රෑට කෑම හරියටම කන්න ඕන විදිය

රාත්‍රී ආහාරය ගන්නවා නම් නිවැරදි වේලාවක් තියෙනව ද ? 

ස්වභාදහමට අනුකූල වීම තුළයි ඒ වේලාව ගැන නගින්නේ. අපිට විදුලිය තියන නිසා අපි හිතාගෙන ඉන්නේ එළිය වගේ කියලා. රෑත් දවාල වගේ තමයි දැනෙන්නේ. ඒ නිසා අපි රෑ 10 ටත් කනවා. රෑ 11 ට ත් කනවා. ඒක තමයි මිනිස් සමාජ ස්වභාවය. ස්වභාවදහමට අනුකූල නොවන විදියට තමන්ගේ ජිවිත හැඩගස්වා ගන්න බලනවා. 
නමුත් දිවාචර සත්වයෝ සවස 6 න් පස්සේ ආහාර ගන්න පෙළඹෙන්නැහැ. ඒ ගොල්ලෝ ඉර එළිය බැහැලා ගියාට පස්සේ තමන්ගේ වාසස්ථාන වලට ගිහින් විවේකීව ගත කරලා නිදා ගන්න එක තමයි කරන්නේ. 
ඉතිං මනුෂ්‍ය සත්ත්වයාටත් බොහොම සුදුසු සවස 6 ට කිට්ටුව රාත්‍රී 7 වෙන්න පුළුවන් රාත්‍රී 8 වෙන්න පුළුවන් තරම් අර ප්‍රායෝගික ජිවිතය තුළ ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙන්න ඕනි. 
සවස 6 - රෑ 8 වෙද්දී රෑ කෑම වේල අරං ඉවර කරනවා නම් ගොඩාක් හොඳයි. රෑ 9/10/11 පැත්තට යන්නැතුව. 
ඒ වගේම කැම අරගෙන ඒ කිට්ටුවම නිදා ගැනීම සුදුසු නැහැ. කෑම අරගෙන  පැය 2ක් වත් අවදි වෙලා නිදා ගැනීම තමයි වඩාත් සුදුසු වන්නේ. 

සමහරු පුරුදු වෙලා ඉන්නවා රෑ කෑමක් හොඳට අරගෙන රසවත් අතුරු පසකුත් ඒ සමඟ ගන්න. එය සුදුසු ද ? 

රාත්‍රී ආහාරය සුළු කරන්න ඕනි නිසා ඩෙසට් එකට පළතුරු වගේ දේවල් ගන්නවා නම් ඒ ටික විතරක් රාත්‍රී ආහාරයට ගත්තාම ඇති. අපි හිතමු රාත්‍රී සාදයකට ගියොත් මේ ක්‍රමය අනුගමනය කරන්න අමාරුයි. ඒ වගේ අවස්ථාවක නම් කෑමට ගත්තාට කමක් නැහැ. 
ගෙදර දොර දී නම් රාත්‍රී ආහාරය හිඟන්නෝ කන ක්‍රමයට කන්න කියන එක තමයි අන්ත්‍රොත් දේශණ වල කියලා තියෙන්නේ.  හිගන්නෙකුට ඩෙසට් එකක් හම්බෙන්නැහැනේ කොහොමත්. ඒ මනුෂ්‍යා පොඩි මොනවා හරි කාලනේ ඉන්නේ. 
ඒ වගේ ස්වභාවයක් යොදා ගන්න ඕනී රාත්‍රියේ දී. උදයට / දවල්ට ඕක කරන්න පුළුවන්. රාත්‍රී ආහර වේලට නම් පළතුරු ටිකක් කාලා නැත්නම් සැලඩ් ටිකක් කාලා හිටියොත් ඇති රාත්‍රී ආහාරය සඳහා.
අපි ඔය උපදෙස් බොහෝ විට දුන්නාම සමහරු කියනවා එහෙම කලාම නින්ද යන්නැහැ ඇඟට හරි නැහැ කියලා දැනෙනවා. ඒක අපි අර හුරුවුණු දේත් එක්ක අමාරුයි. 
හැබැයි එහෙම් තේරුම් අරගෙන කරන අයත් ඉන්නවා. ඒ ගොල්ලෝ බොහෝ වේලාවට රෑට එළවළු ටිකක් තම්බලා හෝ පළතුරු ටිකක් කාලා ඉන්න පුරුදු වෙනවා. බැරි කමක් නැහැ කාටවත් ඒ ක්‍රමය. 

