බෝනොවන රෝග සඳහා යෝග විද්‍යාව

වර්තමාන සමාජයේ බහුල වශයෙන් ලොකු කුඩා සෑම අයකුම පාහේ බරපතළ ලෙස බටහිර ඖෂධ සඳහා වැඩි නැඹුරුවක් දක්වයි. මෙය ඔබ විසින්ම  ඔබට කරගන්න අති විශාල හානියක් ලෙස දැක්විය හැක. ඔබ ගන්නා සෑම ඖෂධයක්ම ඔබව සම්පූර්ණ වශයෙන් සුවපත් කිරීමට අසමත් වුවත් තවමත් අද සමාජය බටහිර ඖෂධ පසුපස හඹායන්නේ දිවියෙකු තම ගොදුර පස්සෙ හඹායන්නාක් මෙනි. 

නමුත් මෙහි ඇති ඉතාම බිය දනවන කාරණය වන්නේ ඖෂධ කාලයක් තිස්සේ ලබා ගැනීම නිසා ඔබගේ සිරුරේ සම්පූර්ණ පද්ධතියම ඉක්මනින් වීනාශයට පත්වීමයි. උදාහරණයක් ලෙස අද සමාජයේ බොහෝ දෙනෙක්ට හා ඔබට සෑදෙන ඉතාම සාමාන්‍ය රෝගයන් ලෙස හිසේ රුදාව නැතිනම් ඔළුවෙ කැක්කුම හැන්විය හැක. මෙහිදී ඔබට ඉතාම සුළු නිල තෙරපීමක් මගින් ඔබගේ සාමාන්‍ය හිසේ රුදාවට පිළියමක් සොයා ගත හැක. 

