එකට ඉන්න බය හිතෙන කලවා බන්ධනය
‘‘මම විවාහ වෙලා වසර 04ක් වෙනවා. ඒත් මට ලිංගිකව හැසිරෙන්න බැහැ. යෝනිය වේදනාකාරීයි.’’ මේ ආකාරයට මානසික පීඩා විඳින කාන්තාවන් දිනකට දෙතුන් දෙනෙක් මනෝ චිකිත්සාවට යොමු වෙනවා.
ඒ වගේම තවත් කාන්තාවන් ඉන්නවා විවාහ වෙලා දරුවන් ලැබිලත් ලිංගිකත්වයට බයක් දක්වන අය.
ඉතිං මේ ලිංගික බියක් ද? නැතිනම් වේදනාවක්ද? යන්න අපි කතා කරමු.
මම මීට පෙර කතා කළ ලිපියක සඳහන් කළා Vaginismus ගැන. ඉතිං අපි මේ කලවා බන්ධනය නැතිනම් සංසර්ග භීතිකාව වශයෙන්ද කතා කරන්නේ ඒ ගැනයි.
අතීතයේ මෙවැනි තත්වයන් ඇතිවුණාම ගැමියන් කියනවා කලවා බන්ධනයක් කරලා කියලා. ඉතිං ඒ නිසා ඒ නම පාවිච්චි කරනවා.
මෙවැනි ලිංගාශ්‍රිත වේදනාව නැති නම් Vaginismus තත්ත්වය ඇති කාන්තාවන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළාම ඔවුන් කලවා තද කරගෙන ඉන්නවා. බියට හෝ ලැජ්ජාව නිසා. ඉතිං කලවා බන්ධනය කියන නම සාධාරණ යැයි කියන්න පුළුවන්.
මෙම කලවා බන්ධනය හෙවත් Vaginismus අවධීන් කොටස් කිහිපයකට බෙදෙනවා. මම ඒ ගැන කතා කරන්නම්, ඊට කලින් මම පැහැදිලි කරන්නම් මේ තත්ත්වයේ ලක්ෂණ මොනවද කියලා.
ලිංගිකව එකතු වීමට ඇති බිය.
යෝනියේ ඇතිවන වේදනාව
ඒ නිසාම ඉබේටම කලවා තද වෙනවා.
මාංස පේශි තද වෙනවා.
ලිංගිකත්වය නැතිව මානසිකව හා කායිකව පීඩා විඳිනවා.
කලවා බන්ධන අවධීන්
1 st Vaginismus
ශාරීරීක හේතු
කුඩා යෝනි පිහිටීම
මානසික හේතු
ආගමික මිත්‍යාවන්, කුඩා කල සිදුවූ අපචාරයන්ගේ මානසික බලපෑම.
පාරිසරික හේතු
පවුලේ ලිංගිකත්වය පිළිබඳව දරණ මතයන්, පිළිසිඳ ගැනීමට ඇති බිය.
2nd Vaginismus
විවාහයෙන් පසු ඇති වන Vaginismus තත්ත්වයන්.
යම් කිසි ආසාදනයක්
දරු ප්‍රසූතියෙන් පසු
අපචාර හමුවේ ඇතිවන තත්ත්වයක්
3rd Vaginismus
ලිංගිකත්වයට අකමැත්තක් දැක්වීම.
සහකරුගේ වැරැද්දක් නිසා ලිංගිකත්වයට අකමැති වීම.
4th Vaginismus
වෛද්‍යවරුන් පරීක්ෂා කරනවට අකමැති වීම.
5th Vaginismus
ගර්භිණී අවධිය
දරුවාට හානියක් වෙයි.
විෂබීජ යයි.
ගැබට කරදරයක් වෙයි.
යැයි කියා සිතන විට මෙම Vaginismus තත්ත්වයට මුහුණ දෙනවා. ඉතිං වර්තමානයේ සියයට පහක පමණ කාන්තාවන්ට මෙම තත්ත්වය බලපානවා. මේ සඳහා ඇති ඖෂධ ප්‍රතිකාර කරන්නේ නැහැ. අපිට මනෝ චිකිත්සක ක්‍රමයන් යොදා ගනිමින් මෙම කලවා බන්ධනය නැති කළ හැකියි.
මනෝ ප්‍රතිකාර ක්‍රම
Vaginismus Treatment කට්ටලය භාවිත කිරීම.
ඇඟිලි තෙරපුම.
Kegel Excercise
මේ දේවල් පළපුරුදු මනෝ චිකිත්සකවරයකු ගේ උපදෙස් මත සිදු කළ යුතුයි.
Leave a comment