කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න දේශීය වෙද රහස්

 

කොඳුඇට පේළිය සම්බන්ධ රෝග, දණඉස්වල වතුර, දණඉස දියවීම, ආතරයිටීස් ලෙස හඳුන්වන රෝගී තත්ත්ව වයස් භේදයකින් තොරව ඇතිවන රෝගාබාධ වේ. විශේෂයෙන්ම කොඳුඇට පේළියේ මැද තිබෙන කාටිලේජ වෙනස්වීම සම්බන්ධ රෝග කුඩා දරුවන් අතරද දක්නට ලැබේ.  


මෙවැනි රෝගී තත්ත්ව සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයේදී සිදු කරන්නේ වේදනා නාශක ඖෂධ ලබාදීම, එන්නත් ලබාදීම හා ශෛල්‍යකර්ම  සිදු කිරීම ය.


විශේෂයෙන්ම අන්තර් කශේරුකා මඬල (ඩිෂ් එක) පිපිරීම නිසා ඇතුළත තිබෙන ජෙල් එක එළියට පැමිණෙයි. මෙය දැඩි වේදනාකාරී තත්ත්වයකි. මෙවැනි රෝගීන්ට දේශීය ආයුර්වේද ප්‍රතිකාර හරහා නිට්ටාවට සුවය ලබාගත හැකිය. 

උපදෙස්: දේශීය වෛද්‍ය - 
ප්‍රදීප් ධම්මික

 


කොඳු ඇට පේළිය අස්ථි 33ක එකතුවකි. අන්තර් කාශේරුකා මඬල (ඩිෂ් එක) වෙනස්වීම, ඒවා ගෙවීම, අස්ථි දිරායාම, අස්ථි බිඳීම වැනි තත්ත්ව ඇතිවිය හැකිය. මෙහිදී බෙල්ල ආශ්‍රිත කශේරුකා මඬලට සිදුවූ හානියකදී එය දෑත්වලටද බලපායි.  එවැනි තත්ත්වයකදී ඇඟිලි නැවීමට නොහැක. අත සහ ඇඟිලි හිරි වැටෙයි.  අත්වල දැවිල්ල, වේදනාව වැනි රෝග ලක්ෂණ ද ඇති වේ. යම් හෙයකින් සුෂුම්නාවට යම් බලපෑමක් ඇති වී තිබුණොත් හිසරදය, හිස හිරිවැටීම වැනි ලක්ෂණද ඇති වේ.


එමෙන්ම තුනටිය ආශ්‍රිතව බලපෑමක් සිදු වුවහොත් කකුල දිගට වේදනාව ඇතිවීම කකුල හිරිවැටීම ඇඟිලි හිරිවැටීම, කකුල බර ගතිය, ඇවිදින විට කකුල විසිවීම වැනි ලක්ෂණ දැකගත හැකිය. රෝග ලක්ෂණ මතුවන්නේ හානිය සිදුවන ස්නායුව අනුවය. මේ නිසා රෝග ලක්ෂණ මතුවන පළමු අවස්ථාවේදීම හෙළ ප්‍රතිකාරවලට යොමුවීමෙන් ඉක්මනින් නිට්ටාවට සුව කර ගැනීමේ අවස්ථාව ලැබේ. එසේ නොවුණොත් සිදුවන්නේ වේදනාව උත්සන්නවීම සහ එය කොඳු ඇට පේළියට බලපෑමයි. 


කොඳු ඇට පේළිය සම්න්ධ රෝග ඇතිවීමට විවිධ හේතු බලපායි. වැටීමක්, පහරදීමක්, වාහනයක ගැස්සීමක්, රිය අනතුරක්, කම්පනයක්, තමන් කරන වෘත්තිය අනුව (උදාහරණයක් ලෙස පරිගණක ආශ්‍රිත දීර්ඝ කාලීනව රැකියාවේ නියැළීම, වාහන පැදවීම, ඇඟලුම් කම්හල්වල සේවය කිරීම) වැනි වෘත්තීන් නිසා කාර්ටිලේජ් මඬල ගෙවීමට පුළුවන. 


මෙයට අමතරව ආමාශය (අම වාතය) දුර්වලතා කාර්ටිලේජවලට බලපායි. මෙහිදී වැරදි ඉරියව්ද රෝගාබාධ ඇති කරයි. උෂ්ණ අධික ආහාර, තෙල් සහිත ආහාර, නිවැරදි පෝෂණයක් නොලැබීම, ව්‍යායාම නැතිකම, කැල්සියම් නිපදවීම ප්‍රමාණවත්ව නොවීම වගේම කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නතරවීම නිසා හෝමෝන වෙනස්වීම ද කොඳු ඇට පේළිය ආශ්‍රිත රෝග ඇතිවීමට හේතු වේ. 


දණඉස් දියවීම, ආතරස්ටීස් වැනි රෝග තත්ත්වද  ඉතා වේදනාකාරී ය. මේ සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයේදී ප්‍රතිකාර වශයෙන් සිදු කරන්නේ කෘත්‍රිම ඩිෂ් එකක් ශල්‍යකර්මයක් මගින් දැමීම ය. 
එහෙත් දේශීය ප්‍රතිකාරවලින් දණඉස් පොල්කටු අතර ජෙල් එක නැවත  සෑදීමේ හැකියාව පවතී. 


අප මුලින් සඳහන් කළ කාර්ටිලේජ් වෙනස්වීම වෙනස්වන ප්‍රමාණය වැඩි  වුවහොත් ඒ කාර්ටිලේජ් තල්ලු  වී සුෂුම්නාව ස්නායු පද්ධතියට තෙරපී හානි සිදු වුවහොත් රෝගියාගේ අපහසුතා තවත් වැඩි වේ. 


අන්තර් කශේරුකා ගෙවීම. වේළීම, අස්ථි දිරායාම, අස්ථි වියළීම, අඩපණ වූ අස්ථි පණ ගැන්වීම, සුෂුම්නාවේ තෙරපීම දේශීය ප්‍රතිකාරවලින් නිවැරදි කළ හැකිය. එහෙත් දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලදී ඉක්මන් සුවයක් ලැබෙන්නේ නැත. ලැබෙන්නේ  ස්ථිර සුවය යි. 


කොඳුඇට පේළිය දරා සිටින්නේ ඩිෂ් එකක් මත ය. එදිනෙදා ජීවිතයේ විවිධ හේතු මත ඩිෂ් එක වෙනස් විය හැකිය. එහි යම්කිසි රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් වඩාත් සුදුසු වන්නේ ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීමය. 
 

 


 ශාන් බන්දු වීරසිංහ


 

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

මට මගේ සැමියව පේන්න බැහැ Read Next

මට මගේ සැමියව පේන්න බැහැ

Realted Post

Leave a comment