍යායාම කිරීමෙන් හෝ ආහාර පාලනය කිරීමෙන් ඔබේ රූපයට හානි සිදු වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. එකවර ආහාර රටාව වෙනස් කිරිමෙන් ඔබ රෝගී වෙන්නත් පුළුවන්. මේ සඳහා වෘත්තීය පුහුණුකරුවෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අනිවාර්ය  වෙනවා. ඔබට ගැළපෙන ව්‍යායාම් රටාවක් සහ ආහාර පාලන රටාවක් ඔහුගෙන් ලබාගන්න. අඩුම තරමේ විවාහයට මාස  5කට පමණ පෙරවත් මේ සඳහා උනන්දු විය යුතුයි. මනාලියක්වීමට සිටින ඔබ අධික තෙල් සීනි පිටි සහිත ආහාර ලබා ගැනීමෙන් සිදුවන්නේ ශරීරය ඇදීමට ලක් වී stretch marks ඇති වීමය.   එලෙස Stretch marks කැළැල් ඇති වීමෙන් විවාහ මංගල දිනය දවසට උඩරට ක්‍රමය අනුගමනය කරමින් හැඩවෙන්න ඉන්න මනාලියක් නම් ඉතා අපහසුතාවට පත් විය හැකියි.

 

 

 

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Previous

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Next

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

Realted Post

Leave a comment