කරකැවිල්ල හැදෙන කනේ රෝග
කන් දෙකෙන් සිදුවන්නේ ඇසීම පමණක් යැයි බොහෝදෙනා සිතති. එහෙත් සිරුරේ සමබරතාව හෙවත් ශරීර සමතුලිතතාව රැකදීමටද කන් දෙක බෙහෙවින් උපකාරී වේ. සාමාන්‍යයෙන් සිරුරේ සමබරතාව රැකගැනීම සඳහා ඇස, ස්නායු පද්ධතිය, කන යන ඉන්ද්රියයන් ප්‍රධාන වශයෙන් බලපායි.
කනෙහි ප්‍රධාන කොටස් තුනක් වන පිටත කන, මැද කන සහ ඇතුළත කන මේ සඳහා උපකාරී වේ. එසේම කර්ණශංඛය නමින් හඳුන්වන ගොළුබෙල්ලකුගේ හැඩයේ කොටසක් වන අර්ධ චක්රාකාර නාළ තුනක් තිබේ. මේ සියලු දෑ ඇතුළු කනේ පිහිටා ඇති අතර සමතුලිතතාව රැකගැනීමට ඒවා උපකාරී වේ.
මෙම අර්ධ වක්රාකාර නාළ ලෙස හඳුන්වන නාළ තුළ තරලයක් පිරී පවතී. එසේම එම නාළවලට සම්බන්ධ කුඩා පැසකවල කැල්සියම් ස්ඵටික ද තැන්පත් වී ඇත. හිසේ චලනය වූ විට එම අර්ධ වක්රාකාර නාළවල පවතින එම තරලය කම්පනය වේ. එවිට එහි තිබෙන සෛලවලින් සංවේදනය වී මොළයට ගමන් කිරීමක් සිදු වේ. මෙම තත්ත්වය ශරීරයේ සමතුලිතතාව රැක ගැනීම සඳහා උදව් වේ.
කැරකිල්ල හැදෙන්නේ ඇයි?
උපදෙස් -: ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ
|
කනේ පිහිටා තිබෙන අර්ධ චක්රාකාර නාළවල රෝග තත්ත්වයක් හටගත් විට ශරීරයේ සමතුලිතතාව බිඳ වැටේ. එවිට කැරකිල්ල (verttigo) ඇති වේ.
මෙහිදී සිදුවන්නේ තමන්ට කැරකැවෙන ගතියක් දැනීමයි. නැතහොත් පරිසරයේ තිබෙන සියලු දෑ කැරකැවෙන ගතියක් දිස්වීමයි. මෙම තත්ත්වය ඇති වූ විට පරීක්ෂා කළ යුතු වේ. එවිට ඊට හේතු මේවා විය හැකියි.
* කනේ සමතුලිතතාව නැතිවීම
* ස්නායු පද්ධතියේ ගැටලු
*ශරීරයේ වෙනත් අවයවයක රෝග තත්ත්වයක් ඇති වීම නිසාද මෙසේ විය හැකිය.
BPPV රෝගය
කනේ සමතුලිතතාව නැතිවීමට බහුලව හේතු වන්නේ BPPVරෝගයයි. එහිදීි සිදුවන්නේ කනේ පැසක තිබෙන කැල්සියම් ස්ඵටික කනේ අර්ධ චක්රාකාර නාළවල තිබෙන තරලයට මුසුවීමයි. එසේ වන්නේ හිසේ චලනයත් සමගයි. මෙම තත්ත්වය තත්පර ගණනකින් විනාඩි ගණනකින් නැති වී යා හැකිය. මෙය උදාහරණයක් ලෙස සඳහන් කළොත් මඩ වතුර පිරි වීදුරුවක් සෙල වූ විට එහි කැලඹුණු මණ්ඩි වීදුරුව අඩියට යනතුරු යම් වේලාවක් කැලඹී තිබෙන ආකාරයෙන් කැල්සියම් ස්ඵටික යථා තත්ත්වයට පත්වනතුරු සැරකිල්ල ඇති වේ. සමහරුන්ට මෙම කැරකිල්ල සමග වමනය, ඔක්කාරය ද ඇති වේ.
කැරකිල්ල ඇති වූ රෝගියෙකු පරීක්ෂා කර බලන ක්‍රම තිබේ. එහිදී රෝගියාගේ හිස චලනය කර නිරීක්ෂණය කරන්නේ කැරකිල්ලට හේතුව කැල්සියම් ස්ඵටික චලනයවීම නිසා ඇතිවෙන BPPV තත්ත්වයදැයි කියාය.
ප්‍රතිකාර තිබෙනවාද?