සමහරු කියනවා පළතුරු ටිකක් විතරක් රෑට කෑවාම ඇගේ සීනි මට්ටම වැඩිවෙනවා. දියවැඩියාව වගේ තියන අපි කොහොමද ඔය ක්‍රම කරන්නේ කියලා. ඒ අයට මේ ක්‍රමය සුදුසු ද ? රෝගය වැඩිවීමක් වෙනව ද ? 

නැහැ. පළතුරු කියන එක දියවැඩියා රෝගයට කිසිම විදියට අතවනන ආහාරයක් වෙන්නැහැ. දියවැඩියාවට අතවැනීමක් වෙන්නේ මිනිස් ශ්‍රමයෙන් නිෂ්පාදිත සීනි/ සුදු පිටි (නිවුඩ්ඩ ඉවත් කරපු) පැණි / හකුරු වැනි කෑම වර්ග දියවැඩියාවට අතවනන දේවල්. 
පළතුරු වලින් දියවැඩියාවට අතවැනීමක් කිසිසේත්ම සිද්ධ වෙන්නැහැ. 
දියවැඩියාව තියන කෙනෙකුට වුණත් අපි කියන්නේ භාගේට ඉඳුණු පළතුරු කෑමට ගන්න කියලා.
ලේ වල සීනි හොඳින් පාලනය නොකරපු කෙනෙක්ට නම් අපි පළතුරු කෑම ටිකක් සීමා කරනවා. 
නමුත් දියවැඩියා රෝගීයකු වුණත් හොඳින් සීනි මට්ටම පවත්වා ගන්නවා නම් පළතුරු ගැනීමට අවස්ථාවක් සලසනවා. 
ප්‍රධාන ආහාර එක්ක ගත්තාම සීනි/ පිටි එකවර ගත්තාම සීනි බවට පත්වෙන හින්දා පළතුරු විතරක් කාලා හිටියට දියවැඩියා රෝගීන්ට සීනි මට්ටම වැඩිවෙන්නැහැ. 
මොකද පළතුරු වල තියෙන්නේ සුක්රෝස් කියන සීනි වර්ගය. ඒ සුක්රෝස් කියන සීනි ලේ වල සීනි කියලා හඳුන්වන ග්ලුකෝස් වලට පරිවර්තනය වීම වෙන්නේ බොහොම කලාතුරකින්. 
තව දෙයක් තමයි රෑට හොඳට කාලා බීලා හිටිය කෙනෙක් එක පාරටම කෑම වේල සුළු කරනවා ඒක හොඳ දෙයක් නෙමේ. ඇඟට හුරුවෙන්න ටිකෙන් ටික තමයි ඒ වෙනස කරන්න ඕනි. නැත්නම් ආහාර මාර්ග ආශ්‍රීත ගැටලු වලට නුදුරු අනාගතයේ දී මුහුණ පාන්න සිද්ධ වෙනවා.

උපදෙස් - කොළඹ ජාතික රෝහලෙහි පෝෂණවේදී , ඩී.එච්. ලියනගේ මහතා 
සටහන - මහේෂානී මීගහපොල

දුන්නෙන් ලෝකය අල්ලන අපේ ක්‍රීඩිකාවෝ Read Previous

දුන්නෙන් ලෝකය අල්ලන අපේ ක්‍රීඩිකාවෝ

දුන්නෙන් ලෝකය අල්ලන අපේ ක්‍රීඩිකාවෝ Read Next

දුන්නෙන් ලෝකය අල්ලන අපේ ක්‍රීඩිකාවෝ

Realted Post

Leave a comment