රත්තරන් මුහුණෙ ගෑවම තරුණ වෙනවද?

 

සම නිරෝගීව පැහැපත්ව තබාගන්න, හුඟක් ගැහැනු ළමයි සහ කන්තාවන් සාමාන්‍යයෙන් මසකට වරක් හෝ සති දෙක තුනකට වරක් ෆේෂල් සත්කාරයක් කරගන්නවා. ඒ වෙනුවෙන් රූපලාවන්‍යාගාරයකට නොගියත් සමහරු නිවසේදීම තමන්ගේ මුහුණට ගැළපෙන්න ෆේෂල්, ක්ලීනප් වැනි සත්කාර කරගන්නවා. එහෙත් ගෝල්ඩ් ෆේෂල් සාමාන්‍ය ෆේෂල් එකකට වඩා වෙනස් සත්කාරයක්. නමින් මේ ගැන හුඟක් අය දැනගෙන සිටියත් ගෝල්ඩ් ෆේෂල් සිදු කරන ආකාරය සහ එයින් සමට ලැබෙන වාසි ගැන දැනුම්වත් නැහැ. 

 

 


අවුරුදු 30 න් පසු  වඩාත් සුදුසුයි 

උපදෙස් - 
චාන්දනී බණ්ඩාර

 


ගෝල්ඩ් ෆේෂල් කරන්නේ සමේ පැහැය වැඩි කර ගැනීමට යැයි ඔබ සිතනවද? එහෙත් එය සම්පූර්ණයෙන්ම නිවැරදි නැහැ. ඒ වගේම ගෝල්ඩ් පැක් එකේ අඩංගු අමුද්‍රව්‍යත් සමග ලැබෙන වාසි වෙනස් වෙනවා. සම පැහැපත් කිරීමට අමතරව සමට වාසි රැසක් ලබාගැනීමට හැකි ගෝල්ඩ් ෆේෂල් සත්කාරය ලංකාවට එන්නේ දකුණු ආසියාතික රටවලින්. ඒ නිසා මේ සත්කාරයට තියෙන්නේ ඉහළ වටිනාකමක් සහ ජනප්‍රියත්වයක්. 
මනාලියක් වීමට සුදානම් වීමේදී විවාහයට දින ළංවන විට සෑම මනාලියකටම තමන්ගේ රූපලාවන්‍ය ශිල්පියා විසින් ගෝල්ඩ් ෆේෂල් සිදු කරනවා. ඒ නිසාම හුඟක් දෙනෙක් ගෝල්ඩ් ෆේෂල් කරන්නේ ඉතාම කලාතුරකින්. එසේ නැතිනම් විවාහය වැනි විශේෂ අවස්ථාවකදී පමණයි. එහෙත් නිවැරදි ක්‍රමයට නම් මසකට වරක් හෝ මාස දෙක තුනකට වතාවක් ගෝල්ඩ් ෆේෂල් එකක් කරගැනීමට හැකි නම් සම වියපත්වීම, අවපැහැවීම වළක්වාගෙන දිලිසෙන තරුණ සමක් පවත්වා ගන්න පුළුවන්. විශේෂයෙන් වයස අවුරුදු තිහ පසු වූ විට මාස තුනකට පමණ වතාවක් හෝ ෆේෂල් එකක් කිරීමට හැකිනම් වයසට ගියත් තරුණ පෙනුම රැක ගැනීම අපහසු නැහැ. 

 


කරන්නේ කොහොමද? 
බොහෝ දෙනෙක් නිවසේදීත් ගෝල්ඩ් ෆේෂල් සත්කාර කරගැනීමට හැකිබව විශ්වාස කරනවා. එහෙත් නිවැරදි ක්‍රමයට මේ සත්කාරය කරගන්න නම් රූපලාවන්‍ය ශිල්පියෙකුගේ සහය අවශ්‍යවනවා වගේම ඒ සඳහා සුදුසු ප්‍රමිතියකින් යුතු ආලේපන යොදාගැනීම වැදගත්. එහෙත් ගෝල්ඩ් ෆේෂල් පැක් ලෙස වෙළෙඳපොළේ විවිධ නිෂ්පාදන තිබුණත් ඒවා සියල්ලම උසස් තත්ත්වයේ නිෂ්පාදන නම් නොවෙයි. ගෝල්ඩ් ෆේෂල් එකකින් බොහෝ විට තමන් බලාපොරොත්තුවන ප්‍රතිඵල නොලැබෙන්නේ එවැනි හේතු නිසයි. ප්‍රමිතියෙන් උසස් ගෝල්ඩ් පැක් එකක හයුලුරොනික් අම්ලය (Hyaluronic acid) සහ විටමින් සී අඩංගු වෙන නිසා එයින් සමට හිතකර වාසි රැසක් අත්කරගන්න පු`ඵවනි. 


ප්‍රමිතියෙන් උසස් හොඳ තත්ත්වයේ ගෝල්ඩ් ෆේෂල් පැක් එකක අනිවාර්යයෙන් කැරට් විසි හතරේ රත්තරන් කොළ තීරු අඩංගු වෙනවා. සමහරු පැක් එක පාවිච්චි කිරීමේදී රත්තරන් මිශ්‍ර පේපර් එකක් භාවිතා කරනවා. එසේ නැතිනම් ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය කර තිබෙන සියුම් රත්තරන් කෑලි යොදාගන්නවා. රත්තරන් සමට උරා ගැනීමක් සිදුනොවෙන නිසා එහිදී ගැල්වනික් උපකරණය භාවිතා කර නිවැරදිව පැක් එක මුහුණට උරා ගැනීමට සලස්වනවා. ඒ නිසා සෑම විටකදීම ප්‍රමිතියෙන් උසස් ගෝල්ඩ් ෆේෂල් එකක් කරගන්න උත්සහ කරන්න ඕනෑ.  

 


සමට සිදුවෙන වෙනස
රත්තරන් සිරුරට උරා ගැනීමෙන් රුධිරය පිරිසුදු වෙනවා. ඒ නිසා ඉක්මනින්ම සම පැහැපත් වෙනවා. ගෝල්ඩ් පැක් එකේ හයුලුරොනික් අම්ලය අඩංගු වන නිසා කුරුලෑ ඇතිවීම අවම කරනවා. ඒ නිසාම දිගු කාලීනව තරුණ පෙනුම රැකගන්න ගෝල්ඩ් ෆේෂල් ඉතා ඵලදායී සත්කාරයක්. 

 

 


සටහන - නයනා උදයංගනී


                   

 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Previous

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment