ආදරේ බෙදාගන්න එයා ළඟ ඔයා කොහොම හිටියම මොකද?

දිනෙක සැමියෙක් එනවා තම බිරිඳ සමග.  ඔහු කියනවා,
‘‘බිරිඳ මා ගැන සොයා බලන්නේ නැහැ. මමත් සමග වැඩිය කතා කරන්නේ නැහැ. ඇය මාව මගහරිනවා. බිරිඳ මාව තේරුම් ගන්නේ නැහැ. මගේ සතුට වෙනුවෙන් කිසිවක් කරන්නේ නැහැ. ඉතිං අපි දෙන්නට එකට ජීවත් වෙන්න බැහැ. නිතරම රණ්ඩු ඇති වෙනවා ’’කියලා.

ඉතිං කුමක් විය හැකිද මෙම සිද්ධියට හේතුව.
බිරිඳගෙන් මේ පිළිබඳව කරුණු විමසීමේදී ඇය ප‍්‍රකාශ කරන්නේ
‘‘මම උදේ ඉඳලම ගේ දොර වැඩ, දරුවන්ගේ වැඩ කරනවා. නමුත් මහත්තයා උදේ අවදි වෙලා රැකියාවට යනවා. නමුත් මම ගැන හොයලා බලන්නේ නැහැ.
මගෙ හිතේ තියෙන්නේ මොනවද කියලා අහන්නේ නැහැ. මට මහන්සිද කියල අහන්නේ නැහැ. මම ආස කරන්නේ මොනවටද කියල අහන්නේ නැහැ. එයාගේ ජීවිතය රැකියාව පමණයි. එයාට මම ගැන කිසිම හැඟීමක් නැහැ.’’
මම ඇයගෙන් ඇසුවා ඇය ඔහුට සලකන ආකාරය ගැන. ඇය කියනවා සැමියා ඔහුගේ තේ එකේ සිට සෑම දෙයක්ම කර ගන්නවා. මම උයලා දෙන එක විතරයි කරන්නේ කියලා.
මම ඇයගෙන් ඇසුවා ඔයා ආසකරන දේවල් ඇයි ඔහුට කියන්නෙ නැත්තේ කියලා.
‘‘මම ඇයි කියන්නේ මහත්තයා ඒවා දැනගන්න  ඕනේ නේද ?’’ කියලා ඇය තදින් ප‍්‍රකාශ කළා. ඇත්තටම කාන්තාව කියන්නේ නිතරම කතා කරන්න කැමති කෙනෙක්. ඇය කැමති ඇයව අගය කරනවාට. පිරිමි පාර්ශ්වය කතා කරනවා අඩුයි.
ඉතිං සොයා බැලීමේදී මේ සියලූ ප‍්‍රශ්ණ වලට මූල බීජය ඉහතින් කතා කළ කරුණු නොවේ. කාන්තාව තුළ සැමියාට ආදරය ඇති වීමටත් සැමියා තුළ බිරිඳට ආදරය ඇති වීමටත් ඔවුනොවුන් තුළ ආකර්ෂණීය චර්යා තිබිය යුතුය.
බිරිඳ විසින් සාදා දෙන තේ කෝප්පය  සාදා දීමේ සිට ලිංගික ආකාර්ෂණය ඇතිවෙනවා. සැමියට බිරිඳ කෙරෙහි ආදරයක් ඇති වෙනවා.
සමහර පවුල් වල අපි දකිනවා ගැටලුවලට මූලික හේතුව ලිංගිකත්වය.  ඊට හේතුව කිසිම කෙනෙක් එය විවෘතව කතා කරන්න කැමති නැහැ. අපිට බොහෝ තැන්වලදී සනාථ වූ දෙයක් තමා කාන්තාව ආදරය සෘජුව ප‍්‍රකාශ කරන්නේ නැහැ. එම නිසා සැමියා ඒ දේවල් තේරුම් ගන්නෙ නැහැ.
එම නිසා දෙදෙනා තුළ ලිංගික අසහනකාරී තත්ත්ව ඇති වෙනවා.  ඒ හේතුවෙන් බාහිර සම්බන්ධතාවලට පෙලඹෙනවා. එතැනින් පවුල් සංස්ථාව බිඳ වැටෙනවා.  
ඉතිං මනෝ විද්‍යාව තුළ සඳහන් කරන පරිදි කාන්තාව සැමියා ඉදිරියේ පතිනියක් නොව වෙසඟනක් විය යුතුයි.
මෙය සාමාන්‍යයෙන්  මනෝවිද්‍යාවේ කියන කාරණයක්. මෙයින් අපිට පැහැදිලි වෙන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගෙන යන්න නම් සාර්ථක ලිංගික ජීවිතයක් අවශ්‍ය බවයි.
ඉතිං අපි මුලින් බලන්න  ඕනේ මේ පවුලට කොහොමද ලිංගික තෘප්තිය ලැබීමට ක‍්‍රියා කරන්න  ඕනේ කියලා. ලිංගික චර්යා වගේම ඔවුන්ගේ කතා බහ,  දෙදෙනාගේ හැසිරීම් ඒවගේම දෙදෙනාගේ අගය කර ගැනීම්  මේ සාර්ථක ලිංගික ජීවිතයට බලපානවා.
අප දකිනවා වර්තමානයේ බහුලව මෙම පවුල් ප‍්‍රශ්න එන්නේ අඩු වයස් විවාහයන් තුළ. හේතුව ඔවුන් ලිංගිකත්වයට මූලික පදනම දී කටයුතු කරනවා. ඒ කියන්නේ ඔවුන් හැඟීම් එක්ක කටයුතු කරනවා. ඉතිං අපි පවුලක් නිවැරදිව ගෙන යන්න නම් හැඟීම් වගේම දෙදෙනාගේම අදහස් මනා සන්නිවේදනයක් තිබීම ඉතා වැදගත් වෙනවා.
ඉතිං වර්තමානයේ බහුලම ලෙස පවුල් ප‍්‍රශ්න ඇති වන්නේ මෙම ජීව විද්‍යාත්මක සාධකය වන ලිංගිකත්වය තුළයි. මෙහිදී සැමියා වගේම බිරිඳ ද තම අදහස් හුවමාරු කර ගත යුතුයි.
බොහෝ කාන්තාවන් තමන්ගේ අදහස් හුවමාරු කර ගන්න බයයි.  මීට කලින් මේ ආකාරයට කා සමග ද ඇසුරු කළේ? මේ දේවල් දන්නේ කොහොමද කියලා සැමියා ප‍්‍රශ්න කරාවි කියන බිය නිසා කාන්තාව පතිනියක් ලෙස රඟ දක්වනවා.
නමුත් ඇය විවෘතව ක‍්‍රියා කළහොත් තම ස්වාමියාව බාහිර ඇසුරක් කරා නොයා ළඟ තබා ගැනීමට හැකිවෙනවා.

Launch of the TimLaunch of the Times School of Higher Education  Galle Face Hotel Read Previous

Launch of the TimLaunch of the Times School of Higher Education Galle Face Hotel

The Next Face Read Next

The Next Face

Realted Post

Leave a comment