තැන තැන පැටලෙන්නෙ නැතුව Online Shopping කරන්නේ කොහොමද?
වර්තමානයේදී බොහෝ දෙනා බොහෝ අවස්ථාවලදී අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතු සිදු කරනු ලබයි. එලෙස මාර්ගගත භාණ්ඩ මිලදී ගැනීම් වලදී බොහෝ දෙනා විවිධ අපහසුතාවයන්ටද මුහුණ දෙන බව අසන්නට දකින්නට ලැබෙයි. මාර්ගගත මිලදී ගැනීම් වලදී එලෙස අපහසුතාවයට පත් නොවී එම කටයුතු සිදු කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව දැන ගැනීම ඉතා වැදගත්.
මාර්ග ගත මිලදී ගැනීම්වලදී ඔබට සිදුවිය හැකි අපහසුතා ලෙස,
- භාණ්ඩයේ ගුණාත්මකභාවය නොමැති වීම.
- ඔබ මුදල් වැය කර මිල දී ගන්නා යම් භාණ්ඩයක් ඔබගේ අවශ්‍යතාවය සැපිරීම සඳහා යෝග්‍ය නොවීම.
- ඇනවුම් කරන ලද භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලැබීම.
- පලුදු වූ හෝ කැඩී ගිය භාණ්ඩ ලැබීම.
- මුදල් ගෙවූවද ඇනවුම් කරන ලද භාණ්ඩය නොලැබී යාම.
යනාදිය හඳුනාගත හැකියි.
මාර්ගගත ඇණවුම් ඔස්සේ භාණ්ඩයක් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු දේවල්,
- ඔබ ගෙවන ලද මුදලට ඔබ විසින් ඇනවුම් කරන ලද භාණ්ඩය ලැබේද යන්න පිළිබඳව තහවුරුවක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
- ඔබට යම් අවස්ථාවකදී පලුදු වූ භාණ්ඩයක් ලැබුණේ නම් එම භාණ්ඩය නැවත ඔබට ඔවුන් වෙත ආපසු හරවා යැවීමට හැකියාවක් පවතීද, එලෙස සිදු කිරීමෙන් අනතුරුව ඔබ එම භාණ්ඩය සඳහා ගෙවූ මුදල ඔබට ආපසු ලබාගත හැකිවේද යන්න පිළිබඳවත් සොයා බැලීමත් ඉතා වැදගත්.
- ඔබ විසින් යම් භාණ්ඩයක් මිලදී ගැනීමට අපේක්ෂා කරනු ලබන විට ඒ සඳහා නියම කර ඇති මිලට අමතරව සැඟවුණු ගාස්තුවක් ඔවුන් විසින් අය කෙරේද යන්න සොයා බැලීම සහ එවැනි අවස්ථා නිරාකරණය කරගැනීමද ඉතා වැදගත්.
- අන්තර්ජාලය හරහා වෙබ් අඩවියකින් හෝ සමාජ මාධ්‍ය හරහා හෝ ඔබ විවිධ භාණ්ඩ ඇනවුම් කරනු ලබන විට, එම සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි වල අයිතිකරුවන් කවුරුන්ද, ඔවුන්ගේ පැවැත්මක් පවතීද යනාදිය වූ කරුණු සොයා බැලීම සිදු කළ යුතුයි.
- එමෙන්ම එම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා හරහා ඔබට පෙර මිලදී ගැනීම් සිදුකරනු ලැබූ පාරිභෝගිකයින්ගේ අදහස් පිළිබඳව පිළිබඳව ද විමසිලිමත් වීම වැදගත්.
මෙහිදී විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ඇණවුම් සිදුකරනු ලබන විට විශේෂයෙන්ම ගෙවීම් කටයුතු සිදු කිරීමේදී ප්‍රවේසම් සහගතව කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මෙහිදී බොහෝ විට රහසිගත බැංකු දත්ත සොරා ගැනීම සඳහා වුවද කූට උපක්‍රම යොදාගෙන ඇති අවස්ථාවන්හි පැවතිය හැකියි.
ඔබ එලෙස සමාජ මාධ්‍ය ජාලාවකින් යම්කිසි මිලදී ගැනීමක් සිදුකරනවානම්,
- අදාළ සමාජ මාධ්‍ය අඩවිය සිදු කරගෙන යනු ලබන පුද්ගලයාගේ නාමය දුරකථන අංකය විද්‍යුත් තැපැල් ලිපිනය ෆැක්ස් ලිපිනය ආදී දත්ත පවතීද යන්න සොයා බැලීමද අත්‍යවශ්‍යයි.
තොරතුරු: අසේල බණ්ඩාර පාරිභෝගික කටයුතු සහ තොරතුරු (වැඩසටහන - ලංකාදීප Online දැනුවත් විනාඩි තුන)
සටහන: විශ්වනී හසලා
Leave a comment