උණ, කැස්ස උගුර රිදෙනවා ද ? එහෙනම් ඔබ කියවන්නම ඕන ලිපියක්
මේ වන විට කොරෝනා රෝගය ලෝකයෙහි මෙන්ම අප රටෙහිද සාමාන්‍ය වී හමාරය. කලින් කලට කොරෝනා රෝගයට සමාන විවිධ රෝග සමාජයට එක්කාසු වන අතර මේ දිනවල ඉන්ෆෙවුන්සා රෝගයට සමාන රෝගයක් පැතිර යමින් පවතියි.
මේ දිනවල ඉන්ෆෙවුන්සා රෝගයට සමාන රෝග කිහිපයක් පැතිර යනු ලැබේ.ඊට අමතරව අතරින් පතර කොවිඩ් රෝගීන් කිහිප දෙනෙකුද අපට මුණ ගැසේ. එයින් කොවිඩ් තත්ත්වය සම්පූර්ණයෙන්ම බැහැර වී ඇතැයි අපට පැවසිය නොහැක.
කොවිඩ් , ඉන්ෆෙවුන්සා වලට අමතරව ඩෙංගු රෝගීන්ගෙද යම් ව්‍යාප්තියක් අපට දකින්නට ලැබේ. කෘෂිකර්මාන්තයට අදාළ ප්‍රදේශවල Listeriosis යන නමින්ද රෝගයක් පැතිර යන අතර මෙය වෛරස් රෝගයක් නොවන බව පැවසිය යුතුය. එය බැක්ටිරීයාවක් නිසා ඇතිවන රෝග තත්ත්වයකි.
මෙම රෝග කිහිපයම මේ වන විට පැතිර යන අතර එහි රෝග ලක්ෂණ කොවිඩ් රෝග තත්ත්වයන්වලට සමාන වේ. එනම් ,
උණ , කැස්ස, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාවය, සිරුරේ වේදනාව වැනි පොදු රෝග ලක්ෂණ පෙන්වා දිය හැකිය.
මෙවැනි රෝග ලක්ෂණ තිබේනම් ඒවායින් වැළකීමට ගතයුතු ක්‍රියාමාර්ග ලෙස, මෙම රෝග තත්ත්වයේදී අධික උණ පවතියි නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න. එසේම ඇස්ප්‍රින් , ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබා ගැනීම සුදුසු නැත. එසේ ලබා ගැනීමෙන් සිදු වන්නේ අතුරු අබාධ වලට මුහුණ දීමට සිදු වීමයි.
විශේෂයෙන්ම ගර්භණී මව්වරුන් , ගර්භණී සමයේ මුල් කාලයේ පසු වන්නන් , නිදන්ගත රෝගීන් සහ වයස අවුරුදු 60 ට වැඩි වියපත් රෝගීන් විශේෂයෙන්ම පරිස්සම් විය යුතුය .
ඇතැම් විට කොවිඩ් රෝගී තත්ත්වයන් කුඩා දරුවන් හට ඔරොත්තු දෙන අතට ඩෙංගු රෝගයේ ලක්ෂණ පෙන්වනවානම් රුධිර පරික්ෂාවක් සිදු කිරීම යෝග්‍ය වේ. ඉන්ෆෙවුන්සා රෝගී තත්ත්වයක් තිබේනම් එය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වන අතර මෙම තත්ත්වයේදී කුඩා දරුවන් හට මව්කිරි නොකඩවා ලබා දිය යුතුය. අනෙක් දරුවන් සහ වැඩිහිටියන් මෙම රෝගයේ රෝගී ලක්ෂණ වලින් පෙලෙයිනම් වහාම වෛද්‍ය උපදෙස්වලට යොමු වන්න. එසේම දියර වර්ගයන් පානය කිරීම , විවේකීව සිටීම මෙම කාලය තුළදී සුදුසු වේ.
එසේම කෘෂිකර්මාන්තය ආශ්රිත ප්‍රදේශ වල දූෂිත ජලයට බැක්ටීරියා එක්කාසු වන නිසා listeriosis රෝගය ඇතිවන අතර මෙම රෝගයට ලබා දෙන ඖෂධ මෙම අනෙක් රෝගී තත්ත්වයන්ට සුදුසු වේ.
එසේම ඩෙංගු රෝගී තත්ත්වයකදී රුධිර වාර්තා , පෙට්ලට් තත්ත්ව පරීක්ෂණ මත ප්‍රතිකාර කරන අයුරු වෙනස් වන අතර ඇස්ප්‍රින් වැනි ඊට සමාන ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම සුදුසු නොවේ. එසේම සාමාන්‍යයෙන් උණ තත්ත්වයන් පවතියිනම් පැරසිටමෝල් වැනි දේවල් සුදුසු වුවත් අධික උණ තත්ත්වයන් පවතියිනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවද නවතම වෛද්‍ය උපදෙස් අනුව සොයාගෙන ඇත්තේ කොරෝනා රෝගය නිසා ස්නායු තත්ත්වයන් ඇතිවන බවයි. කොරොනා රෝගය සිරුරෙහි විවිධ පද්ධතීන් තුළට බලපෑ හැකි අතර මුල් අවස්ථා වලදී නිවැරදි ප්‍රතිකාර නොකිරීම , පරිස්සම් නොවීම , විවේකය මදි වීම තුළ නිවැරදි කොවිඩ් එන්නත්නොවීම තුළින් අතුරු ප්‍රතිඵල ඇතිවීමේ අවධානම වැඩිය. ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවන අතර එම කාලය low කොවිඩ් ලෙස හදුන්වනු ලැබේ.
අද වන විට මුඛ ආවරණයන් පැලදීම අවම වී ඇති අතර මෙම රෝගී තත්ත්වයන් තුළ මුඛ ආවරණය පැලදීම අත්‍යවශ්‍ය කරුණක් වේ. එසේම තම දෑත් නිතර පිරිසුදු කර ගැනීම මෙම රෝගි තත්ත්වයන්ගෙන් දුරස් වීමට තරමක් උපකාරී වේ.
ආසියා සාන්තිකර ප්‍රජා සෞඛ්‍ය සංවිධාන මහ ලේඛම් මහාචාර්ය ඉන්දික කරුණාතිලක
සටහන - මහේෂාණි මීගහපොළ
Leave a comment