සමට ගුණ දෙන කසකසා ඇට

කස කසා ඇට Basil seeds ශරීරයේ බර අඩු කරන්න වගේම සම රැකගැනීමට උත්සාහ දරන්නන් අතර ඉතාම ජනප්‍රිය අාහාරයක් ලෙස හැඳින්විය හැකිය. දැනට ලොව ඇති ආහාර අතුරෙන් පෝෂ්‍යදායි ම ආහාර ලැයිස්තුවේ ඉහළින්ම රැඳෙන ආහාරයක් ලෙසත් කසකසා ඇට හඳුන්වන්න පුළුවන්.    

  • කසකසා ඇට කියන්නේ මොනවද?

කසකසා ඇට යනු චියා ඇටවලට මඳක් සමාන පැහැය හා ප්‍රමාණයෙන් වෙනස් වන බීජ විශේෂයක්. මෙමගින් ඉතාමත් ඉහළ සෞඛ්‍ය වාසි ලබා දෙන අතර ආසියාවේ ඝර්ම කලාපීය ප්‍රදේශවලට ආවේණික කස කසා ඇටය  ඉන්දියාවේ සබ්ජා ඇට (Subja seed) යනුවෙන් හඳුන්වන අතර ටුක්මාරියා (Tukmaria) බීජ යනුවෙන්ද අනෙකුත් රටවල හඳුන්වනු ලබයි. කස කසා ඇට තන්තු බහුල ආහාරයක් බැවින් අධික ලෙස ආහාරයට එකතු කරගැනීම සුදුසු වන්නේ නැහැ.

  • සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් 

ආහාර දිරවීමට උපකාරී වේ. සම පැහැපත් වීමට මලබද්ධය සමනය කරයි. එමෙන්ම සම පැහැපත් කරනවා. ශරීරයේ බර අඩුකිරීම, ආහාර ජීර්ණය වැඩිදියුණු කිරීමට, මෙන්ම මානසික පීඩනය අවම කර ගැනීමටද කස කසා ඇට ගුණදායකයි.  ඉරුවාරදය හිසේ කැක්කුමද මෙමගින් සමනය කරනු ලබනවා. ඒ වගේම පිළිකා සෛල වර්ධනයවීම වළක්වනවා. කසකසා ඇටවල යකඩ මැග්නීසියම් ඛනිජ ලවණ අත්‍යවශ්‍ය මේද අම්ලවලින් පොහොසත් වෙනවා. කස කසා ඇට මේස හැඳි 1කින් ශරීරයට දිනකට අවශ්‍ය  කැලරි 60 ලබාගත හැකිවෙනවා. හිසකෙස් හැලීම, හිසකෙස් වර්ධන වේගය, හිසකෙස්වල ඝනත්වය වැඩි කිරීම, හිස් හොරි පාලනයට වගේම කසකසා ඇටවල කැල්සියම් අධික නිසා දත්වලට නියපොතුවලට සහ අස්ථිවලටද ගුණදායකයි.

  • සමේ කොලැජන් නිෂ්පාදනය උත්තේජනය කරයි 

සම  රැලි වැටීම, අත් කකුල් ගෝරෝසුවීම යටි පතුල් පැළීම, හිසකෙස් තුනී වීම, වගේ දේවල් ඇතිවීමට මුලික හේතුව වන්නේ කොලැජන් ඌනතාවයයි. කස කසා ඇට වලට කොලැජන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පෝෂක සියල්ලම බහුලව අඩංගු වන නිසා දිනපතා කස කසා ඇට ආහාරයට ගැනීමෙන් හා පානය කිරීමෙන් ඔබේ සිරුරට අවශ්‍ය කොලැජන් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පවතී.

TIPS

කසකසා ඇටවලින් ලස්සන වෙන හැටි

  • මුහුණට හා බෙල්ලට පැක් එකක්

කසකසා ඇට මේස හැඳි 1ක් 
ලෙමන් යුෂ ස්වල්පයක් 
බිත්තර සුදුමද 1ක් 
සියල්ල එකට එකතු කර පැක් එකක් සාදා මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 30ක් පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න. මෙය සතියකට වතාවක් කිරීමෙන් මුහුණේ තිබෙන දුර්වර්ණ ගතිය ඉවත් වී සම පැහැපත් වේ.
ඉන්නන් සඳහා 
කසකසා ඇට පවුඩර් මේස හැඳි                  1ක් 
ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1ක්
කෙසෙල්ලෙලි කුඩා කැබැල්ලක් 
ප්ලාස්ටර් එකක්
කසකසා ඇට කුඩුකර පව්ඩර් එකක් ආකාරයට සකස් කර ඇපල් සයිඩ විනාකිරි එයට දමා ඉන්නන් ඇති ස්ථානයේ ආලේප කරන්න. කෙසෙල් ලෙල්ල ඊට උඩින් තබා ඉන්නන් සිටින ස්ථානයේ සමට ප්ලාස්ටර් එක  අලවන්න. දින 14 - 15ක් එක දිගට මෙම සත්කාරය රාත්‍රියේදී කර උදෑසන දිනපතා Plaster එක ඉවත් කර සෝදන්න. ඉන්නන් හැලී යනතුරු මෙම සත්කාරය කරන්න.

 

  • වියපත් පෙනුම අඩුකරන පැක් එකක්

කසකසා ඇට මේස හැඳි 1ක්
එළකිරි මේස හැඳි 2ක් 
මී පැණි මේස හැඳි 1ක් 
ඉහත සියල්ල එකට එකතුකර විනාඩි 30ක් මුහුණට හා බෙල්ලේ ආලේප කර සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියට වරක් කරන්න මෙමගින් සමේ මාංස පේශි තද කර වයසක පෙනුම අඩුකරනු ලබයි. 

 

  • කසකසා මාස්ක්

රතුඅල ගෙඩියෙන් භාගයක්
කසකසා ඇට මේස හැඳි 1ක් 
Vitamin E කරල් 2ක් 
රතුඅල භාගය බ්ලෙන්ඩ් කර යුෂ ගන්න. එයට කස කසා ඇට දමා පැය භාගයක් තබන්න. දැන් හොඳින් බ්ලෙන්ඩ් කර එයට විටමින් කරල් දමා මුහුණට හා බෙල්ලේ ආලේප කර විනාඩි 25 කින් මඳ උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න. සති දෙකකට වරක් කිරීමෙන් සමට පැහැපත් නිරෝගී පෙනුමක් ලබාගත හැකිය.

ආදරය - දුක-සතුට-හාස්‍ය   මේ සෑම දෙයකින්ම  යුක්ත  - jagath chamila Read Previous

ආදරය - දුක-සතුට-හාස්‍ය මේ සෑම දෙයකින්ම යුක්ත - jagath chamila

පොල්තෙල් වලින් ලස්සන වෙන්න Read Next

පොල්තෙල් වලින් ලස්සන වෙන්න

Realted Post

Leave a comment