මී පැණි විකුණා ජීවිතය රස විඳින සංජු සහේලි

අපේ රටේ තිබෙන සම්පත් සහ හැකියාවන් හඳුනාගෙන ආර්ථිකය සවිමත් කරගත් කාන්තාවෝ බොහෝ පිරිසක් රට පුරාම සිටිති. ඇයත් එවැනි කාන්තාවකි. මේ ඇයගේ කතාවයි. 

“මගේ නම සංජු සහේලි. මම ඉපදුණේ කොළඹ. පාසල් අධ්‍යාපනය ලැබුවේ ගෝතමී බාලිකා විදුහලෙන්. උසස් අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්. ඉන්පසු ආයතන කිහිපයකම වැඩ කළා. විවාහයෙන් පසු රැකියාවෙන් ඉවත් වුණා.  විවාහයත් සමගම රැකියාවෙන් ඉවත් වුණා. නමුත් මටම කියා ආදායමක් ලැබෙනවා නම් හොඳයි කියන අදහස මට තිබුනා. ඔය අතරේ මට පුතා ලැබුණා. පුතාට කිරි දත් එන කාලයේ විදුරුමස් රතු වී විවිධ වේදනා ඇතිවුණා. එයට ප්‍රතිකර්මයක් ලෙස මී පැණි ආලේපනය කළා. 
හසලක ප්‍රදේශයේ කැලෑ මීපැණි ගන්න අය ඉන්නවා. ඒ අයගෙන් මට හොඳම මී පැණි බෝතල් ලැබුණා. පසුව පුතාගේ රෝගය සුව වූවාට පස්සේ ඉතුරු වූ මී පැණි බෝතල් යහළුවන්ට, නෑදෑයින්ට දුන්නා. ඒ අයගෙන් මේ  මීපැණි සදහා හොඳ ඉල්ලුමක් ලැබුණා. ඉන්පසු මම කුරියර් සේවා මගින් සහ ඔන්ලයින් ක්‍රමයට අලෙවි කළා.

මම සුදුලූණු මීපැණි, කුරුඳු කුඩු මී පැණි, ගොරකා මීපැණි, ඉඟුරු මී පැණි, නෙල්ලි මීපැණි, රටඉඳි මීපැණි, වැනි නිෂ්පාදනත් කරනවා. මේවා හදවත් රෝග, කොලෙස්ටරෝල්, අධික ස්ථුලතාව, පිළිකා වැනි රෝගවලට ගුණයි. ට සුවිශේෂී කර වගේම හොඳම උසස් තත්ත්වයෙන් යුතු කැලෑ මීපැණි මම අලෙවි කරනවා. 
වසර 2018 දි ඇරඹූ ව්‍යාපාරය අද වෙද්දි විදේශ අලෙවියට පවා යොමු කර ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. මගේ මේ ව්‍යාපාරයට සම්මාන සහතික පවා ලැබිලා තියෙනවා. වනිතා අභිමාන නුවර දිස්ත්‍රික්කයෙන් දෙවැනි ස්ථානය ලැබිලා තියෙනවා. 

මට සැමියාගෙන් විශාල සහායක් ලැබෙනවා. ඒවගේම විවිධ ආයතන මට හුඟක් සහාය දෙනවා. ඒවාගේම මට අත් උදව්වට ඉන්නේ කාන්තා ශ්‍රමිකයින්. නිෂ්පාදන ලේබල් කිරීමට මට උදව් කරන්නේ පාසල් දරුවන්. ඔවුන්ටත් සුළු මුදලක් අතට ලැබීම තුළින් පාසල් උපකරණ මිලට ගැනීමට යම් පහසුවක් ලැබෙනවා.

අපේ රට තුළ ව්‍යාපාරික හැකියාවන් තිබෙන දක්ෂ කාන්තාවන් සිටිනවා. යම් දෙයක් කිරීමට බිය විය යුතු නැහැ. හෙමින් අඩියෙන් අඩිය පටන් ගත යුතුයි. මම ව්‍යාපාරය පටන් ගත්තේ මී පැණිවලින්. අද වෙද්දි මී පැණි යොදා ඖෂධත් නිෂ්පාදනය කරනවා. සමහර නිෂ්පාදනවලට හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කියන්නේ කාන්තාවක් වුණාම උත්සාහ ගත යුතුයි ස්වාධීනව නැගිටින්න. විදේශ රටක සේවයකට ගොස් දුක් විඳ ලැබෙන ආදායමට වඩා අපට නිදහසේ පවුලත් රැකගෙන මෙවැනි ව්‍යාපාරයන් කළ හැකියි.”

  • මහේෂානි මීගහපොළ

Fashion කරන්න, හැඩට අඳින්න - Sirikatha Fashion Shoot Read Previous

Fashion කරන්න, හැඩට අඳින්න - Sirikatha Fashion Shoot

සිරිකත අවුරුදු කුමරා සහ කුමරිය 2025 Read Next

සිරිකත අවුරුදු කුමරා සහ කුමරිය 2025

Realted Post

Leave a comment