කොළඹ බර උසුලන යකඩ හස්ත - මුල් පුටු 16 ම ඉන්නේ කාන්තාවෝ

කොළඹ මහනගර සභාව යනු සියවස් එකහමාරක සිට මෙරට ඇති ජාතික උරුමයකි, ශ්‍රී ලංකාවේ දෙවැනි පාර්ලිමේන්තුව ලෙසද මෙය හඳුන්වයි, රාජ්‍ය සහා පෞද්ගලික දෙඅංශයේම ඉහළම ආයතනික සමූහය ඇත්තේ කොළඹ අගනගරයේ ය. මේ එහි වැජඹෙන කාන්තාවෝ ගැන සටහනකි. 

නාගරික ප්‍රජාව, නාගරික කොට්ඨාස පහළොවකින් සමන්විත මෙම මහා බල ප්‍රදේශයේ නඩත්තුව 2023 මැයි මස 08 දා සිට පැවරි තිබෙන්නේ මහනගර සභා කොමසාරිස්වරියටයි. ඇය භද්‍රනි ජයවර්ධන ය. ඇය සතු සියලු බලතල පරිපාලනමය වශයෙන් කාන්තා නිලධාරිනියන් බොහෝමයකට පවරා ඇත, මේ වන විට වාර්තමාන කොළඹ මහනගර සභාවේ බර පැවරී තිබෙන්නේ මෙම ප්‍රබල කාන්තා සමූහයටය, කොළඹ නාගරීක ඉතිහාසය තුළ මෙවැනි වැඩිම පරිපාලන කාන්තා පිරිසක් මෙහෙය වන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

අනෙකුත් මහනගර සභා නගර සභාවලට සාපේක්ෂව මෙරට සුවිශේෂී සහ ඉතා කාර්යක්ෂම සේවයක් ජනතාව වෙත ලබා දෙන මහනගර සභාව වනුයේ කොළඹ මහනගර සභාවය. එහි ඇති තවත් විශේෂතාවක් වන්නේ එහි නාගරික කොමසාරිස් තනතුරේ සිට ඉහළ අනෙකුත් ප්‍රධාන තනතුරු කිහිපයක්ම පාලනය කරනුයේ කාන්තා නිලධාරිනියන් විසින් වීමය. මෙරට ආර්ථික මර්මස්ථානයක්, ජනගහනය අතින් අතිසංකීර්ණ ප්‍රදේශයක් තුළ පිහිටි කොළඹ මහ නගර සභාව ප්‍රබල හා ශක්තිමත් කාන්තා නිලධාරිනියන් යටතේ පාලනයවීම ඔවුනගේ දක්ෂතා මොනවට පැහැදිලි කරන්නකි.
කොළඹ මහනගර සභාව විසිරුවා හරින තෙක් එහි නගරාධිපතිනිය ලෙස කටයුතු කළේද කාන්තාවකි. ඇය රෝසි සේනානායක මහත්මිය යි.  එහෙත් මේ වනවිට එය පාලනය වන්නේ නාගරික කොමසාරිස් භද්‍රනි ජයවර්ධන මහත්මිය යටතේ ය. ඇය ඉතා විශිෂ්ට පරිපාලන හැකියාවක්, දිගුකාලීන පළපුරුද්දක් සහ දැනුමෙන් පෝෂිත වූ රාජ්‍ය නිලධාරිනියකි.
කොළඹ මහනගර සභාව තුළ දෙපාර්තමේන්තු 16 ක් පවතින අතර අටදහසක පමණ නිලධාරි  මණ්ඩලයකින් ද යුක්ත වේ. මෙවැනි වූ රාජ්‍ය ආයතනයක් පාලනය කිරීම පහසු කාර්යයක් නොවුණද නාගරික කොමසාරිස්වරිය සහ අනෙකුත් නිලධාරින්ගේ සහ නිලධාරිනියන්ගේ අපිරිමිත කැපවීම, වෙහෙසීම මත කොළඹ මහනගර සභාවේ කිර්ති නාමය ඉහළ නැංවී ඇත.
කොළඹ මහනගර සභාවේ දැවැන්ත වගකීම් සමුදායක් ඉටු කරනු ලබන නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරිය වන ලක්‍ෂ්මි බණ්ඩාර ද විශාල පළපුරුද්දක් සහ දැනුමකින් යුතු රාජ්‍ය නිලධාරිනියකි. නාගරික භාණ්ඩාගාරික ශිරෝමා නන්දනී, අභ්‍යන්තර විගණන  අංශ ප්‍රධානී නිමාලි පුෂ්පලතා කොතලාවල, කොළඹ මහනගර සභාවට සිටින තවත් විශිෂ්ට වූ කාන්තාවන් ය.   නියෝජ්‍ය නාගරීක කොමසාරිස් (පරිපාලක) ඉලුෂා ගාල්ලගේ, අධ්‍යක්ෂක ඉංජිනේරු ව්‍යාපෘති භාග්‍යා අබේගුණවර්ධන, ප්‍රධාන ගණකාධිකාරිනී නිල්මිණි සමරමාන්න, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක ෂහීනා එම්. මයිසන්, ප්‍රධාන නීති නිලධාරිනී ලීනා විරක්කොඩි, තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානි අනුෂා නිරෝධනි කටුවාවල, අධ්‍යක්ෂක මානව සම්පත් සංවර්ධන ජේ. එම්. රිද්මා ජයසුන්දර, ඉඩම් කළමනාකරණ සහ පරිසර සංවර්ධන අධ්‍යක්ෂක තරංගා ගුණවීර, සහකාර නාගරික කොමසාරිස් නදීකා දමයන්ති, පුණ්‍ය කොමසාරිස්වරිය, පුස්තකලාධිපතිනිය ඇතු`ඵ විශාල කාන්තා නිලධාරිනියන් පිරිසක් කොළඹ මහනගර වැසියන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙති. 
කොළඹ රකින මේ අභිමානවත් කාන්තාවෝ රටට ආඩම්බරයකි. කාන්තා පරපුරටම අභිමානයකි.

  • ශ්‍යාමලී පෙරේරා

 

 

 

 

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක් Read Previous

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක්

යකඩ ගැහැනියක් වෙන්න... Read Next

යකඩ ගැහැනියක් වෙන්න...

Realted Post

Leave a comment