නමුත් අවාසනාවන්ත කමක මහත.අද ඔබ බටහිර වෛද්‍ය ක්‍රමයේ පැරසිටමෝල් පෙත්තට හුරුවී හමාරය.ඔබ ට හිස රුදාව සෑදෙන සෑම අවස්ථාවකම ඔබ මොනතරම් නම් පැරසිටමෝල් භාවිතකර ඇතිද. එය ඔබගේ මොළයේ ස්නායු හිරිවැට්ටවීමක් මගින් තාවකාලික සුවයක් ලබා දෙනවා මිස වේදනාව සම්පූර්ණයෙන් සුවපත් නොවේ. නමුත් ඔබ ගන්නා පෙත්ත නිසා ඔබගේ වකුගඩු සඳහා වන බලපෑම ඔබ මීට පෙර කවදාවත් සිතා නොමැති විය හැක. මෙය ඉතාම සුළු රෝග අවස්ථාවක් පමණි. 
නමුත් ඔබට ඇත්තේ වෙනත් රෝග තත්ත්වයක් නම්, ඔබේ රු‍ධිර සීනි මට්ටම ඉහළ හෝ පහළ යනව නම් රුධිර පීඩනය අඩු හෝ වැඩි තත්ත්වයක් නම් මානසික අවපීඩනය වෙනත් මානසික ගැටලු කාන්තාවන්ගේ PCOD PCOS ග්‍රැස්‍ට්‍රරයිටිස්,  හුස්ම ගැනීමේ අපහසුතා, හදවත් රෝග, වකුගඩු රෝග, අග්න්‍යාශ රෝග, අක්මාවේ රෝග, පාකින්සන් වැනි රෝග තත්වයන්මෙ වැනි රෝග හා තව බොහෝ රෝග සදහා ඔබ කොපමණ නම් ඖෂධ ලබා ගන්නවා ඇද්ද.  
ඔබ දැන සිටියාද බොහෝ රෝග සඳහා අපගේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළත් ඉන්දියාවෙන් අපේ රටට ලැබුණත් යෝග විද්‍යාව තුළත් බොහෝ බෝ නොවන රෝග සදහා ඖෂධ සහ ආසන ක්‍රම ඕනෑ තරම් ඇති බව. තවද ප්‍රාණායාම ක්‍රම තුළින් පමණක් ඔබගේ රුධිර සීනි මට්ටම සේම අධි රුධිර පීඩනය පාලනය කිරීමට හැක. නමුත් මා පෙර කීවා සේම, තරම, අද බොහෝමයක් දුවන්නේ pharmacy සහ clinic මධ්‍යස්ථාන සොයාගෙනයි.  ප්‍රාණායාම ක්‍රම (යෝග වල හුස්ම ගැනීම පිට කිරීමේ ක්‍රමය) ආසන ක්‍රම  බන්ධන ක්‍රම නෙත්‍ති ක්‍රම භාවනා ක්‍රම  යෝග ප්‍රතිකාර  සහ තවත් බොහෝ ක්‍රම ඇත. 
මේ සෑම දෙයකින්ම ඔබට ඉතාම පහසුවෙන් ඔබගේ ලෙඩ රෝග සදහා පාලනය කිරීමක් මෙන්ම සම්පූර්ණයෙන් සුවපත් භාවටයටද පත්විය හැක. මෙයින් කිහිපයක් මම ඔබට ගෙන හැර දැක්වීමට කැමැත්තෙමි. 
පවන් මුඛ්ථ ආසනය ග්‍රැස්‍ට්‍රරයිටිස්  හුස්ම ගැනීමේ අපහසුතා  හදවත් රෝග සඳහා බෙහෙවින් උපකාර වේ. නවුකාසන ආමාශයේ රෝග අග්න්‍යාශ රෝග සඳහා ඉතාම සුදුසු ආසන්‍යකි. 
සේථු බන්දාසනය කොන්දේ වේද්නාව බෙල්ලේ අපහසුතා ශ්‍රවණ අපහසුතා සඳහා ගුණ දේ. 
සර්වාංග ආසන යෝග වල සදහාන් වන පරිදී සියයක් රෝග සඳහා බෙහෙවින් ඉවහල් වන ආසනයකි. (ගුරුවරයෙකුගේ උපදෙස් ලබා ගත යුතු වේ) 
භාවාසනය කාන්තාවන්ගේ අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීම තයිරොයිඩ ග්‍රන්ථයේ තයිරොක්සීන හෝමෝන ක්‍රමවත්ව ක්‍රියා කරවීම ගර්භාශය නිරෝගී කිරීම ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරවීම ප්‍රාණායාම චන්ද්‍ර බේදන ප්‍රාණායාම සූර්ය බේදන ප්‍රාණායාම  නාඩි ශෝදන ප්‍රාණායාම  මින් අතරින් නාඩි ශෝදන ප්‍රාණායාමය ප්‍රධාන වනවා සේම ලොකු කුඩා ඕනෑම අයකුට ගුණ දෙන ප්‍රාණායාම ක්‍රමයකි. 
අපගේ ශරීරයේ නාඩි හැත්තෑ දෙදහසක් පමණ ඇති බව යෝග හදාරන ඕනෑම අයකු දන්නා කරුනකි. සුෂුම්නා නාඩිය, ඉඩා නාඩිය හා පින්ගලා නාඩිය ඉන් ප්‍රධාන වේ. නාඩි ශෝදන ප්‍රාණායාම මගින් මේ සෑම නාඩියක්ම ක්‍රියාත්මක කරවීමේ හැකියාවක් පවති. අමතරව හොඳ ධාරණ ශක්තියක්, මතක ශක්තියක, මානසික ඒකාග්‍රතාවය,රුධිර ඔක්සිජන් ප්‍රමාණය පාලනය, ස්නායු පද්ධතිය පුනර්ජනනය කිරීම,හෝමෝන සමබර කිරීම හා වයසට යෑම පාලනය කිරීම වැනි බොහෝ දෑ ඔබට කායික ව හා මානසිකව අත්විඳිමට පිළිවන. 

නිරෑපණය -  ශමිලා වර්ණකුල

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්. Read Previous

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්.

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය Read Next

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය

Realted Post

Leave a comment