Room no.106 රූපගතකිරීම් ඇරඹේ.

මෙරට මෑත කාලීනව සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කොට ගනිමින්  , ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ  සුරංග ද අල්විස් නිර්මාණය කරනු ලබන Room no. 106  චිත්‍රපටයේ රූපගතකිරීම්  මේ දිනවල සිදුවෙමින් පවතී . මෙය අධ්‍යක්ෂවරයාගේ හයවන නිර්මාණයයි . ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙපොලක් වන,  සුනෙත් මාලිංග ලොකුහේවා සමගින් ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර විසින් මෙහි තිර පිටපත ලියා ඇත. බිමල් ජයකොඩි , ශ්‍යාම් ප්‍රනාන්දු , කළණ ගුණසේකර , දමිතා අබේරත්න , ඩිෂ්නි රාජපක්ෂ , නයෝමි තක්ෂිලා , ප්‍රියන්ත සිරිකුමාර , අමිත්ත වීරසිංහ සහ  ගීතිකා රාජපක්ෂ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය දක්වා ඇත . නැසීගිය සැන්ඩෝ හැරිස් රංගන ශිල්පියාගේ පුත් , ශාක්‍ය හැරිස් මේ තුලින් සිනමාවට එක්වීමද සිදුවේ . මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් හා සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්න , කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක, අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා , ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියාන් අරුණ ශ්‍රී,සංගීත අධ්‍යක්ෂණයෙන් සංක දිනෙත් , සහය අධ්‍යක්ෂණයෙන් නිරුක්ෂාන් ඒකනායක ද , නිෂ්පාදන කළමණාකරණයෙන් ලක්රුවන් ලොකුහපුආරච්චි එක්වී ඇති Room no.106  තුලින් ප්‍රවීණ සංගීතවේදී  සංක දිනෙත් චිත්‍රපට නිෂ්පාදනය සඳහා එක්වන  අතර , ප්‍රවීන් ජයරත්න ,ජීවන්ත කල්දේරා , පබෝදිනී ජයකොඩි සහ ඉෂානි සෙනෙවිරත්න සෙසු නිෂ්පාදන කන්ඩායම වේ. මෙය සංගීතා චිත්‍රපට සමාගමේ ඉදිරිපත් කිරීමකි.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන් Read Previous

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම Read Next

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

Realted Post

Leave a comment