රෝගය හඳුනා ගත් පසු කරන ප්‍රතිකාරය වන්නේ නැවත එම කැල්සියම් ස්පටික පැස තුළට යොමු කිරීමයි. මෙය නිසි ව්‍යායාම ක්‍රම මගින් කරනු ලැබේ.
මේ හැර ඖෂධ ද ලබා දෙයි. එහෙත් මීට වඩා නිසි ව්‍යායාම මගින් කැල්සියම් ස්ඵටික පැස තුළ යොමු කිරීම ඉතාම සුදුසු නිට්ටාවට සුව වන ප්‍රතිකර්මයකි.
Menieres Disease රෝගය
මේ කනේ සමතුලිතතාව නැතිවන තවත් රෝග තත්ත්වයකි. මෙහිදී සිදු වන්නේ අර්ධ වක්රාකාර නාළවල තිබෙන තරලයේ පීඩනය වැඩිවීමයි. මීට නිශ්චිත හේතුවක් සොයාගෙන නැත. තරලයේ නිෂ්පාදනය වැඩිවීම හෝ නැවත උරා ගැනීමේ ක්‍රමවේදයේ අඩුවීම මෙසේවීමට හේතුව විය හැකි බවට විශ්වාස කරයි.
රෝග ලක්ෂණ මොනවාද?
මෙම රෝග තත්ත්වය ඇති විට රෝගියාට කනේ අගුල් වැටී ඇති බවක් දැනේ.
ඊට අමතරව එම තරලය පිරීමෙන් ඒ සම්බන්ධ පටල ඇදීමට පටන් ගනී. එසේ වූ විට රෝගියාගේ කනේ නිතර ‘හෝ’ ගාන ශබ්දයක් ඇති වේ.
මේ හැර මෙම රෝගයට නිසි ප්‍රතිකාර ප්‍රමාදවීමෙන් රෝගියාට කන් ඇසෙන්නේ නැති බවක් මෙන්ම කරකැවෙන ගතියක් දැනීමට පටන් ගනී.
රෝගියාට වමනය යාමට පටන් ගනී.
මෙම කරකැවිල්ල සමහර අයට පැයක් පැය දෙකක්, වරුවක් පමණ තිබිය හැකිය. එසේ වන්නේ මෙම පීඩනය සමතුලිත වනතෙක්ය.
ප්‍රතිකාර තිබෙනවද?
තරලය නිපදවීම අඩුවීමට මෙන්ම නැවත අවශෝෂණය ම වැඩි කිරීම සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා දෙයි.
Vestibular Nuronitis රෝගය
කනේ සමතුලිතතාව තවත් රෝගී තත්ත්වයක් ලෙස Vestibular Nuronitis රෝගය සඳහන් කළ හැකියි. මෙහිදී සිදුවන්නේ අර්ධ චක්රාකාර නාළ සහ කර්ණ ශංඛයේ ස්නායු ආරම්භ වී මොළයට ගමන් කරන ශ්‍රවණ ස්නායුවේ ප්‍රදාහ තත්ත්වයක් ඇති වේ. මෙසේ වන්නේ බහුල වශයෙන්ම වයිරස ආසාදනවලට ලක්වීමෙන් පසුව ස්නායුවේ ප්‍රදාහ තත්ත්වයක් ඇති වීමෙනි.
රෝග ලක්ෂණ මොනවාද?
මෙම රෝගයේදී ඇති වෙන ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ කරකැවිල්ල ඇතිවීමයි. මෙහි විශේෂත්වය කරකැවිල්ල සමග වමනය ඇතිවීමයි. මෙය දින ගණනක් පැවතිය හැකිය. ඉන්පසු ස්වාභාවිකවම කැරකැවිල්ල සුව වී වමනය මඟහැරී යයි.
මේ නිසා කැරකිල්ල ඇති වූ විට එය පමා නොකර පරීක්ෂා කර ගත යුතුයි. එවිට එය ඇසේ හෝ ස්නායු පද්ධතියේ හෝ කනේ දෝෂයක් නිසා විය හැකිය.
මෙම තත්ත්වයට බොහෝ විට හේතුවන්නේ කනේ ඇතිවෙන ඉහත සඳහන් ප්‍රශ්නයක් නිසා ඇති වෙන තත්ත්වයකි. මෙහිදී විශේෂයෙන් පැවසිය යුත්තේ කනේ හේතුවක් නොවී ස්නායු පද්ධතියේ ගැටලුවක් නිසා ඇතිවෙන කරකැවිල්ල සුවකිරීම ඉතා අපහසුබවයි. ඒ නිසා නිතර කැරකිල්ල ඇතිවෙන අය පමා නොකර පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වේ.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment